සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113


    ශික්ෂාපද සීලයෙන් නිවන් දකින්න බෑ...
    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි...
    භාවනාව තියෙන්නේ සෝවාන් වුනාට පස්සෙයි...
    සංයෝජන 10ක් කඩන්නත් නෑ...
    අවුරුදු 40ක් තිස්සේ ත්‍රිපිටක සූත්‍ර ගලපලා කියන්නේ. මාධ්‍ය 10කට කියලා තියනවා,
    තවම නම් කවුරුවත් මගේ උපසම්පදාව තහනම් කරන්න හෝ නිකායෙන් එලවන්න කතා කළේ නෑ....

    -----------------------------------------------------------



    "තමන් රකින ශික්ෂාපද සීලයෙන් නිවන් දකියි" කියලා හිතාගන ඉන්න කවුරුවත් සෝවාන් වෙන්නේ නෑ...
    මොකද "සීලබ්බත පරාමාස" කියන්නේ එහෙම හිතාගන ඉන්න එකටයි.

    -----------------------------------------------------------



    පන්සිල්, අටසිල් රැකලා නිවන් දකින්න බෑ....
    ශික්ෂාපද විනයෙන් නෙවෙයි නිවන් ලබන්නේ "ධර්ම විනයෙන්"

    -----------------------------------------------------------



    දාන සීල භාවනා නිවන් මඟ නෙවෙයි...
    ඒකෙන් නිවන් ලබන්න බෑ...
    භව නිරෝධගාමී ප්‍රතිපදාවක් දාන සීල භාවනා වල නෑ.

    -----------------------------------------------------------

    අද කාලේ ඇහෙන බොහෝ ලෞකික ධර්ම දේශනා අතරේ "ලෝකෝත්තර අර්ථයෙන්" ධර්මය දේශනා කරනා මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් ප්‍රඥා TV නාලිකාව ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා වලින් උපුටාගන්නා ලදි.

    සසුන්ගතවී වසර 40ක කාලයක් පාලි ත්‍රිපිටකය ඔස්සේ ධර්ම ගවේශනයේ යෙදුණු මුන්වහන්සේ උපසම්පදාවෙන් වසර 35ක් සපුරා තිබේ

    සියළු දෙනා වීඩියෝ වල උන්වහන්සේ පවසන දේ ශ්‍රවණය කර කමෙන්ට් කිරීම මැනවි.

    -----------------------------------------------------------
    අනෙකුත් සැබැඳි

    භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Mata pissu wage 😵

    මෙතෙක් කල් හෙළි නොවුණු බොහෝ කරුණු උන්වහන්සේගේ ධර්ම දේශනා වල තියනවා.
    ලෝකෝත්තර අර්ථය මතු කරන දේශනා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    https://www.facebook.com/watch/217407632225880/197295541608951

    මෑතකදී කරපු දේශනා 40කට වඩා මෙතන තියෙනවා. 🙏

    🙏 🙏 🙏 🙏

    බොහෝම ස්තූතියි මහත්මයා
    මෙම "තථාගත ධර්ම දේශනා" facebook පිටුව කරන්නේ අපේ මල්ලි.
    රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සෑම ඉරිදාම උදෑසන 8.00ට විකාශය වන පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා මෙහි අඩංගු වෙනවා
    ඊට අමතරව ප්‍රඥා නාලිකාවේ විකාශය වන ධර්ම දේශනා ත් කිහිපයක් මෙහි අන්තර්ගත කර තිබෙනවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    හිපපොටමස ගොන් ආතල දෙන්න එපා.. කාලයක් මිිවනපලානේ පිස්ස්සව ෆලෝ කරලා මේකේ චාටර් උනාම දැන් වෙන ඩයල් එකක් අල්ලාගෙන..😆😆😆
    බණ අහුවත් ඒ බනට අනුව තමන්ගේ සිතුවිලි යොමු කරලා භාවනාවක් නොකර නිවන් දකින්න බෑ..
    ධර්මය නොදත් ගොඩයන්ට මැජික්....😆😆😆😆

    මිිවනපලානේය, වලස්මුල්ල අභයා මාර්කට් නැද්ද දැන්?
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හිපපොටමස ගොන් ආතල දෙන්න එපා.. කාලයක් මිිවනපලානේ පිස්ස්සව ෆලෝ කරලා මේකේ චාටර් උනාම දැන් වෙන ඩයල් එකක් අල්ලාගෙන..😆😆😆
    බණ අහුවත් ඒ බනට අනුව තමන්ගේ සිතුවිලි යොමු කරලා භාවනාවක් නොකර නිවන් දකින්න බෑ..
    ධර්මය නොදත් ගොඩයන්ට මැජික්....😆😆😆😆

    මිිවනපලානේය, වලස්මුල්ල අභයා මාර්කට් නැද්ද දැන්?

