මට නෙමෙයි යකුනේ. මට දෙයක් අහන්න ඕනි නම් මම කෙලින්ම අහනවනේ,උබලා මගේ ගැනත් දන්නවනේ, උබලා මගේ ත්‍රෙඩ් දැකලා ඇතිනේ. මූ අද උදේ ඉදන් මැරෙන්න හදනවා. ඌ ළගදි අසනීපවෙලා බෙහෙත් ගන්න ගිහින්. ගියාම ඒ බෙහෙත් ගන්න තැන රු 5000ට මෙඩීකල් පැකේජ් එඅක් තිබිලා. මූ ඒක ලාබයි කියලා හිතලා දවස් කීපයකට පස්සේ ගිහින් ඔය ටෙස්ට් ටික කරගෙන. මම උගේ රිපෝට් බැලුවා. ඒ රිපෝට් නවලෝක, ආසිරි, හේමස් ලැබ්වලින් කරන ඒවා නෙමෙයි බන්. ඒ බෙහෙත් ගන්න තැනින්ම ටෙස් කරලා දෙන රිපෝට් වගයක් තිබුනේ. ඒවා හොද ලැබ් එකකින් කරලා නැති නිසා පිලිගන්න අමාරුයි බන්. රිපෝට් එකත් තනිකර අඩු කුලේ පෙනුමක් තිබුනේ. ඒවගේ ඇකියුරසි ගැනත් මට නම් ලොකු අවුලක් තිඅනවා. සමහර විට රිපෝට් එක වැරදි වෙන්නත් පුලුවන්. ඌ මෙච්චරම සීනිවලට බය වෙලා තියෙන්නේ ලොකු හේතුවක් ඇතුව. උගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට සීනි හැදිලා. ඒක අදුරගෙන තියෙන්නේ ඌ සිහි නැතුව වැටීලා හොස්පිටල් නැවැත්තුවටත් පස්සේ. ඌ කියන විදියට සීනී 400 පන්නලත් තිබුනලු. කොහොම හරි ඒ අයියට ටීක කාලය යද්දි කොච්චර බෙහෙත් කරත් සනීප වෙලා නෑ. අන්තිමට ඇස්වල පෙනීම නැති වෙලා අන්ද වෙලා. මුලදි හැම දේම අදුරු වෙලා පේන්න පටන් අරන් , මොකුත්ම පේන්නෙ නැතුව ගිහින් බන්. ඒමදිවට හිටපු ගමන් සීනි ලෙවල් එක සාමන්‍ය මට්ටමට වඩා ගොඩක්ම අඩු වෙලා වැටෙනවලු. එතකොට ගෙදර උන් චොකලට් බිස්කට් , සීනි එහෙම කටට දාන්න ඕනිලු, සීනි වැඩි උනාට වඩා සීනි බහින එකත් හෙනම අවදානම්ලු. මම මේවා මීට කලින් අහලා තිබ්බෙත් නෑ බන්. කොහොම හරි මේ කෙනාට සීනි වැඩි වෙන අඩූ වෙන ලෙඩ දෙකම තිබිලා තියනවා. මෙයාව දවසක් සිහි නැතුව වැටිලා ඔලුව වැදිලා මැරිලා. නහරයක් පුපුරලා කියලා තමයි ඩෝකාලා කියලා තියෙන්නෙ.