විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුප් කැට
    ස්ටොක් පවුඩර්
    පැණි බීම
    සෝයාමීට්
    පොලිශ් කරන ලද සහල්
    කොහිල අල
    නෙලුම් අල
    වැවු මාලු
    ඇරෝසන්
    පුක්ස්ජෝශ්
    2ඕසමා
    අන්තිම ප්‍රඩක්ට් තුන මොනාද බන්? අහලවත් නෑනෙ.

    kohila ala. nelum ala, waw malu nokanne ai?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔයා බෝතල් කරපු තෙල් ගන්නේ නෑ කියන්නේ මාකට් එකේ තියෙන ලුස් පොල් තෙල් ද ගන්නේ ?

    පොල් තෙල් වලට ආදේශකයක් විදිහට ගී (Ghee ) අරන් බලලා නැද්ද ?
    ඔව් ලූස් පොල්තෙල් වල පාට බලල තමයි ගත්තේ. වයිටන් ගෝල්ඩ් කලර් තෙල් තමයි ගත්තේ.
    ghee ගොඩක් තියෙන්නෙත් ඉම්පොටඩ් ඒවා නිසා ගත්තේ නෑ.
    ඉස්සර නම් හයිලන්ඩ් 300, 500 ml බෝතල් තිබ්බා දැන් හොයාගන්න නෑ.
    අමාරුවෙන් හරි පොල්තෙල් නොකා ඉන්න බැලුවේ.
     
    • Like
    Reactions: shameera89

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ඉස්සර්හ කොකාකෝලා බොන්න ඇබ්බැහි වෙලා හිටියා. දැන් අවුරුදු පහකින් කිසිම පැණි බීම ජාතියක් වැරදිලාවත් බීලා නෑ. ගෙදරකින් දෙන්න ඇහුවත් කට ඇරලා එපා කියනවා.

    ඉඳලා හිටලා බියර් එකක් බොනවා.

    සුප් කැට රස කාරක දාන්නෙ නෑ උයද්දි.

    පොල්තෙල් ගන්නෙ බෝතල් කරපුවා. ලූස් වලට කලවම් කරන හින්දා. ඒකට නම් කෙල උනා.

    කිරිපිටි ගන්නේ නෑ. ප්‍රෙශ් මිල්ක් බොන්නෙ. හයිලන්ඩ් විතරයි.

    සොසේජස් කලාතුරකින් ගන්නවා.

    කේ එෆ් සී වලින් පොඩි උන්ට කෑම අරන් දෙන්නෙ නෑ.

    ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් අරව මේවා ගන්නෙ නෑ.

    එළවලු ලුණු වතුරෙන් හෝදලා ගන්නෙ.

    අඩු ගානෙ බඩු වෙනුවට කොලිටියක් තියෙන මධ්‍යම ගානෙ බඩු ගන්නවා.

    බොනවා නම් සිගරට් උරනවා නම් ෆුඩ් සේෆ්ටි වලින් වැඩක් නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්තිම ප්‍රඩක්ට් තුන මොනාද බන්? අහලවත් නෑනෙ.

    kohila ala. nelum ala, waw malu nokanne ai?

    අන්තිම ප්‍රඩක්ට් තුන හදන්නෙ ඌරු මලපහ වලට වවුල් වසුරු එකතුකරල මඩ වතුරෙ පල් කරල

    වතුර වලට එන රසායනික ,බැරලෝහ තැම්පත් වෙලා තියන නිසා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්තිම ප්‍රඩක්ට් තුන හදන්නෙ ඌරු මලපහ වලට වවුල් වසුරු එකතුකරල මඩ වතුරෙ පල් කරල

    වතුර වලට එන රසායනික ,බැරලෝහ තැම්පත් වෙලා තියන නිසා
    මොන ලබ්බක්ද මට තේරෙන්නෙ නෑ බන්.

    ඔව් ඔය බැර ලෝහ කේස් එක නම් තියෙනවා. ඒත් ඉඳලා හිටලනෙ කන්නෙ කියලා කනවා.

    තව දෙයක් කියන්න අමතක උනා ෆුඩ් සේෆ්ටි වැඩි කරගන්න පුලුවන් එක විදිහක් තමයි එකම දේවල් කන්නෙ නැතිව එක එක ජාති කන එක.

    වේරියේශන් එක වැඩි කලාම වස විස උනත් ලැබෙන ප්‍රමාණ වෙනස් විටමින් වර්ගත් විවිධ දේවල් හම්බෙන්නෙ. උදාහරණෙකට කිව්වොත් අල ජාතිම කීයක් තියෙනවද? ඒත් අපි හැමදාම කන්නෙ අර්තාපල්.

