෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඌරා කිලි.. අනෙක් මස් මාලුත් යම් ප්‍රමානෙකට කිලි තමයි. ඒ වයිනුත් අයින් වෙන්න පුලුවන්නම් හොඳයි. මතුරන්න සතියකට හෝ දින තුනකට කලින් සම්පූර්න නිර්මාංශ වෙනවා මම නම්. එහෙම තමයි පුරාන ආචරීන් පවා අනුමත කරලා තියන්නේ..:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17110173 said:
    ඌරා කිලි.. අනෙක් මස් මාලුත් යම් ප්‍රමානෙකට කිලි තමයි. ඒ වයිනුත් අයින් වෙන්න පුලුවන්නම් හොඳයි. මතුරන්න සතියකට හෝ දින තුනකට කලින් සම්පූර්න නිර්මාංශ වෙනවා මම නම්. එහෙම තමයි පුරාන ආචරීන් පවා අනුමත කරලා තියන්නේ..:yes:

    :eek::eek::eek::eek:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17110173 said:
    ඌරා කිලි.. අනෙක් මස් මාලුත් යම් ප්‍රමානෙකට කිලි තමයි. ඒ වයිනුත් අයින් වෙන්න පුලුවන්නම් හොඳයි. මතුරන්න සතියකට හෝ දින තුනකට කලින් සම්පූර්න නිර්මාංශ වෙනවා මම නම්. එහෙම තමයි පුරාන ආචරීන් පවා අනුමත කරලා තියන්නේ..:yes:

    ඒ කාලේ ඔය වැඩ කරපු ගොඩක් අය වෙජිටේරියන්.. සුරා සූදුවෙන් තොරයි.. දැන් අය නම් තොවිලේ පටන් ගන්න කලින්ම දෙකක් දා ගන්නවා:confused: වැඩිපුරම කිළි වෙන්නේ කුර තියෙන සතුන්ගේ මාංශ..:yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං නැකතා උබ ඉස්සෙල්ල කිව්වා වගේ වශී , හූනියම් කරන්නේ නැති වුනාට එහෙම කරපුවා කපනවද ? ඕව කරද්දී නිකන් මෙල්ල කරන්න අමාරු එවුන් උබට set වෙලා නැද්ද ( මිනිස්සු නෙමෙයි ඔය සමහර උන් කියන්නේ බලවත් අමනුෂ්‍ය ආත්ම වගේ ඒවා)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං නැකතා උබ ඉස්සෙල්ල කිව්වා වගේ වශී , හූනියම් කරන්නේ නැති වුනාට එහෙම කරපුවා කපනවද ? ඕව කරද්දී නිකන් මෙල්ල කරන්න අමාරු එවුන් උබට set වෙලා නැද්ද ( මිනිස්සු නෙමෙයි ඔය සමහර උන් කියන්නේ බලවත් අමනුෂ්‍ය ආත්ම වගේ ඒවා)

    වශී හූනියම් වලට දාන යන්තර තියනවා ඒවා දැම්මම මුලින් කරපු එකේ එෆෙක්ට් එක නැති වෙනවා. නමුත් සමහර ප්‍රභල ඒවා තියනවා ඒවටත් අහන්නේ නැති. මම අමනුස්යො එක්ක නම් තාම වැඩ කරලා නෑ.. නූල් බඳින්න එහෙම ඉගෙනගෙන නම් තියනවා ඒත් කරලා නෑ තාම.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ කාලේ ඔය වැඩ කරපු ගොඩක් අය වෙජිටේරියන්.. සුරා සූදුවෙන් තොරයි.. දැන් අය නම් තොවිලේ පටන් ගන්න කලින්ම දෙකක් දා ගන්නවා:confused: වැඩිපුරම කිළි වෙන්නේ කුර තියෙන සතුන්ගේ මාංශ..:yes:

    ඔව් ඉස්සර නම් එහෙමයි.. ඒකට දැන්... හැබයි අමනුස්සයෝ සම්භන්ධ වැඩ වලට කිලි අරක්කු අවුලක් නෑ.. යහපත් වැඩ වලටයි ඒවා බලපාන්නේ..
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නැකැත් රාල;17110715 said:
    ඔව් ඉස්සර නම් එහෙමයි.. ඒකට දැන්... හැබයි අමනුස්සයෝ සම්භන්ධ වැඩ වලට කිලි අරක්කු අවුලක් නෑ.. යහපත් වැඩ වලටයි ඒවා බලපාන්නේ..

