෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1780761_470944479671883_190150165_n.jpg

    image.png

    kohli.jpg

    onna macho ube images tika dakala mamath mage avatar eka wenas karagaththa..:)
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Posted by soumik on (April 5, 2014, 14:41 GMT)

    As I Indian fan I would definitely want India to win the cup but in terms of true cricketing spirit and justice to the game I would like SL winning it. It would just be so fitting farewell for two of the greats of world cricket - Mahela and Sanga.Though they don't have to win a WC to be amongst the all time greats, they truly are,but winning a WC will make it more complete.I have very high regard for both of them and especially for Sanga after that ICC keynote speech.He is a cricketer for me who has contributed for the well-being of the game and hats off to him for that.At the end of the day it's not only the statistics that should define a cricketer.I hope SL wins it at the end of the day. Though I would be sad at heart but cricket will win at the end of the day.It's the game that is bigger than anyone us supporters.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    96 ලෝක කුසලානයේදී බැට්‌ නොකර
    ලකුණු ගත්ත ආනාගේ කතාව


    වහලක්‌ තනා නැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති පුටුවේ හිඳ ගත් ඔහු 1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගැනීම වෙනුවෙන් තිරය පිටු පස සිට යෝධ කර්තව්‍යයක්‌ ඉටු කළේය. නැහැ බැහැ වෙනුවට හරි කරමු කියන මතයේ සිටි ඔහු ඉලක්‌කයක්‌ වෙනුවෙන් එදා වැඩ ඇරඹීය. මෙවර 'අපි නොදන්න ක්‍රිකට්‌' ඔස්‌සේ සිය රස බර ක්‍රිකට්‌ පරිපාලනයේ අත්දැකීම් ගෙනහැර පාන මොහු ආනා පුංචිහේවාය.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් අලුත් වැඩක්‌ කළ මොහු මෙරටට ඩේව් වට්‌මෝර් ගෙන ආවේය. තරගයකට සහභාගි නොවී තර්ක කරමින් ශ්‍රී ලංකාවට 96 දී ජයග්‍රාහී ප්‍රසාද ලකුණු 4 ක්‌ ලබාදුන්නේය. පරිපාලකයාගේ කර්තව්‍ය නොපිරි හෙළා ඉටු කළ ආනා ක්‍රිකට්‌ ආයතනයේ සේවකයන් පස්‌දෙනකු සමග එදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය කළේය. සල්ලි සොයා ගැනීමට උපක්‍රම දියත් කළේය. 'හැබැයි ඉල්ලන ඕන දෙයක්‌ දෙන්නම් මට අවශ්‍ය ප්‍රතිඵල' යෑයි ඔහු එදා ක්‍රිකට්‌ කණ්‌ඩායමට පැවසීය. වාසනාවකි. ඔහුගේ පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව 96 ලෝක කුසලාන ජය ගත්තේය. එහෙත් ශ්‍රී ලංකාවට තවත් අවාසනාවක්‌ ලෝක කුසලාන දිනා ගැනීමෙන් දින 14 කට පසු සිදුවිය. එය ලිපිය අවසානයේදී දැන ගැනීමට හැකි වනු ඇත. ක්‍රිකට්‌ පරිපාලනයට පිවිසීමේ මුල් පියවර සමග ආනා 'අපි නොදන්න ක්‍රිකට්‌' ඔස්‌සේ මෙසේ සිය කතාව දිග හැරියේය.

    '1991 දී මගේ ගෙදර පාටියක්‌ තිබ්බා. ඒ කාලෙ මැලේසියානු ක්‍රිකට්‌ ආයතනයේ සභාපති මගේ හොඳ යාළුවෙක්‌ එයත් පාටියට ඇවිල්ල හිටියා. ටිරෝන් ප්‍රනාන්දු තමයි ඒ දවස්‌වල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපතිවරයා. මම ඔහුටත් ආරාධනා කළා. ගාල්ලේ ඇමැති කෙනෙක්‌ හිටියා එක්‌සත් ජාතික පක්‍ෂයේ රූපා කරුණාතිලක කියලා. එයාටත් මම ආරාධනා කළා. කොහොම හරි ඔය පාටිය නිසා තමයි මම ක්‍රිකට්‌වල පරිපාලනයට සම්බන්ධ වීමේ මූලික අඩිතාලම වැටුණෙ.

