"මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි."
කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ හාමුදුරුවො කියන දෙයයි සතිපට්ඨාන භාවනා ක්‍රමයෙයි ගැලපීම මොකක්ද කියල.
බණ අහල විතරක් සෝවන් ඵලය ලබාගත හැකියි ඊට පස්සෙ සකෘදාගාමී ඵලය ලබාගන්ඩ සතිපට්ඨානය වඩන්න ඕනි කියලද මේ කියන්නෙ.![]()
සතර සතිපට්ඨානය වඩන්න ඕනෑ සෝවාන් වුනාට පස්සේ බව ත්‍රිපිටකයේ සඳහන් ආකාරය
බන අහලා සෝවාන් වෙලා යෝනිසෝමනසිකාරය තියන කෙනයි සතර සතිපට්ඨානය වඩන්න ඕනේ... සතර සතිපට්ඨානය වඩන්න නම් ඊට කලින් දේවල් 7ක් සම්පූර්ණ වෙන්න ඕනේ මෙන්න මේ විදිහට
කල්‍යානමිත්‍ර සේවනය > සද්ධර්‍මශ්‍රවණය > ශ්‍රද්ධාව > යෝනිසෝමනසිකාරය > ස්මෘති සම්ප්‍රජන්‍යය > ඉන්ද්‍රියසංවරය > ත්‍රිවිධ සුචරිතය > සතර සතිපට්ඨානය
ඔය කිව්ව ටික තියෙන්නේ මෙහෙමයි
"මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්ණ වූයේ සද්ධර්‍මශ්‍රවණය පුරයි. සද්ධර්‍මශ්‍රවණය පරිපූර්ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්ණ වූවා යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්ණ වූයේ ඉන්ද්‍රියසංවරය පුරයි. ඉන්ද්‍රියසංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු වෙයි."
අවිද්‍යා සූත්‍රය
https://www.thripitakaya.org/tipitakaya/Index/563?s=10469
උඩ වීඩියෝ එකෙත් කියන්නේ ඔය කරුණයි
Last edited: