මචන් එහෙනම් බුදු හාමුදුරුවෝ කාශ්‍යප තෙරුන්ගේ(රහත් වීමට ප්‍රථම උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ සමග සිවුරු මාරු කළහ) ඉතා මෘදු සිවුර පිළිගත්තේ ඇයි කියලා කියපන්කෝ....!
අවසන් විග්‍රහය :
උගත් බුද්ධිමත් නියම බෞද්ධයන් යැයි කියාගත් මේකට ගොඩවැදුණු අයගේ අදහස :
01. සිවුර කොතනද අප එයට කොන්දේසි විරහිතව ගරු කළ යුතුය. වඩාත් වැදගත් වන්නේ ඒ තුළ සිටින මිනිස් ජීවියා නොව, සිවුරය... එබැවින් බුද්ධාගම නාමයෙන් සිවුරට මුවහ වුණු ගණින්නාන්සේලාට වුවද සිවුරේ නාමයෙන් වැඳ වැටිය යුතුය.
02. බොහෝ මිථ්‍යාදෘෂ්ටිකයින් භික්ෂුන්ට ඊර්ෂ්‍යා කරන්නේය... සැප වාහන, රජ මාලිගා වැනි විහාර මන්දිර, මිල අධික ෆෝන් ආදිය භාවිතා කිරීමට භික්ෂුවට වාසනාව ඇති නිසාත්, මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඒ වාසනාව නැති නිසාත් දිගට හරහට සැප විඳින භික්ෂුවට පහර ගසන්නේය... අවලාද නගන්නේය....
03. බුදු දහම යනු වැළලී යන ආගමක් බවත්, එය බුදු දහමේ පසක් කරන අනිත්‍ය තව තවත් සත්‍ය කරන බැවින් නූතන භික්ෂුව ඒ දහමට යටත්ව ශාසනයේ සිටම බුදු දහම විනාස කිරීම කම් නැත.... මන්ද යත් අනිත්‍ය එයින්ම සනාථ වන බැවිනි...
04. භික්ෂුව නූතන අර්ථ ක්‍රමයට හැඩ ගැසිය යුතු බවත්, ඉදිරියේ දී එන ඕනෑම ක්‍රමයකට හැඩ ගැසීමට භික්ෂුවට ඇති අයිතියට කවුරුන් හෝ පහර ගැසිය යුතු නැත....
මිථ්‍යාදෘෂ්ටික, නූගත් අපගේ අදහස :
01. සිවුර යනු අල්පේච්චතාවයේ සංකේතයකි... මිනියක් ඔතා තිබූ නිකංම රෙද්ද සිවුරක් වූයේ භික්ෂුව ඇඳගත් නිසාය... එය නැවතත් මළමිනියකට පෙර වුවහොත් නිකන්ම රෙද්දක් වන්නේය.... එබැවින් සිවුර යනු විළි වසා ගැනීමට ඇති තවත් රෙද්දක් ද නැත්තම් බෞද්ධයාගේ ගෞරවයට පාත්‍රය විය යුතු සිවුරක් ද යන්න තීරණය කල යුත්තේ සිවුර නොව භික්ෂුවය... ඕනෑම සිවුරකට ගෞරව කළ යුතුයි යන්නෙන් අදහස් වන්නේ ඕනෑම හොරෙකුට සිවුර තුළින් ආවරණය ලැබිය හැකි බවයි... එබැවින් සිවුර ඇඳ යමෙක් බුදුදහමට පටහැනි දෙයක් කරන්නේ නම් නියම බෞද්ධයා බුදුදහමේ චිරස්ථිතිය සඳහා වහ ඉදිරිපත් විය යුතුය.
02. බුද්ධ දේශනාවේ වැදගත්ම දේ මැදුම් පිළිවෙතය.... ගිහියාට වඩා භික්ෂුව සරල, අල්පේච්ච, ගිහියාට උපමාවක් විය යුතු පුද්ගලයෙකු විය යුතුය... ගිහියාට නොඇලීමේ , අත්හැරීමේ ආදීනව පෙන්වමින් එම ගිහියාගෙන්ම යැපෙමින් සුකුමාර ජීවිතයක් ගත කිරීම බුද්ධාගමට ද පටහැනි අතර සදාචාරය සම්බන්ධ ගැටලූවක් ද වේ.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යනු වැදගත්ම උපදේශයකි...
03. සිංහලයාගේ කුසීතකම, නොහැකියාව වසා ගැනීමට භාවිතා කරන එකම වචනය ඔක්කොම අනිත්‍යයයි යන්නය... . ඒ හින්ද අපේ පරම්පරාවෙන්ම සියල්ල කා දමා විනාශ කළ යුතුය යන්නට අප විරුද්ධය.... අපේ අතීත පලරම්පරාවද එලෙස සති සිතුවේ නම් අද අපට ජාතියක් ආගමක් නැත.... රජුන් බුදු දහම විකෘති වන හැම අවස්ථාවක මැදිහත් වී ගණින්නාන්සේලා ශාසනයෙන් නෙපරා දැමුවේ එබැවිනි.
04. භික්ෂුව නූත අර්ථ ක්‍රමය අනුව වෙනස් විය යුතු වුවත් එන සියල්ලම බදා ගැනීමත් බුදු දහමේ මූලික හර පද්ධතියට විරුද්ධව යෑමත් නොහොබි.....




උඹ කලින් කිව්වේ මම මේ ත්‍රෙඞ් එකේ හුදකලා වෙලා...