    අපේ ගෙදර තිබුණ පාටිය වෙලාවෙදි රූපා කරුණාතිලක ටිරෝන් ප්‍රනාන්දුගෙන් ඇහුවා ගාල්ලෙ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ තියෙද්දි ඇයි ජාත්‍යන්තර කණ්‌ඩායම් ආවහම මාතරට යන්නෙ මැච් ගහන්න. මේකෙත් මැච් ගහන්න පුලුවන්නෙ කියලා. එතකොට ටිරෝන් ප්‍රනාන්දු කිව්වා මේක ජාත්‍යන්තර ප්‍රමිතියට නැහැ. ඒක නිසා මැච් ගහන්න බැහැ කියලා. ඒ පාර රූපා කරුණාතිලක මගෙන් ඇහුවා ආනා අපි මේකට මොනව හරි කරමු නේද මට උදව් කරනවද කියල ඇහුවා. මම කිව්වා හරි කරමු කියලා. ඊට පස්‌සෙ අපි ගාලු ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ කමිටුවක්‌ හදල වැඩේ පටන් ගත්තා. අපි මිලියන අටක්‌ හොයල ගාල්ල ක්‍රීඩාංගණය ඒ කාලෙ සංවර්ධනය කළා. තණතීරු දහයක්‌ දැම්මා. ක්‍රීඩාංගණයෙ වතුර බහින ක්‍රමවේදයක්‌ සකස්‌ කළා. මම දකුණෙ සංගීත සංදර්ශන තියල එක එක දේවල් කරල තමයි මුදල් හොයා ගත්තෙ. ඒක තමයි ක්‍රිකට්‌ පරිපාලනයේ මම මුලින්ම කරපු වැඩේ.

    1992 දී මට ආරාධනාවක්‌ ආවා ගාල්ල ක්‍රීඩා සමාජයේ සභාපති වෙන්න කියලා. මම සභාපති වුණා. පස්‌සෙ ගාල්ල දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ සංගමයෙ මම සභාපති වුණා. 1993 දී ගාමිණී දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති වුණා. ගාමිණි දිසානායක මගේ පොඩි කාලෙ ඉඳල මිත්‍රයෙක්‌. එයා මට එන්න කිව්වා උප සභාපති විදිහට. අනිත් උප සභාපති හිටියෙ උපාලි ධර්මදාස. 1994 නොවැම්බර් මාසයේදි ගාමිණී දිසානායක හදිසියේ මිය ගියා. ඊට පස්‌සෙ අපි මාස හතරක්‌ ක්‍රිකට්‌ ආයතනය පරිපාලනය කළා. 95 දී ක්‍රිකට්‌ නිලවරණය ආවා එතනදි මම ඡන්දයට ඉදිරිපත් වෙලා සභාපති වුණා.

    මම ක්‍රිකට්‌ ආයතනයේ සභාපතිකම භාර ගන්නකොට ක්‍රිකට්‌ ආයතන ගිණුමෙ තිබුණ රුපියල් ලක්‍ෂ තුනයි. වැඩ කරන්න හිටියෙ පස්‌දෙනෙයි. ඔක්‌කොම ගත්තොත් අපිත් එක්‌ක දහ දෙනෙක්‌ හිටියෙ නැහැ. මට ඒ කාලෙ ක්‍රිකට්‌ ආයතනයේ සේවකයන් ඔක්‌කොටම ගෙවන්න ගියේ රුපියල් තිස්‌ දාහක්‌ විතර.

    මම සභාපති වෙන කොට ඉලක්‌කයක්‌ දුන්නා 2000 වසර වන විට අපි ලෝකයේ අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම විය යුතුයි කියල. 95 දී අපි ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල හිටියෙ 8 වැනි ස්‌ථානයේ. එතකොට බංග්ලාදේශය ටෙස්‌ට්‌ ගහන්නෙ නැති නිසා අපිට පල්ලෙහා හිටියෙ සිම්බාබ්වේ. මම සභාපති වුණාට පස්‌සෙ කට්‌ටියව ගෙනල්ලා ගලදාරී එකේ ඩිනර් එකක්‌ දුන්නා. එතනදි මම ඒගොල්ලන්ට කිව්වා මගේ සිහිනයක්‌ තියෙනවා 2000 දී අපි ලෝකයේ හොඳම ටෙස්‌ට්‌ කණ්‌ඩායම වෙන්න. එතනට එන්න ඔයගොල්ලන්ගෙ හදාගන්න තියෙන්නෙ මානසිකත්වය විතරයි. අනිත් අයට වගේම ඔයගොල්ලන්ටත් හොඳ ශරීරයක්‌ තියෙනව ක්‍රිකට්‌ ගහන්න. නමුත් ඔයාලා හිතන විදිහයි වෙනස තියෙන්නෙ. කොදෙව්වන්, ඔස්‌ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ රටවල් පරද්දන්න පුළුවන් කියන මානසිකත්වයට අපි එන්න ඕන කියල මම ඒ අයට පහදල දුන්නා. පස්‌සෙ මම ක්‍රිකට්‌ විලාසිතාවක්‌ හඳුන්වල දීල සම්මන්ත්‍රණ කිහිපයකුත් පැවැත්තුවා.