    මම කවදාවත් මීවනපලානේ හාමුදුරුවන්ගේ බණ අහලත් නෑ ඒවා මේකේ දාලත් නෑ... හැබැයි කවුද දන්නේ නෑ ඒ කාලේ reply කරන්නේවත් නැතුව පැනලා ගියේ.. හොයාගන්න බැරි වෙන්න පැනලා දිව්වා උත්තර දීගන්න බැරුව
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    භාවනාව බුදු දහමේම එන එකක් නෙවෙයි තමයි.
    හැබැයි බුද්ධත්වය ලැබුවේ නම් බණ අහල නෙවෙයි.
    ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්දත්වය ලබන්න කලින් ඒ වෙනකොටත් නිවන් අවබෝද කරපු උත්තමයෙක් හිටියනං ගෞතම බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න උවමනා වෙන්නෙ නැහැනෙ මචන්. බන අහල සෝවාන් වෙලා එතන ඉඳල මාර්ගය වඩල අරිහත් පලයෙන් ගමන කෙලවර කරන්න තිබුනනෙ. සාසන ඉතිහාසයේ කොහෙවත් කවදාකවත් බන අහල බුදු බව ලබපු ශ්‍රාවක උත්තමයො නැහැනෙ. අරිහත් ඵලයෙන් අවසන් කරපු උත්තමයෝ මිසක්.

    අනික භාවනාවෙන් නං සෝවාන් වෙන්න පුළුවන් අපිත් බොහොම කැමතියි දැනගන්න ඒ මොන විදිහේ භාවනාවකින්ද, එහෙම කරලා ඒ කියන අය දැන් සෝවාන් වෙලාද කියල. වෙන්න ඕන නේද? නැත්තන් ඔච්චර විශ්වාසෙකින් කියන්න බැහැනෙ. ඔක්කොටම ඉස්සෙල්ල භාවනාව කියන වචනෙ තේරුම වටහල දෙන එකත් වටිනව.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    භාවනාව බුදු දහමේම එන එකක් නෙවෙයි තමයි.
    හැබැයි බුද්ධත්වය ලැබුවේ නම් බණ අහල නෙවෙයි.

    සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා තමන් තනිවම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න තැනැත්තාට තමයි කියන්නේ "ලොව්තුරා බුද්ධ" හෙවත් "සම්මා සම්බුද්ධ" කියලා. ලොව්තුරා බුදුවරු පහල වෙන්නේ කාගෙන් වත් බන අහලා සෝවාන් වෙලා, ඊට පස්සේ සකදාගාමී වෙලා, අනාගාමී වෙලා නෙවෙයි.... ඔන්න ඔය විදිහටම අබුද්ධෝත්පාද කාලයක තනිවම ධර්මය අවබෝධ කරගන්න තැනැත්තාට කියනවා "පච්චේක" බුද්ධ හෙවත් "පසේබුදු" කියලා

    ඒහැර අනිත් සේරම ශ්‍රාවක. ලොව්තුරා බුදුවරයෙකුගෙන් බණ අහලා ඒ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න අය තමයි "ශ්‍රාවක" කියන්නේ. ශ්‍රාවක කියන්නේ ශ්‍රවණය කරන නිසා. ඒකට බණ අහන්නම ඕනේ. ශ්‍රාවක බුද්ධ කියන්නේ රහතන්වහන්සේලා
    .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්දත්වය ලබන්න කලින් ඒ වෙනකොටත් නිවන් අවබෝද කරපු උත්තමයෙක් හිටියනං ගෞතම බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න උවමනා වෙන්නෙ නැහැනෙ මචන්. බන අහල සෝවාන් වෙලා එතන ඉඳල මාර්ගය වඩල අරිහත් පලයෙන් ගමන කෙලවර කරන්න තිබුනනෙ. සාසන ඉතිහාසයේ කොහෙවත් කවදාකවත් බන අහල බුදු බව ලබපු ශ්‍රාවක උත්තමයො නැහැනෙ. අරිහත් ඵලයෙන් අවසන් කරපු උත්තමයෝ මිසක්.