    ඒත් ඉතින් ටවුන් එකේ ඉඳන් කීල්ස් එකෙන් බඩු ගන්න අපිට ගන්න තියෙන්නෙ එකම දේවල් තමයි.

    බැර ලෝහ කතාව කියපු හින්දා මතක් උනේ. දැන් ඉතින් ඛෝ හරි ගිහිල්ලා ඇලක ගඟක වත් නාඅන්න බෑනෙ. නාන තැන කැලේ ලස්සන වතුර ටික තිබ්බට එව්වා එන්නෙම ගොවි බිම් ටවුන් මැදින්. එතනම ඔක්කොම ජරාවයි වස විසයි.
     
    • Like
    Reactions: castellain

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    පාන් පිටි වලට ආදේශක පොල් පිටි ගන්න පුළුවන් Organic (මේකට psyllium husk මික්ස් කරගන්න පුළුවන් )

    කොලා පැණි බිම වෙනුවට තැඹිලි / පොල් වතුර / තේ කොපි ෆ්‍රෙෂ් මිල්ක් (NLDB / Pelawatta / Highland)

    සිනි නැතුව ම බැරි නම් එක වෙනුවට Stevia පාවිච්චි කරන්න පුළුවන් / රට ඉඳි ගැනත් කියවෙනවා හැබැයි සුවර් නෑ

    පොල් තෙල් වලට නම් එළඟි තෙල් / Organic Coconut Oil ganna puluwan

    thava post karannam mathak unoth
     
    • Like
    Reactions: castellain

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පිලිකාකාරක කෑම කියල එකක් නෑ පුතා.පිලිකාකාරක කෑම කියන්නෙ හෙලවෙන මනසට
     
    • Haha
    Reactions: castellain

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපිට බැරිද මචංලා ebay,amazon ඒවගෙන් කෙලින්ම ඇමරිකාවේ සුදු මහත්තුරු කන බඩු ගෙන්න ගන්න
    කිරිපිටි,හාල්,පැනි බීම වගේ ඒවා එතකොට එලවලු වෙනුවට organic vegetables supplemental වගේ ඒවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    168120358_3962067703854471_8047176452085527792_n.jpg
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    gedara kema hadan kana eka thamai godak honda. eth ewata dana dewaluth visa kalawam karapuwa unahama kisima wisadumak na.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේක්ෂා එකට ගිහිල්ල දානයක් එහෙම දීපන්කො.
    ඒ මිනිස්සුන්ට ඒ ලෙඩ හැදිලා තියෙන්නේ අපි කන කෑම ප්‍රමානෙට වඩා අඩුවෙන් කෑම කාලා.
    සමහර විට හේතු දන්නෙත් නෑ.
    ඒ නිසා කෝකටත් පරිස්සම් වෙනවා.
    මන් කිව්වේ මගේ ගෙදර අය food safety ෆලෝ කරන විදිය.
    ඔයා කැමති කෑම කන්න ඔයාට අයිතිය තියෙනවා. 😆
    And also talks to a doctor there.


    හරි උබලා එක්ක මම මගේ එක්පිරියන්ස් බෙදා ගන්නම්. මේක හේතු වෙයි උබලගේ ජිවිත වෙනස් වෙන්න. උබල දන්නවා ඇති මම වකුගඩු බද්දයක් කරලා තියෙන්නේ. 2015 දී කලේ . මේකට හේතු උන කාරනාව ඒ කියන්නේ කොස් එක හොයාගන්න බැරි උනා. ඉතින් මගේ පටක සාම්පල යැව්වා රට මොකද මෙහෙ එහෙම තාක්ෂණයක් නැති නිසා. එකේදී අහු උනා පටක වල කෙමිකල් එකක් (මොකක්ද කියල මට කිව්වේ නැ ) තැන්පත් වේලා තියනවා කියල. ඉතින් මම කල්පනා කළා මොකක්ද කියල. මම ස්කොලේ යන කලේ දෙය්යන්ගේ ලෙඩේට බෙහෙත් ගත්ත. එක දෙන ඩොක්ටර් කිව්වා මේක පහු කාලීනව බයානක ප්‍රතිපල එනවා ඔයාට ඕනෙම නම් විතරක් බොන්න කියල. බිව්වා. අන්න ඒ කෙමිකල් තමා අගේ දිගටම වැඩ කරලා තියෙන්නේ.

