සවුත්තු දවස් ටිකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    සවුත්තු දවස් ටිකක්

    මේ ටිකේ මට හරිම සවුත්තුයි..
    හෙම්බිරිස්ස වගේ හැදිල ඇඟටත් හරි නෑ..
    පෙරේද (ඉරිද) පූස් පැටියෙක් කෙල පෙරාගෙන ඉන්නව මොනාද හිර වෙලා වගේ. ළඟට අරං බැලුවම ගොර ගොර ගානව. බය වෙලා පැත්තකට වෙලා ඉන්නව.
    කට ඇතුල බැලුව මොනාහරි හිරවෙලාද කියල. මොකුත් නෑ
    ගෙනිච්චි ප්‍රයිවට් පශුවෛද්‍ය කෙනෙක් ගාවට. කිරි හිර වෙලාලු. පෙනහලුවලටත් ගිහින්ලු. බේරගන්ඩ පුලුවන් වෙයි කියල හිතන්ඩ බෑලු. කොහොමහරි ඉන්ජෙක්ෂන් දෙකක් විදල, පොවන්ඩ කියල බෙහෙතුත් ලියල දුන්න. ඔන්න ගෙදර ගෙනාව
    තාම කෑමවත් කන්නෙ නැති සතාට කොහොමද බං බෙහෙත් පොවන්නෙ :baffled:
    මම කිව්ව ඕව පොවන්ඩ ඕනෙ නෑ. ඕකට ඉස්බෝලෙ ගිහින් තියෙන්නෙ. තවත් ඉස්බෝලෙ යයි කියල.
    දොස්තර කිව්ව නිසා ආපු කෙල ටික එක පාරක් පිහල දැම්ම.
    අප්පට ගෙදර ගෙනල්ල පැය 2කින් විතර මෙන්න මූට හොඳ වෙලා. තනියම පැත්තකට වෙලා හිටපු එකා ආයෙත් අරුං එක්ක පොරකකා කිරි බොනව :baffled:
    පොවන්ඩ කියල දුන්නෙ Augmentin එකයි පිරිටන් සිරප් එකයි. ඕව පොවන්ඩ ගියෙ නෑ බං. විදපු බෙහෙත් දෙක තමා ඉතිං.

    අද බල්ල කන තුවාල වෙන්ඩම කසා ගෙන. මීට කලිනුත් ඕක තුවාල කරගෙන තියෙනව. ඒත් අද ලේ බින්දු බින්දු වැටෙනව හෝ ගාල. දැක්කම බය හිතෙනව. බැලුව බැලුව හරියන්නෙ නෑ. ඒකවත් උස්සං ගියා. ඌටත් ඉන්ජෙක්ෂන් දෙකක් ගැහුව. දැං ලේ යන්නෙ නෑ. ලේ ඝනකං වෙන්ඩ බෙහෙතකුත් ලියල දුන්න.. කලිසමයි ටී ෂර්ට් එකයි ඉවරයි. බල්ල එක විදියකට ඉන්නෙත් නෑ දඟලනව පිට තැනකට ගෙනිච්චම
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    giphy.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතන්නේ ඒ පැත්තේ පශු වෛද්‍ය තුමා තනිකරම ජිවත් වෙන්නේ අනුරාදගේ සත්තුන්ට වෙදකන් කරලා :yes:
     
    • Haha
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මම හිතන්නේ ඒ පැත්තේ පශු වෛද්‍ය තුමා තනිකරම ජිවත් වෙන්නේ අනුරාදගේ සත්තුන්ට වෙදකන් කරලා :yes:

    ප්‍රයිවට් තැනකට ගෙනිච්චෙ අර රජයේ උලමව මට එච්චර අල්ලන්නෙ නෑ
     
    • Like
    Reactions: vito

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රයිවට් තැනකට ගෙනිච්චෙ අර රජයේ උලමව මට එච්චර අල්ලන්නෙ නෑ
    අනුරාදගේ ගෙදර සත්තු කීයක් ඉන්නවද හැබෑට :oo: ඕකුන්ට වෙදකන් කරලම අතේ තියෙන සල්ලි ටික ඉවර වෙයි නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    අනුරාදගේ ගෙදර සත්තු කීයක් ඉන්නවද හැබෑට :oo: ඕකුන්ට වෙදකන් කරලම අතේ තියෙන සල්ලි ටික ඉවර වෙයි නේ

    එච්චර ලොකු ගාණක් ගියෙ නෑ බං. අද 500ක් ගත්ත. එදා 300ක් ගත්ත. පාමසියෙන් ගත්ත ඒවට වෙනම ගාණක් තව යනව. එදා augmentin එකයි පිරිටන් සිරප් එකයි නොදුන්නට එන ගමන් පාමසියෙන් ගෙනාව අපරාදෙ. ඒකට රුපියල් තව 400ක් විතර යන්ඩ ඇති. අද ලියල දුන්න ඒව තාම ගෙනාවෙ නෑ. මගෙ සල්ලි නෙමේනෙ බං. මට කොයින්ද සල්ලි. ගෙදර අයගෙ සල්ලි තමා ඉතිං..
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    4දෙනාවම හදන්ඩ බෑ. දෙන්නෙක්ව හරි එකෙක්ව හරි තියාගන්නව. අනිත් අයව කට්ටියක් ඉල්ලුව.

    ඔව් නැත්තං උඹට ඉන්න ගෙදරත් විකුණන්න වෙනවා සත්තු වෙනුවෙන්....
    එහෙම නැත්තං උඹට පූස් ලෙඩක් හැදෙනවා.... :yes:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එච්චර ලොකු ගාණක් ගියෙ නෑ බං. අද 500ක් ගත්ත. එදා 300ක් ගත්ත. පාමසියෙන් ගත්ත ඒවට වෙනම ගාණක් තව යනව. එදා augmentin එකයි පිරිටන් සිරප් එකයි නොදුන්නට එන ගමන් පාමසියෙන් ගෙනාව අපරාදෙ. ඒකට රුපියල් තව 400ක් විතර යන්ඩ ඇති. අද ලියල දුන්න ඒව තාම ගෙනාවෙ නෑ. මගෙ සල්ලි නෙමේනෙ බං. මට කොයින්ද සල්ලි. ගෙදර අයගෙ සල්ලි තමා ඉතිං..
    කාගේ සල්ලි උනත් ළමයෙක් හදනවා වගේම වියදන් යනවනෙ සත්තු හදන්න :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    කාගේ සල්ලි උනත් ළමයෙක් හදනවා වගේම වියදන් යනවනෙ සත්තු හදන්න :yes:

    එච්චරම සැපට ඕකුන්ව හදන්නෙ නෑ..
    කන්ඩ බොන්ඩ ටික එළටම දෙනව..
    විටමින් ජාති අරව මේව දෙන්නෙ නෑ.. ලොකු අමාරුවක් උනොත් විතරයි ඉතිං දොස්තරකෙනෙක් ගාවට ගෙනියන්නෙ..
    බව්ව ඇවිල්ල වල්ටේෂන්. පූසො ටික ලෝකල් :D එච්චර ලොකු සාත්තුවක් ඕනෙ නෑ..
    ඉඳල හිටල පණු බේත් ටික දීල. මැක්කො ටික පාලනය කලාම එච්චරයි..
     
    • Like
    Reactions: vito

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලව එලෝල පූස් පැටව් ටික තියාගනිං බං ගෙදරම සිරියාවයි උන් හිටියාම :love: