සිංගල් උන්ට උපදෙසක්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අද පරණ යාලුවෙක් කතා කලා හුග කාලෙකින්. මෑන්ස් ලංකාවේ ඉද්දිත් හොද මිටරේ..හොදට career එකෙනුත් ඉස්සරහට ගියා.. පස්සේ migrate වුනා..කතා කරද්දි පොර අවුලෙන් තමා කතා කරේ. බලද්දි පවුල් ප්‍රශ්න(වයිෆ් එක්ක තමා) :rolleyes: . වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති. මට ඉතින් තේරුනේ ලංකාවේ උන් සමහරවිට මැරි කරන්න හදිස්සි වෙනවදෝ කියල. දැනටමත් සිංගල් ඉන්න උන් ඉන්නවනම් හදිස්සි නොවි, හොද එකක් තෝරගනින්. කොච්චර තමන්ට සෙට් වෙන්නේ නැත්නම් පස්සේ හැදෙයි කියල සෙට් කරගන්න එපා.. :rolleyes:

    අරු ඒ මදිවට කියනව පොරොන්දම් ලොකුවට ගැලපුනෙත් නැතුව බැන්දේ අපරාදේ කියල... අනේමන්දා අපේ ගෙවල් වලින් පොරොන්දම් බැලුව , මට මතක විදියට 70% වගේ තිබ්බේ, හැබැයි දැනටනම් මගුල ෂේප්.:D.එක එක උන් අනුව වෙනස් ඉතින් ඕව. උබලගේ ඔය පොරොන්දම් කියන ඒව කියක් ගැලපුනාද? ඇත්තද ඕව?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    200.gif
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති"

    විස්තරය දාන්න චුට්ටක් දන්නා පොරක්ද කියලා බලන්න. මම දන්න කෙනෙක්නම් ගිය අවුරුද්දේ Suicide කරගත්තා UK වලට ගියපු, පොරට ආපු පීඩනය දරාගන්න අමාරු උනා කියලා වයිෆ් කියන්නේ 🤷🏽‍♂️ ඇත්ත නැත්ත කොහොමද කියලා හරියටම දන්නේ නෑ 🙄
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    "වැඩි විස්තර කියන්න බැ , ඌ දන්න උනුත් මේකේ ඇති"

    විස්තරය දාන්න චුට්ටක් දන්නා පොරක්ද කියලා බලන්න. මම දන්න කෙනෙක්නම් ගිය අවුරුද්දේ Suicide කරගත්තා UK වලට ගියපු, පොරට ආපු පීඩනය දරාගන්න අමාරු උනා කියලා වයිෆ් කියන්නේ 🤷🏽‍♂️ ඇත්ත නැත්ත කොහොමද කියලා හරියටම දන්නේ නෑ 🙄
    පීඩනය දරාගන්න බැරි වුනා කියන්නෙ මොකක් සම්බන්දයෙන්ද ?
    කසාද ජීවිතේද ? work ලයිෆ් එකේද ? social depression ද ? Environment/atmosphere change වුන එකෙන්ද ?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පීඩනය දරාගන්න බැරි වුනා කියන්නෙ මොකක් සම්බන්දයෙන්ද ?
    කසාද ජීවිතේද ? work ලයිෆ් එකේද ? social depression ද ? Environment/atmosphere change වුන එකෙන්ද ?
    ලංකවේ ඉන්න කාලේ මෙයා හොඳ තැනක වැඩකරේ, කොහොමහරි වයිෆ්ට Msc එක කරන්න පොර ඩිපෙන්ඩන් ගියා. එහේදි පොරට හොටෙල් එකක පොඩි ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ. වැඩ ඉවර වෙලා ආවට පස්සෙත් කල්පනා කර කර ඉඳල තියෙන්නේ කියලා තමයි වයිෆ් කියන්නේ, මොකක්ද ඇත්තටම උනේ කියලා තාම දන්නේ නැහැ 🙄
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    90/ ගැලපුනා
    දෝනියි මායි නුගේගොඩ ක්ලාස් ඇරිලා එන ගමන් බැලුවේ 🥰
    සීයට ගණන් බලන්නේ නෑ බල්ලෝ පොරොන්දම්, පොරොන්දම් 20යි තියෙන්නේ. ඒකෙන් ගැලපෙන ගාන කියන්නේ... 🤦‍♂️


    මගෙත් එහෙනම් 14/20ක් ගැලපුනේ. ඒ වුනාට ඒ ගෑනිට මොංගල් නේ. මොංගල් ගෑනු ගැන කෙන්දරෙන් කියන්න බෑනේ කොහොම වුනත්. ඒකනේ ආශ්‍රය කරලා බලන්න කියන්නේ. දැන් ඌ ආශ්‍රය කරලා නෙමෙයිද බැඳලා තියෙන්නේ. ඒකනේ අපි හදිස්සි නැතුව බලන් ඉන්නේ හදිස්සි බැඳපු උන් පසුතැවෙනවා බල බල.. 😎
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    එයා කරන දේ තමුන්ට ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    තමුන්ට එයාකරන දේ ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    එතකොටයි තරාදියෙ දෙපැත්ත බැලන්ස් වෙන්නෙ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පොරොන්දම් නම් ඔක්කොම වගෙ හොඳටම ගැලපිලා ඩිවොස් වෙච්ච එකක් දැකල තියනව. පාසල් ප්‍රේමයක්. විස්සෙන් එකක් හෝ දෙකක් තමා නොගැලපුනෙ. අවුරුදු 15ක් හොඳට පවුල් කෑවා. දරුවො තුනක්. ජෝතිෂ්‍යයට අනුව පොරොන්දම විතරක් ගැලපිලා හරි මදි කියල තමා ඒ පවුලෙ වැඩිහිටි උදවිය මේ මාතෘකාව ගැන ග්‍රීන්තන්ඩර් එක්ක පසුව කතාකරනකොට කීවෙ. ඒවා නම් මොනවද කියල දන්නෙ නැහැ.