    පස්සේ මම ඔය ෆෝරම් වල ගිහින් එහෙම මේ ගැන සැහෙන්න හෙව්වා දැන් අවරුදු 7 ක විතර් ඉදන්. වෙන්නේ මේකයි. අපි ගන්න අහාර වල තියෙන්න විශාල අංශු (වකුගඩුවේ ෆිල්ටර් හරහා යන්න බැරි ශරීරයෙන් පිට කල යුතු අංශු ) තැන්පත් වෙනවා සයිල වල. ඒවා කාලෙන් කාලෙට ලේ වලට එකතු වෙලා පෙරන්න යනවා. දැන් වෙන්නේ එක අයින් කරන්න ඕනේ හැබැයි ෆිල්ටර් එකෙන් යන්න බැ . අන්න ඒ වෙලාවට ෆිල්ටර් එක කඩාගෙන යනවා. වකුගඩුව හැකිලෙනවා කියන්නේ මෙන්න මේකට.

    ඉතින් අපි ක්ලිනික් වලට යනකොට හම්බෙනවා එක එක අය. එක්කෙනෙක් ඩුබායි වල ඉදලා තියෙනේ .වතුර වෙනුවට කොකා කොලා බිල තියෙන්නේ. මෙහෙට අවාම CKD ලෙවල් 1 වෙලා. බලනකොට එකට හේතුව අරක. ඒ කියන්නේ කොකා කොලා වල බැර අංශු තියනවා කියන එක.

    අපිට පෙන්නුවා මිනිස්සුන්ගේ වකුගඩු ස්ථර මැෂින් එකකට දාල ඒ අස්සෙන් මිනිස්සු පාවිච්චි කරන කෑම වර්ග වල අවසාන බ්රේක් වෙන සගටක යවලා. හොදට පේනවා වැඩේ වෙන විදිහ. උබලා විශ්වාස කරන එකක් නැ . අරක්කු වලින් කිසිම හානියක් නැ . එතනෝල් අනුව කියන්නේ හරි ලේසියෙන් පෙරන්න පුළුවන් අනුවක්. හැබැයි කොකා කොලා වල තියන කෙමිකල් පෙරන්න් හරිම අමාරුයි

    අපි KT එක කරලා එනකොට අපිට දෙන උපදෙස් ටික මෙන්න. මේවා අපිට විතරක් නෙමේ අද කාලේ හැම කෙනාටම වැදගත් වෙයි. මේවා ඩොක්ටර් ලා කියන්නේ නැ . පනට ආදරේ නිසා. එත් අපි ජිවත් වෙලා ඉන්නේ සහෙනම ගානක් වියදම් කරලා නිසා අපිට එනකොට වාචිකව කියනවා

    1. කිසිම ආකාරයක සිසිල් බිම බොන්න එපා (ෆිල්ටර් බ්රේක් වෙන අනු නිසා )
    2. දුම් පානය කරන්න එපා.
    3. වතුර උණු කරලා විදුරු බදුනක දාල හොදට නිවලා බොන්න.(ඇයි කියල දන්නේ නැ )
    4. කිසිම කඩේකින් කිසිම කෑමක් කන්න එපා. (මේක නම් තේරෙනවනේ මොකක්ද කියල )
    5. ෆාම් කුකුල් මස් තහනම්. (උන්ට ගහන බෙහෙත් උන්ගේ සයිල වල තියනවා. ඒවා අපේ අගට එනවා). හරක් මස් පමණක් ගන්න.(මම හරක් මස් කන්නේ නැත .)
    6. සතියකට හොද වර්ගයේ බියර් විදුරු දෙකක්. හෝ පිරිසිදු එතනෝල් 50 ML. (බොන්නම ඕනේ නම් . මම අවරුදු 5 ඉවර වෙනකන් බිව්වේ නැ බයට. දැන් පාටි එකකට ගියාම බියර් එකක් බොනවා )
    7. දවසට විනාඩි 20 ක් ඇවිදින්න ඕනේ ජෝගින් විදිහට. එකෙන් පෙරෙන රේට් එක වැඩි වෙනවා අපේ ඇගෙන් අපද්‍රව්‍ය පිට වෙනවා වැඩි. එකයි ගොවිතැන් කරන මිනිස්සුන්ගේ ආයු කාලය වැඩි.
    8. වතුර ලීටර් 2-3 අතැර බොන්න ඕනේ එක වර වීදුරුවකට වඩා බොන්න එපා.