    ඒ කාලෙ ලංකාවෙ පුහුණුකරුවො හොඳයි. නමුත් ඒ අයට එක එක දේවල්වලට අවධානය යොමු කරන්න අවස්‌ථා එනවා. සමහර අම්මල තාත්තල යාළුවො ඇවිල්ල කියනව මෙයා කණ්‌ඩායමට ගන්න අරයව ගන්න කියලා. මොකද මටත් ඒ කාලෙ සමහරු ඇවිල්ල කිව්ව අරයව දාන්න මෙයාව දාන්න කියලා. එතකොට මම ඒ අයට කිව්වෙ මම පරිපාලනය පැත්ත විතරයි කරන්නෙ ක්‍රිකට්‌ ගහන එක ඒ අයගෙ වැඩක්‌ පුළුවන්නම් ඒ අයත් එක්‌ක කතා කරන්න කියල. ඒ නිසා මම හිතුවා විදේශීය පුහුණුකරුවෙක්‌ ගෙනාවොත් මේ ප්‍රශ්නවලට විසඳුම ලැබෙනව කියලා. ඊට පස්‌සෙ මම එංගලන්තයෙන්, ඔස්‌ටේ්‍රලියාවෙන්, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක්‌ කළා හොඳ පුහුණුකරුවෙක්‌ තෝරා දෙන්න කියලා. ඊට පස්‌සෙ ඔස්‌ටේ්‍රලියාවෙන් තෝරල දුන්නා ඩේව් වට්‌මෝර්වයි තව එක්‌කෙනෙකුයි. මම වට්‌මෝර්ගෙ ඉල්ලුම්පත්‍රය පරීක්‍ෂා කරන කොට මට තේරුණා මෙයා තමයි අපේ රටට හරි යන එක්‌කෙනා කියලා. මොකද එයා ඉපදිලා තියෙන්නෙ ලංකාවෙ නිසා හදවත ලංකාවෙ. එයාගෙ ක්‍රිකට්‌ ඔස්‌ටේ්‍රලියාවෙ. ඒ නිසා එයාව තෝරගත්තා.

    වට්‌මෝර් ඉල්ලුවා අවුරුද්දකට පඩිය ඇමරිකානු ඩොලර් ලක්‍ෂයක්‌. ක්‍රිකට්‌ ආයතන ගිණුමෙ තියෙන්නෙත් ලක්‍ෂ තුනයි. ලංකාවෙ මුදලින් රුපියල් ලක්‍ෂ 12 කට ආසන්න මුදලක්‌ ඒ කාලෙ හැටියට වට්‌මෝර්ට අවුරුද්දකට ගෙවන්න ඕන. මම මුලින්ම වට්‌මෝර්ව ගෙන්න ගන්න එකට අත්සන් කරල ආවා. විධායක කමිටුවෙ කට්‌ටිය කෑ ගැහුවා කොහොමද මේ සල්ලි ගෙවන්නෙ කියල. ඇයි මේකට අත්සන් කළේ කියලා. මම කිව්වා, බය වෙන්නෙ නැතුව ඉන්න මම ඒක හොයා ගන්නම් කියලා. මගෙ යාළුවෙක්‌ හිටියා ඔස්‌ටේ්‍රලියාවෙ ඩොක්‌ටර් ක්‌වින්ටන් ද සිල්වා කියල. මම එයාට කතා කරල කිව්වා ඔස්‌ටේ්‍රලියාවෙ ඉන්න ලංකාවෙ කට්‌ටිය ගාවට ගිහිල්ල මට ඩොලර් ලක්‍ෂයක්‌ හොයල දෙන්න වට්‌මෝර්ට පඩි ගෙවන්න කියලා. ඊට පස්‌සෙ මම හැමදාම එයාට ෙෆාaන් කරල කරදර කරනවා සල්ලි හම්බ වුණාද කියලා. ඊට පස්‌සෙ දවස්‌ කිහිපයකට පස්‌සෙ මෙයා මට කෝල් කරල කියනවා ගාන හම්බ වුණා කියලා. ඒත් කොහොමද සල්ලි හොයා ගත්තෙ කියලා මම ඇහැව්වා. එයා කිව්වා ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනයෙන් ඉල්ල ගත්ත කියලා. මටත් පුදුමයි.