    ඔව්නේ.. ප්‍රේත තටුවට තියන්න ගන්නවා රා, අරක්කු, අබිං, කන්සා වගේ දේවලුත්..:rofl:
     
    නැකැත් රාල;17110173 said:
    ඌරා කිලි.. අනෙක් මස් මාලුත් යම් ප්‍රමානෙකට කිලි තමයි. ඒ වයිනුත් අයින් වෙන්න පුලුවන්නම් හොඳයි. මතුරන්න සතියකට හෝ දින තුනකට කලින් සම්පූර්න නිර්මාංශ වෙනවා මම නම්. එහෙම තමයි පුරාන ආචරීන් පවා අනුමත කරලා තියන්නේ..:yes:

    පුරානයේ ආචාරීන් රවටලා කැත්ත හදපු උනුත් හිටියා :yes:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    නැකැත් රාල;17110715 said:
    ඔව් ඉස්සර නම් එහෙමයි.. ඒකට දැන්... හැබයි අමනුස්සයෝ සම්භන්ධ වැඩ වලට කිලි අරක්කු අවුලක් නෑ.. යහපත් වැඩ වලටයි ඒවා බලපාන්නේ..

    etakota machan api prith vage deval kiyaddi apita devi varu pihita venava kiyanne athhada? etakota api mas maalu kaala eka karoth eken pihitak labenavada?
     

    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    ජීවිතේට ඇති වෙන්න මන්තර ගුරුකම් වැඩ දැකලත් තියනව සහබාගි වෙලත් තියනව, හැබැයි 80% හොඳ දේවල් වලට නෙමේ. ඒක නිසා වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. උඹල කවුරුහරි දැකල තියනවද මීනී තෙල් හිඳිනවා...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජීවිතේට ඇති වෙන්න මන්තර ගුරුකම් වැඩ දැකලත් තියනව සහබාගි වෙලත් තියනව, හැබැයි 80% හොඳ දේවල් වලට නෙමේ. ඒක නිසා වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. උඹල කවුරුහරි දැකල තියනවද මීනී තෙල් හිඳිනවා...

    අහලා තිබ්බට ජීවිතේට කරලා නෑ බන්..:eek::oo:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17084507 said:
    කලින් ත්‍රෙඩ් එකක අපි සූනියම් දෙවියන් ගැන කථා කලානේ.. සූනියම් දෙවියන් ගැන මම පෞද්ගලිකව ගොඩක් හොයා බැලුවා.. ඒ වගේම ගොඩක් අත්දැකීම් තියනවා.. සූනියම් දෙවියන් හා සම්භන්ධ බොහෝ ස්ත්‍රෝත්‍ර හා මන්ත්‍ර (සමහර ඒවා ඉතාභයානකයි) මා ලඟ තියනවා.. කැමති අය ඉන්නවානම් පමනක් සූනියම් දෙව භන්ධන හැර අනික්වා ටික ටික කියාදෙන්නම්..

    ඔන්න සූනියම් අප්පච්චිට වඳින ශිවමස්තු ගාථාව..

    ශිවමස්තු නමෝ රාමඃ
    කන්දසේනා සමාගමඃ
    වඩිගතන්ත්‍ර මනීකන්තඃ
    ඔඩ්ඩි මංගල නමෝ නමඃ
    අග්නිං කන්දන්ච හස්තේන
    හස්තේන වඩිග කර්කතේ
    මුකේන විශසර්පේන
    ශීර්ශේ පංචකේශකේ
    උදරේ නාග බන්දාමි
    නීලෝත් තුරග වාහනඃ
    සූනියං දේවතා නාම
    මයිහංදි පාදකේ නමඃ

    මචං මේ ගාථාව කියන්න ඕන සුනියම් දෙවියන්ට පහන තියලාද..?
    පහන තියන්නේ නැතුව කියන්න හොඳ නැද්ද..?
    එක පාරක් කිව්වොත් හැමදාම කියන්න ඕනිද..?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං මේ ගාථාව කියන්න ඕන සුනියම් දෙවියන්ට පහන තියලාද..?
    පහන තියන්නේ නැතුව කියන්න හොඳ නැද්ද..?
    එක පාරක් කිව්වොත් හැමදාම කියන්න ඕනිද..?

