සවුත්තු දවස් ටිකක්
මේ ටිකේ මට හරිම සවුත්තුයි..
හෙම්බිරිස්ස වගේ හැදිල ඇඟටත් හරි නෑ..
පෙරේද (ඉරිද) පූස් පැටියෙක් කෙල පෙරාගෙන ඉන්නව මොනාද හිර වෙලා වගේ. ළඟට අරං බැලුවම ගොර ගොර ගානව. බය වෙලා පැත්තකට වෙලා ඉන්නව.
කට ඇතුල බැලුව මොනාහරි හිරවෙලාද කියල. මොකුත් නෑ
ගෙනිච්චි ප්‍රයිවට් පශුවෛද්‍ය කෙනෙක් ගාවට. කිරි හිර වෙලාලු. පෙනහලුවලටත් ගිහින්ලු. බේරගන්ඩ පුලුවන් වෙයි කියල හිතන්ඩ බෑලු. කොහොමහරි ඉන්ජෙක්ෂන් දෙකක් විදල, පොවන්ඩ කියල බෙහෙතුත් ලියල දුන්න. ඔන්න ගෙදර ගෙනාව
තාම කෑමවත් කන්නෙ නැති සතාට කොහොමද බං බෙහෙත් පොවන්නෙ
මම කිව්ව ඕව පොවන්ඩ ඕනෙ නෑ. ඕකට ඉස්බෝලෙ ගිහින් තියෙන්නෙ. තවත් ඉස්බෝලෙ යයි කියල.
දොස්තර කිව්ව නිසා ආපු කෙල ටික එක පාරක් පිහල දැම්ම.
අප්පට ගෙදර ගෙනල්ල පැය 2කින් විතර මෙන්න මූට හොඳ වෙලා. තනියම පැත්තකට වෙලා හිටපු එකා ආයෙත් අරුං එක්ක පොරකකා කිරි බොනව
පොවන්ඩ කියල දුන්නෙ Augmentin එකයි පිරිටන් සිරප් එකයි. ඕව පොවන්ඩ ගියෙ නෑ බං. විදපු බෙහෙත් දෙක තමා ඉතිං.
අද බල්ල කන තුවාල වෙන්ඩම කසා ගෙන. මීට කලිනුත් ඕක තුවාල කරගෙන තියෙනව. ඒත් අද ලේ බින්දු බින්දු වැටෙනව හෝ ගාල. දැක්කම බය හිතෙනව. බැලුව බැලුව හරියන්නෙ නෑ. ඒකවත් උස්සං ගියා. ඌටත් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව. දැං ලේ යන්නෙ නෑ. ලේ ඝනකං වෙන්ඩ බෙහෙතකුත් ලියල දුන්න.. කලිසමයි ටී ෂර්ට් එකයි ඉවරයි. බල්ල එක විදියකට ඉන්නෙත් නෑ දඟලනව පිට තැනකට ගෙනිච්චම

ඕකුන්ට වෙදකන් කරලම අතේ තියෙන සල්ලි ටික ඉවර වෙයි නේ