    අනික භාවනාවෙන් නං සෝවාන් වෙන්න පුළුවන් අපිත් බොහොම කැමතියි දැනගන්න ඒ මොන විදිහේ භාවනාවකින්ද, එහෙම කරලා ඒ කියන අය දැන් සෝවාන් වෙලාද කියල. වෙන්න ඕන නේද? නැත්තන් ඔච්චර විශ්වාසෙකින් කියන්න බැහැනෙ. ඔක්කොටම ඉස්සෙල්ල භාවනාව කියන වචනෙ තේරුම වටහල දෙන එකත් වටිනව.
    මම කිව්වේ නෑ මචන් භාවනාවෙන් සෝවාන් වෙනවා කියලා.. මම එකනේ කිව්වේ භාවනාව ඒ වෙනකොටත් ඉන්දියාවේ තිබ්බ දෙයක්.
    වප් මගුල දවසේ ආනා-පාන සති වැඩුවා කියලා තියෙන්නේ ඉස්සර ඉදන් ඒවා තිබ්බ දේවල් නිසා.
     
    Last edited:
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම කිව්වේ නෑ මචන් භාවනාවෙන් සෝවාන් වෙනවා කියලා.. මම එකනේ කිව්වේ භාවනාව ඒ වෙනකොටත් ඉන්දියාවේ තිබ්බ දෙයක්.
    වප් මගුල දවසේ ආනා-පාන සති වඩුවා කියලා තියෙන්නේ ඉස්සර ඉදන් ඒවා තිබ්බ දේවල් නිසා.
    නෑ නෑ උඹට නෙමෙයි ඒක දැම්මෙ :P

    අදාල වෙන පුද්ගලයො ඉන්නව උඹ දන්නවනෙ. වාද කරල තේරුමක් නැති නිසා ඒකත් උඹේ රිප්ලයි එකටම දැම්ම අදහසක් විදිහට :yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හිපපොටමස ගොන් ආතල දෙන්න එපා.. කාලයක් මිිවනපලානේ පිස්ස්සව ෆලෝ කරලා මේකේ චාටර් උනාම දැන් වෙන ඩයල් එකක් අල්ලාගෙන..😆😆😆
    බණ අහුවත් ඒ බනට අනුව තමන්ගේ සිතුවිලි යොමු කරලා භාවනාවක් නොකර නිවන් දකින්න බෑ..
    ධර්මය නොදත් ගොඩයන්ට මැජික්....😆😆😆😆

    මිිවනපලානේය, වලස්මුල්ල අභයා මාර්කට් නැද්ද දැන්?

    විමුත්‌තායතන සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය


    (1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේ ව යි චතුස්සත්‍යධර්‍මය දෙශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් පිළිවිදුනේ ද වෙයි. අර්ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමොදය (තරුණප්‍රීතිය) උපදනේ ය. ප්‍රමුදිතයා හට බලවත් ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිත් ඇත්තහුගේ නාමකය සින්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත (අර්‍හත් ඵල සමාධියෙහි) සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්ත වූ, කෙලෙස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ චිත්තය හෝ විමුක්ත නම්, අපරික්‍ෂීණ වූ ආස්‍රවයෝ හෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමයට (අර්‍හත්ත්‍වයට) අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ ප්‍රථම විමුක්තායතන යි.

    (2) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ ධර්‍මය නො ම දෙසන්නේය. එතෙකුදු වුව ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසන්නේ ය. මහණෙනි, යම් යම් පරිද්දෙකින් ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසා නම්, ඒ ඒ පරිදි හෙ ඒ ධර්‍මයෙහි අර්ත්‍ථය පිළිවිදුනේ ද, ධර්‍මය පිළිවිදුනේ ද වෙයි. අර්ත්‍ථය පිළිවිදුනා ධර්‍මය පිළිවිදුනා ඔහට ප්‍රමොදය උපදනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියුත් සිතැතියාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව වැර ඇතිව ප්‍රහිතාත්ම ව වාසය කරණ භික්‍ෂුහුගේ අවිමුක්ත හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තර යොගක්‍ෂෙමය අනුප්‍රාප්ත වේ නම්, මේ එ ද්විතිය විමුක්තායතන යි.

