මේ දවස්වල කඩ කෑම කන්න බෑනෙ සිංහලුන්ට..
නෝමල් චිකන් කොත්තුවකුත් 800ක් විතර වෙනව මන් හිතන්නෙ

ඉතින් අද හැදුව සුපිරි චිකන් කොත්තුවක් කඩේ රසටම..
වැඩි වියදමක් නෑ මන් හිතන්නෙ රු. 350ක් යන්නෙ නෑ ඔක්කොටම
View attachment 183579
මේක හදන්න ඕන වෙන්නෙ මේව:
කපපු කොත්තු රොටි පැකට් එකයි (MDK එක 450යි ගන්නකොට. 4 සැරයක් වගේ හදන්න පුළුවන් එක්කෙනෙක්ට නම්)
කලින් හදපු චිකන් කරියක් (හොද්ද වැඩියෙන් තියල චිකන් පොඩ්ඩක් හැදුවම ඇති)
සුදුළූණු, ලොකු ළූණු, අමු මිරිස්, කෑලි මිරිස්, පොල්තෙල්, ලුණු, තක්කාලි, කරපිංචා කොල, කැරට්, ගෝවා/ලීක්ස් (optional)
තක්කාලි සෝස් (KVC 400g එක 280යි උනේ), සෝයා සෝස් (200ml 155යි)
හදන හැටි:
ලොකු තාච්චියක් (wok) ලිපේ තියල තෙල් ටිකක් දාන්න.. තෙල් ටික රත් වෙනකොට සුදුළූණු දාල ලා දුඹුරු වෙනකන් ඉන්න..
දැන් පිලිවෙලින් ලොකුලූනු, තක්කාලි, කැරට්, අමු මිරිස්, කරපිංචා කොල දාල ඊට උඩින් තක්කාලි සෝස් මේස හැන්දක් වගේ දාන්න..
දැන් කෑලි මිරිස් ටිකක් දාල හොඳට කවලම් කරන්න.. ඒකටම සෝයා සෝස් මේස හැන්දකුත් දාල කලින් හදපු චිකන් හොද්දෙන් කෑලි ටික විතරක් දාල කවලම් කරන්න..
(මේ අතරට ගෝවා, ලීක්ස් දානවනම් දාගන්න)
ඊටපස්සෙ කොත්තු රොටි කෑලි ටිකයි චිකන් හොදි ටිකකුයි දාල විනාඩි 2ක් වගේ කවලම් කරගන්න..
අන්තිමට රස අනුව ලුණු ටිකක් දාල ගන්න.. එච්චරයි
බිත්තර ගණන් නිසා මම බිත්තර ගත්තෙ නෑ.. වෙනදනම් ඕකට බිත්තරයක් දාල තමයි හදන්නෙ.. ඒත් සෝයා සෝස් දාන නිසා කඩේ රස එනව හොඳට.. හදල බලන්නකො