    පහන නොතියා කියලා වැඩක් නෑ. සූනියම් අප්පච්චි පහන කැප ගන්නවා. පහන තියන එක අපි උනන්දුවෙන් කරන්න ඕන. භක්තියෙන් හැමදාම කරන කෙනෙක් නම් ඉඳලා හිටලා දවස්ක් දෙකක් මගෑරුනට අවුලක් නෑ. සූනියම් අප්පච්චි පුර පක්ෂයේදී ගම්භාර දේව අවතාරෙනුත් අවපක්ෂයේදි ඔඩ්ඩි හෙවත් සූනියම් අවතාරෙනුත් එන්නේ.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මේ තියෙන්නේ මව්බිමෙන් උපුටාගත් ජල නන්දන පිරිත පිළිබද විස්තරයක්.. නොදන්න කෙනෙක් ඉන්නවනම් කියවලා බලන්න.. අදහසක් ගන්න පුලුවන්..

    ජල නන්දන පිරිත....

    බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ බොහෝ දේ ගාථා - සූත්‍ර - පිරිත් ආදී වශයෙන් ව්‍යවහාරයේ පවතී. ඒ සියල්ල අති පූජනීයය. ශේ්‍රෂ්ඨය. බුදුන් වහන්සේගේ එම පිරිත් සියල්ල ගොනු කළ ‘මහ පිරිත් පොත” අප හඳුන්වන්නේ නිකම්ම ‘පිරිත් පොත’ කියා නොව ‘පිරිත් පොත් වහන්සේ’ යන ගෞරවනාමයෙනි. එම හැඳින්වීමේදීම එහි ඇති වටිනාකම මෙන්ම ගෞරවනීය බවද නිරූපණය වේ. එසේම බොහෝ විට මෙම පිරිත්වල බලය ශක්තිය අප දැක ඇත්තෙමු. සියලු ශක්තීන් ගොනු කළ පිරිතේ ඇති ගුණය, බලය, සියලු බෞද්ධයන් අත්දැක ඇත.

    මෙම පිරිත් සජ්ජායනා කිරීම බෞද්ධයන් අතර විවිධ අවස්ථාවල විවිධ ක්‍රමවේදයන් අනුව සිදුවේ. ‘වරුතුනේ පිරිත’, ‘තුන්තිස් පැයේ පිරිත’, ‘හැටපැයේ පිරිත’, ‘සති පිරිත’ ආදී ලෙස දැක්වේ. මෙහිදී තුන්තිස් පැය, හැට පැය ආදිය සිංහල ජේ‍යාතිෂයේ එන ක්‍රමවේදයයි. ඒ අනුව පිරිත සහ ජේ‍යාතිෂය අතර බැඳීමද පෙන්වයි. බොහෝ නිවෙස්වල දිනපතා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය (තුන් සූත්‍රය) කියැවීම කෙරේ. එසේම බොහෝ සුබ කටයුතු ආරම්භයේදී මේ තුන්සූත්‍රය සහ ජය පිරිත, සූරිය පිරිත වැනි පිරිත්ද කියන්න හුරුව ඇත. එසේම දෛනිකව රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි ජනමාධ්‍යවලින් තුන් සූත්‍රය සහ වෙනත් පිරිත් ප්‍රචාරය වේ. ඒවා කිරීම සුබදායකයි. දේශන කිරීම මෙන්ම සවන්දීමද සුබය. එහෙත් අවාසනාවට මෙන් ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන පිරිත් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය වන විට ඒවා පණගන්වා අප අපගේ වැඩ කටයුතුවල නිරත වෙමු.