    ඒ නිසා දන්න දෙයක් කියන්නම් කතාවට අදාල වෙන. දැන් කිරියෙ කාලයක් තිස්සෙ ඉන්න මෙම්බර්ස්ලා බොහොමයක් වයස 30 - 40 අතර උදවියනෙ. යාලුවන්ගෙ විවාහ ගැටළු, පවුල් ප්‍රශ්න කන බොන වෙලාවට සුදුසු පරිසරය බලල අපිත් එක්ක කියනවනෙ. ඒ වෙලාවට උපදෙස් දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න. මොකද බහුතරයකට ඇත්තටම ඕනෙ උපදෙස් නෙමෙයි. තමන්ගෙ හිතෙ වේදනාව තව කෙනෙකුට කියල හිත සැහැල්ලු කර ගන්න එක. හිතේ නලියන දුක වචනවලින් එලියට දාලා දුක තුනී කරගන්න උත්සහ කරන එක. අත්දැකීමෙන් කියන්නෙ "මං මොකද කරන්නෙ මචං?" කියල ඇහුවත් බහුතරයකට ඕනෙ "උඹ මෙහෙම කරපං" කියල උත්තරයක් නෙමෙයි. බහුතරයකට ඕනෙ "මට උඹෙ ප්‍රශ්නෙ තේරෙනවා මචං, උඹ සාදාරණයි මචං" වාගෙ ප්‍රතිචාරයක්. අපි එයාලව, එයාලාගෙ ප්‍රශ්නෙ acknowledge කරන්නයි බහුතරයකට ඕනෙ. හැඟීම් වලට තර්ක වලින් පමණක් පිලිතුරු දෙන්න යන්න එපා කියල සරලව කෙටියෙන් කියන්න පුළුවන්.

    ඒ වගෙම ඔයවගෙ ගැටළු වලට තියන පිලිතුරු ආත්මීය (subjective) පිලිතුරු කියලා තේරුම් ගන්න. ඒ කිව්වෙ ඒ ඒ අවස්ථාවට පුද්ගලයාට ගැලපෙන ඒ ඒ පිලිතුරු තිබෙනවා විනා සෑමවිටම හරියන objective (වෛෂයික)පිලිතුරු නැතිබව තේරුම් ගන්න. උදාහරණයකට කීවොත් අපි සමහර වෙලාවට කතාවෙනවනෙ "divorce වීම හරිද වැරදිද" කියලා. අපිට එහෙම යමක් හරිද වැරදිද කියලා ගලේ කොටන්න බැහැ. මොකද ඒ ප්‍රශ්නයට මුහුන දෙන අයගෙ ක්‍රියාකලාප, ආශා, උවමනා, දරුවො, ආර්ථිකය, සමාජතත්වය, දෙමව්පියො කියන මේ සියල්ලම සලකලා බලලා තමා තීරණයකට එන්න වෙන්නෙ. එතනදි priorityය හම්බෙන්න ඕනෙ මොනවටද කියලා යාලුවට තේරුම් කරන්න උත්සහ කරන්න පුලුවන් අපිට. එහෙම නැතිව ගලෙ කොටපු "සතුට chase කරපං මචං" හෝ "කරගත්ත නං කාගෙන හිටු" වගෙ පිලිතුරු දීම සුදුසු නැහැ කියලයි ග්‍රීන්තන්ඩර් හිතන්නෙ.

    ඕපී එකෙන් පරිබහිරට tangent එකක ගියා වගෙ රිප්ලයි එක. නමුත් කිවයුතු දෙයක් කියල හිතනව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකවේ ඉන්න කාලේ මෙයා හොඳ තැනක වැඩකරේ, කොහොමහරි වයිෆ්ට Msc එක කරන්න පොර ඩිපෙන්ඩන් ගියා. එහේදි පොරට හොටෙල් එකක පොඩි ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ. වැඩ ඉවර වෙලා ආවට පස්සෙත් කල්පනා කර කර ඉඳල තියෙන්නේ කියලා තමයි වයිෆ් කියන්නේ, මොකක්ද ඇත්තටම උනේ කියලා තාම දන්නේ නැහැ 🙄

    ඔහොම එකෙක් මමත් දන්නවා. මිනිහට මෙහේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා, 20 ගානක් ටීම් එකක් මැනේජ් කරා. ගෝඨා නිසා දැන් UK. කොච්චර ට්‍රයි කරත් හම්බවුනෙ KFC එකේ වැඩක්. ඒත් මිනිහා ඩිප්‍රෙස් වෙලා නම් නෑ. ලංකාවට එන්න ලැජ්ජයි එහේම ඉන්නවා කිව්වා. ඔළුව උස්සන කම් හැංගිලා ඉන්නෙ 😄