    තව සැහෙන්න කිව්වා මතක නැ . මේ ටික මම දවස ගානේ පිළිපදින දේවල් නිසා මතක තියෙන්නේ . ඔය පිළිකා වගේමයි වකුගඩු කෙස් එකත්, 99% ක් ම දමේජ් වෙනකන් දන්නේ නැ . කිසිම ඉගියක්වත් නැ . මම ජොබ් එකේ South Africa යන්න විසා හදාගන්න මෙඩිකල් එක කරනකොට තමා අහු උනේ. මගේ කිසිම වෙනසක් තිබ්බේ නැ . මේ යන විදිහට ඉස්සරහට වකුගඩු ලෙඩ්ඩු හුගක් ඉදි ලංකාවේ. ඒක මට පේනවා හොදට මගේ අත්දැකීම් වලින්. ඩොක්ටර් ලා හුග දෙනෙක් මේවා ඔක්කොම දනනවා. ඒ අය කියන්නේ නැ . ඇත්ත කතාව එහෙම කියන අයගේ අවසානය හරිම බයානකයි. ඒ නිසා පුලුවන්නම් ඩොක්ටර් නෙකෙන් ලගින් ආශ්‍රය කරන්න. එහෙම කරනන්කොට එයාල එකක් දෙකක් කියනවා.
    ------ Post added on Apr 6, 2021 at 3:03 PM
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කන්න බොන්න තියන දේවල් වලින් 90% වැඩි ප්‍රමානයක් ශරීරයට අහිතකරයි කියලා තමයි කියන්න වෙන්නේ.:cry:
    පාංපිටි වල ඉස්සර ගුල්ලෝ ඉන්නවා- දැන් නැහැ mix chemical
    හාල්වල ඉස්සර ගුල්ලෝ ,පොඩි කෘමීන් ඉන්නවා
    පුස් අල්ලනවා - දැන් නැහැ mix chemical

    කොත්තමල්ලි ගබඩාවල මාසගනන් පුස්කාල අවපැහැ උනාම කෙමිකල් එකක් දානවා රන්වන් පැහැ වෙලා එන්න.
    සොසේජස් වර්ගවල ඉහල පිලිකා අවදානමක් තියනවා. සමහර ටින්කරපු ආහාර වර්ගත් එහෙමයි.
    අපි දන්න දේ අල්ප වෙන්න පුලුවන්.

    රැල්ලට වගේ දන්න දේවල් ටිකක් ගැනම කිව්වට තව ඕනෑතරම් තියෙන්න පුලුවන්
    එලවලු පලතුරු ගැන හිතන්න....ඒවාට ගහන කෙමිකල්.. 👹
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔව් ලූස් පොල්තෙල් වල පාට බලල තමයි ගත්තේ. වයිටන් ගෝල්ඩ් කලර් තෙල් තමයි ගත්තේ.
    ghee ගොඩක් තියෙන්නෙත් ඉම්පොටඩ් ඒවා නිසා ගත්තේ නෑ.
    ඉස්සර නම් හයිලන්ඩ් 300, 500 ml බෝතල් තිබ්බා දැන් හොයාගන්න නෑ.
    අමාරුවෙන් හරි පොල්තෙල් නොකා ඉන්න බැලුවේ.
    ගෙදර පොල්තෙල් ටිකක් හිදගනින් එච්චර අමාරු නෑ.....
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ගෙදර පොල්තෙල් ටිකක් හිදගනින් එච්චර අමාරු නෑ.....
    ඔව් මචන අර උඩින් දාල තියෙන මැෂින් එකක් ගන්න කියලා බැලුවේ.
    එහෙම බැලුවොත් පොල්තෙල් මෝලකුත් දාගන්න එක ලේසියි වගේ. 😆
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔව් මචන අර උඩින් දාල තියෙන මැෂින් එකක් ගන්න කියලා බැලුවේ.
    එහෙම බැලුවොත් පොල්තෙල් මෝලකුත් දාගන්න එක ලේසියි වගේ. 😆
    පොල්ගෙඩි 10ක් ගනින්.. ගාල ලිපේ තියපන් තැම්බුනහම හොඳට මිරිකලා කිරි ටික ආයේ ලිපේ තියපන්,,, මහා ලොකු දෙයක් නෑ උඹට තව විස්තර ඕනේ නම් අම්මගෙන් අහල කියන්නම්..
    අම්මා කරන ඒවා දැකල කිව්වේ...

    youtube එකෙත් ඇති බලපන්