    ජලනන්දන පිරිත
    මෙසේ පිරිත පිළිබඳ කතා කළේ පිරිත් පොතට අයත් නොවන එහෙත් “පිරිතක්’ ලෙස නම් කෙරෙන ජල නන්දන පිරිත ගැන කියන්නය. ජල නන්දන පිරිත පිරිතක් ලෙස කවදා හැඳින්වූයේද එය කෙසේ භාවිතයට පත්වූයේද යන්න නොදනිතත් අෑත අතීතයේ සිටම ජල නන්දන පිරිත භාවිත වූ බව පැහැදිලිය. මේ ලිපියෙන් ‘ජලනන්දන පිරිත’ සහ ‘ජලනන්දන යන්ත්‍රය’ ගැන සාකච්ඡා කරන්නේ එය පිරිත් පොතට අයත් පිරිතක් නොව නිසා නොවේ. ඇතැම් බොහෝ දෙනා නිවෙස්වල තුන් සූත්‍රය (මංගල-රතන-කරණීයමෙත්ත) සමඟ ජලනන්දන පිරිතද කියන්න පුරුදුව සිටිති. එයින් ඔවුහු අපේක්ෂා කරනුයේ තමාට සහ තමාගේ නිවෙසට, භූමියට එල්ලවිය හැකි සහ එල්ලවී ඇති යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ දෝෂ වළක්වා ගැනීමටයි. එසේත් ‘දැනගෙන ගියොත් කතරගම- නොදැන ගියොත් අතරමඟ’ ලෙස මේ ජලනන්දන පිරිත සහ ජලනන්දන යන්ත්‍රය දැනගෙන කළහොත් ඉතා විශාල බොහෝ ප්‍රයෝජන ලබාගත හැකිවුවත් නොදැන කිරීම නිසා බොහෝ අපල උපද්‍රව ඇතිවිය හැකිය. එය “ඉල්ලාගෙන කෑමක්” විය හැකිය. අප සිතනුයේ ජලනන්දන පිරිතේ කියැවෙන,

    යක්ෂ භූත පිසාචාත්ම - ග්‍රහ දෝෂ විනාසනං
    චතුවී සති බුද්ධෝති - සබ්බ දෝෂ විනාසනං
    යනුවෙන් කීමෙන් යක්ෂ-භූත- පිසාච සහ සියලු දෝෂ නිවාරණය වී භංගවී යන බවයි. එහි සත්‍යයක් ඇත. ජලනන්දන පිරිතෙන් බොහෝ දෝෂ සුන්ව යන බව සත්‍යයකි.
    යහපත විනාශ වේ
    ජල නන්දන පිරිත අනවශ්‍ය ලෙස භාවිත කළහොත් රුපියල් දහස් ගණනක් වැයකොට ඔබ සිදුකරගත් බොහෝ යහපත් යන්ත්‍රවල බලය විනාශ වී යා හැකිය. ජලයේ දියවී යන්නාක් මෙන් සියලු දෝෂ විනාශ කිරීම ජලනන්දන පිරිත සහ යන්ත්‍රය සමත් වේයැයි සිතුවද ජලයේ දිය නොවන ඇතැම් කුණු පැල්ලම් දියකර හරින්නට සබන් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා ගන්න සිදුවේ. අවම වශයෙන් භූමිතෙල් සෝදා හරින තීන්ත පැල්ලම් වතුරෙන් සේදෙන්නේ නැත. ඒ ලෙසට සියලු දෝෂ ජලනන්දන පිරිතෙන් ඉවත්වන්නේ නැත. ඒ නිසා ඇතැම් දෝෂ ඉවත් කිරීමට ජලනන්දන පිරිත සමඟ වෙනත් මන්ත්‍ර භාවිත කරන්නට සිදුවේ.