    (3) තවද මහණෙනි, මහණකුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ දහම් නො ම දෙසන්නේ ය. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට නො ද දෙසන්නේ ය. වැලිදු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. මහණෙනි, යම් යම් පරිදි මහණකු ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරේ නම්, එ එ පරිදි හේ එ දහම්හි අරුත් පිළිවිදුනේත් දහම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා දහම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේ ය. ප්‍රමුදිතයා හට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇතියේ සුව ලබන්නේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව අතාපී ව ප්‍රහිතාත්ම ව වෙසෙන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදෙ නම්, අපරීක්‍ෂණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ තෘතීය විමුක්තායතනය යි.

    (4) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.

    (5) තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ වේවයි; අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේවයි, ධර්‍මය නො ම දෙසන්නේය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විතරවිසින් සජ්ඣායනා නො ද කරන්නේය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්තව ධර්‍මය සිතින් නො ද අනුවිතර්‍කන කරන්නේය. අනුවිචරණය නො කරන්නේය. සිතින් අනුප්‍රෙක්‍ෂා නො කරන්නේය. එතෙකුදු වුව, ඔහු විසින් අන්‍යතර සමාධි නිමිත්තක් (කමටහනක්) මොනොවට උගන්නා ලද්දේ වෙයි. මොනොවට මෙනෙහි කරණ ලද වෙයි. මොනොවට උපධාරිත වෙයි. ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද වෙයි. මහණෙනි, යම් යම් පරිදි භික්‍ෂූහු විසින් අන්‍යතර සමාධිනිමිත්තක් සුගෘහීත ද, මැනැවින් මෙනෙහි කරණ ලද ද, මැනැවින් උපධාරිත ද ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ ද වේ නම්, හෙ ඒ ඒ පරිදි ඒ ධර්‍මයෙහි අර්ත්‍ථප්‍රතිසංවෙදී හා ධර්‍මප්‍රතිසංවෙදී හා වෙයි. අර්ත්‍ථසංප්‍රතිවෙදී වූ ධර්‍මප්‍රතිසංවෙදී වූ ඔහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්සුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පස්වන විමුක්තායතනයි.

    මහණෙනි, යම් විමුක්තායතනයෙක්හි අප්‍රමත්තව ආතාපීව ප්‍රහිතාත්ම ව වසන භික්‍ෂුහුගේ අවිමුක්ත වූ හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරීක්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂෙමය අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ පඤ්චවිමුක්තායතනයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මම කවදාවත් මීවනපලානේ හාමුදුරුවන්ගේ බණ අහලත් නෑ ඒවා මේකේ දාලත් නෑ... හැබැයි කවුද දන්නේ නෑ ඒ කාලේ reply කරන්නේවත් නැතුව පැනලා ගියේ.. හොයාගන්න බැරි වෙන්න පැනලා දිව්වා උත්තර දීගන්න බැරුව
    වලස්මුල් ලේ කක්කා අභයාව මාර්කට් කළේ උඹ නෙමේද?😆😆😆
    උඹ නෙමේ නම් ෂුවර් එකෙට උඹේ account එකේ ඉන්නේ වෙන එකෙක්..😆😆😆
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වලස්මුල් ලේ කක්කා අභයාව මාර්කට් කළේ උඹ නෙමේද?😆😆😆
    උඹ නෙමේ නම් ෂුවර් එකෙට උඹේ account එකේ ඉන්නේ වෙන එකෙක්..😆😆😆

    අභය හාමුදුරුවෝ කිව්වෙත් මේ කතා ටිකමනේ.
    සෝවාන් වෙන්නේ බන අහලයි. භාවනාවෙන් නෙවෙයි
    ඉතින් මේ කතා දෙකම එකයිනේ

    දෙකම අර ලක්ෂ 10ක් ඇප දීලා එලියට ආව විභජ්ජවාදීන්ගේ මතයට විරුද්ධයි


    goka aya kiyanne me kale eka marga palayak wath labanan ba kiyala ne?.

    එහෙම කියන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවොයි.... ඒක නිසයි එයා සේරම දිව්‍යලෝකේ පටවන්න හදන්නේ... මේ සාසනයේ නිවන් දකින්න බෑ කියන දිට්ඨියම විචිකිච්ජාවට අයිතියි. එහෙම හිතන කාටවත් ඒ සංයෝජනය කැඩෙන්නේ නෑ. ඒ කියන්නේ සෝවාන් වෙන්නත් බෑමයි