    ක්‍ෂණික ප්‍රතිඵල
    ජලනන්දන පිරිත ඉතාම බලගතු බව නොරහසකි. එය ඇස්පනාපිට ප්‍රතිඵල පෙන්නා දෙන අවස්ථා ඇත. අනෙක් බොහෝ යන්ත්‍ර මන්ත්‍ර තුන්වරුවෙන්, දින තුනෙන්, දින හතෙන්, දින විසිඑකෙන් ආදී ලෙස ප්‍රතිඵල පෙන්වුවත් ජලනන්දන පිරිත ක්‍ෂණිකව එවේලේම ප්‍රතිඵල ලබාදෙන බව අත්දැකීමෙන්ම පැවසිය හැකිය. “ආටානාටිය” කියවන විට යක්ෂයන්ගේ දෝෂ ඇති අයට ඒ ආරූඪ වන්නාක් මෙන් ජලනන්දන පිරිත කියවන මොහොතේම එය ප්‍රතිඵල දැකගත හැක. සාමාන්‍යයෙන් ඕනෑම මන්ත්‍රයක් එකසිය අට වරක් ජපකළ යුතු බව හෝ විසි හත් වාරයක් ජප කළ යුතු බව ඔබ අසා ඇත. එහෙත් මේ ලෙස විසිහත්වාරයක් හෝ එකසිය අට වාරයක් මන්ත්‍ර ජපකරන්නේ ඇයිදැයි ගුප්ත විද්‍යා මහතුන් හැර අන්අය බොහෝ දෙනා නොදනී. යම් මන්ත්‍රයක් විසිහත්වාරයක් ජපකරනුයේ පොදුවේ ඇති නැකැත් (ජන්ම නැකැත්) විසි හතක් ඇති නිසාය. එකසිය අටවාරයක් ජීවම් කරනුයේ නැකැත් විසිහතට අයත් පාද හතරක් යොදාගනිමිනි (27 × 4 = 108). ඒ ලෙස කිරීමේදී ඕනෑම නැකැතක ඕනෑම නැකැත් පාදයක දෝෂ භංගවීමක් අදහස් කෙරේ. දැන් අප කතාකරමින් සිටි පරිදි ජලනන්දන පිරිත් බලය ශක්තිය එවේලේම පෙන්වන්නේ කෙසේද යන ගැටලුව ඔබට ඇතිවී ඇති බව මම දනිමි. ඔබ ඔබගේ පැනයට පිළිතුරු ලැබෙන තුරු මඳක් ඉවසන්න.

    තැඹිලි මතුරා බීම
    ජලනන්දන පිරිතෙන් බොහෝවිට ජීවම් කරනුයේ තැඹිලි ගෙඩිය. මේ තැඹිලි ගෙඩි මතුරා දීමෙන් ශරීරය අභ්‍යන්තරයේ ඇති දෝෂ භාංගවේ. අනවින කොඩිවින නිසා ඇති වූ භූත දෝෂ දූරීභූත වේ. එසේම දෙහි ගෙඩි මතුරා කැපීමටද ජලනන්දන පිරිත යොදාගනී. දෝෂ සඳහා ‘ජලනන්දන යන්ත්‍රය’ තඹ තහඩුවේ ඇඳ ජීවම් කරනුයේ ජලනන්දන පිරිතෙනි. නිවාස ආරක්ෂාව සඳහා වැලි සහ වෙනත් දේ මැතිරවීමට ජලනන්දන පිරිත යොදාගනී. මේ ජලනන්දන පිරිතේ බලය ලබාගන්න එය එකසියඅට සිට එක්දහස් අට වාරයක් දක්වා ඇතැම්විට ඊට වඩා වැඩි වාර ගණනක් ජීවම් කිරීම අවශ්‍යයි. නිවෙස කිලිකුණුවලින් අෑත්කොට නිවැසියන් දිය නා පිරිසුදුව ‘පේවී’ කරන ජලනන්දන පිරිත කීමේදී පනස්හතර වාරයක් පමණ කරන විට තැඹිලි ගෙඩියේ ඇතුළේ ඇති තැඹිලි වතුර උතුරන්නට පටන් ගනී, ඒ නිසා එකසිය අට වාරය ජීවම් කරන විට තැඹිලි ජලය උතුරා යෑමට පටන්ගනී. මෙය ඇස්පනාපිටම ඔප්පු වන කාරණයකි. ඒ නිසා ජලනන්දන පිරිත එවේලේ බලය පෙන්වන බව පැහැදිළිවේ. මෙසේ උතුරා පුපුරායෑම සමඟම දෝෂද භංගවී යන බව පැහැදිලිය. මේ දේ අත්හදා බලන්න නම් නිවෙස මස්, මාංස, සුරා, සූදුවෙන් සහ කිලිවලින් තොරවිය යුතුය. නිවෙසේ කාන්තාවන් පිරිසුදුව ස්නානය කළහැකි දිනයකදී මේ අත්හදා බැලීම කළහැකිය.

    ජලනන්දන පිරිත සහ යන්ත්‍රය බලගතුය. එහෙත් දැළිපිහියෙන් කිරි කෑම නොකළ යුතුය. ජලනන්දන යන්ත්‍රය නිවෙසේ නිතර භාවිත කළහොත් එම නිවෙසේ නිවැසියන්ට හා නිවෙසට ඉඩමට සිදුකර ඇති ආරක්ෂාවන් කැපී යා හැකිය. එසේම ග්‍රහ දෝෂ සඳහා පැලැඳ ඇති යන්ත්‍රවල බලය බිඳී යා හැකිය. ඇතැමුන් ජලනන්දන පිරිත නරක දේ විනාශ වන බව සහ හොඳ දේට බලය වැඩිවන බව පැවැසුවත් එය වැරැදිය. සියලු බල බිඳීයයි.
    ජලනන්දන පිරිත බොහෝ දෙනා භාවිත කරනුයේ අනවින දෝෂ කපා ඉවත් කිරීමටය. එසේම ඔවුන් එය යොදාගන්නේ බොහෝ විට නිවෙස ඇතුළත නොවේ. නිවෙසින් පිටත සාදාගත් වෙනම ස්ථානයකය. ඒ එම ස්ථානයේ පිරිසිදුකම ආරක්ෂා කර ගැනීමටය. එසේම ඒ ප්‍රදේශය කොටුකර (පිරිත් නූල්වලින්) සීමා බන්ධන පනවා ගනී. එවිට ඔබට පෙනෙන දෙයක් නම් ජලනන්දන පිරිත නිවෙසින් පිටත සිදුකරන යම් හේතුවක් ඇති බව සිතාගත හැකිය. එසේම අප දන්නා පරිදි

    ජලනන්දන පිරිත ආරම්භ කරන්නේ
    චතුවී සති බුද්ධෝති - යෝ භවිස්සතු උත්තමං
    පාරමී බල යුත්තේහි - ජලනන්ද උත්තමං
    ගාථාවෙනි. එහෙත් පැරැණි ජලනන්දන පිරිත ඊට වඩා වෙනස්ය. එය ආරම්භය වනුයේ
    සාදු නිබ්බාන ධම්මංහි - මේ යුත්තේන ජීවිතං
    හොන්තු යස්මාහි අග්ගං - ජලනන්දන උත්තමං
    ආදී ලෙසිනි. කාලයක් යෑමේදී පහසුව සඳහා කෙටි කිරීම් යොදාගන්න ඇතැයි සිතමි. එහෙත් සම්පූර්ණ ජලනන්දන පිරිතම කීම බලය සම්පූර්ණ කිරීමකි. එසේම ජලනන්දන පිරිත අවසාන කරනුයේ

    යක්ෂ භූත පිසාචාත්ම - ග්‍රහ දෝෂ විනාසනං
    නමස්සන්තුතේ බුද්ධරාජ - සබ්බ දෝෂ විනාසනං
    ලෙසිනි. එහෙත් පැරැණි නිවැරැදි ජලනන්දන පිරිතේ අවසානය වන්නේ
    සබ්බ ධම්මා ආටානාටියං - ඉමං බුද්ධ ගාථා යං භවිස්සතු
    බන්ධන ඡේදනං කපාල කපාල ඡේදනං පො--
    ලෙසටය. ඒ නිසා ජලනන්දන පිරිත ඉතාම බලවත් පිරිතකි. ජලනන්දන යන්ත්‍රය ඉතාම බලවත් යන්ත්‍රයකි. ජලනන්දන යන්ත්‍රයක් නිවෙසේ වළලා තැබීම, එල්ලා තැබීම සහ නිවැසියන් ගෙල පැලැඳ ගැනීම මඟින් සිදුවිය හැකි අතුරු දෝෂ රාශියක් වළක්වන මහඟු ආරක්ෂාවකි. නිසි පදම දැන කිරීමෙන් නිසි ඵල ප්‍රයෝජන ලබාගත හැකිය.

    විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේ‍යාතිෂ විද්‍යා ප්‍රසාදිනි)
    පේරාදෙණියේ එස්. වීරරත්න
    0727430179


    මෙහෙම හිතමුකෝ.. ඔන්න කවුරු හරි මට හූනියමක් කෙරුවා කියලා.. මම ඊට පස්සෙ ජලනන්දන පිරිත කිව්වොතින් හූනියම කැපෙනවද..?
    කැපෙන්න නං අඩු තරමේ කීපාරක්වත් කියන්න ඕනිද..?
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Onlne order karapu poth vagayak ada aava..:D
     

    Attachments

    • books.jpg
      books.jpg
      53.1 KB · Views: 60