    95 දෙසැම්බර් වල අපි ඔස්‌ටේ්‍රලියාවෙ ගිය ටුවර් එකට ටිරෝන් ප්‍රනාන්දු ඇපකරු වත්කම් ඉල්ලලා තිබ්බෙ ඩොලර් ලක්‍ෂයයි. පස්‌සෙ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනය ඒක ලක්‍ෂ දෙකක්‌ කරල අපිට ලක්‍ෂයක්‌ දුන්නා. ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනයෙන් කිව්වා මේක කාටවත් කියන්න එපා වැඩි කරපු ලක්‍ෂය ඩේව් වට්‌මෝර්ට දෙන්න කියලා. හැබැයි ඒ දවස්‌වල ඒක දැනගෙන හිටියෙ මම සහ අනුර තෙන්නකෝන් පමණයි. පස්‌සෙ මම දුලිප් මෙන්ඩිස්‌ව තේරීම් කමිටු ප්‍රධානියා සහ කණ්‌ඩායම් කළමණාකරු ලෙස පත් කළා. මම මේ කට්‌ටියම ගෙනල්ල කිව්වා ඔය ඔක්‌කොම එක වයසෙ කට්‌ටිය වගේ. එකට වැඩ කරන්න පුළුවන් කට්‌ටිය. ඉස්‌සර ක්‍රිකට්‌ ආයතනයේ කට්‌ටිය වගේ මම ඇඟිලි ගහන්න යන්නෙ නැහැ. ඔයගොල්ලන්ට ඕන දෙයක්‌ මගෙන් ඉල්ලන්න. මට ඕන ප්‍රතිඵල විතරයි කියල ඒ අයට වැඩේ බාර දුන්නා.

    ඩේව් වට්‌මෝර් මාසයකට පස්‌සෙ මට කියනව හොඳ භෞත චිකිත්සක කෙනෙක්‌ ඕන කියලා. මම ඇහුවා කාවද ඕන කියලා. එයා කිව්වා ඇලෙක්‌ස්‌ කොන්ටොරි තමයි හොඳ කියල. ඇලෙක්‌ස්‌ගෙ ගාන අවුරුද්දට ඩොලර් අසූ දාහයි. ශ්‍රී ලංකා නිව් සවුත්වේල්ස්‌ ක්‍රිකට්‌ සංගමයට ගිහිල්ල ඒ අයගෙන් සල්ලි හොයල ඇලෙක්‌ස්‌ට දුන්නා. ඒ කාලෙ ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තු නැති නිසා ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන වුණේ. පිටරට කණ්‌ඩායම් එනකොට අපේ කට්‌ටිය ගෙදර ඉඳන් මැච් එකට එන්නෙ.

    වට්‌මෝර් ඇවිල්ල ටික දවසකට පස්‌සෙ මට කතා කරල කිව්වා පොඩි ප්‍රශ්නයක්‌ තියෙනව ආනා. ප්‍රශ්නය තමයි ප්‍රැක්‌ටිස්‌ පටන් ගන්නෙ උදේ 7.00 ට වුණාට අරවින්දයි අර්ජුනයි ප්‍රැක්‌ටිස්‌ එන්නෙ 10.00 ට විතර කියලා. මම ඇහුවා ඔයාට ගන්න ඕන ඇක්‌ෂන් එක මොකක්‌ද කියලා. ඊළඟ දවසෙ පරක්‌කු වුණොත් වට දහයක්‌ දුවන්න කියනව කිව්වා. මම කිව්වා හරි එහෙම කරන්න කියලා. පස්‌සෙ වට්‌මෝර් ඇහුවා ඒ අය ඒක කරන්න බැහැ කිව්වොත් මොකද කරන්නෙ කියලා. මම කිව්වා ඒ අය ඒක නොකළොත් මම කණ්‌ඩායමෙන් ෙඩ්‍රාප් කරල දානව කියලා. පස්‌සෙ කොහොම හරි එක දවසක්‌ එහෙම දිව්වට පස්‌සෙ වෙලාවට ඇවිල්ල තියෙනවා. ඒ වගෙ හොඳ විනයක්‌ ඒ කාලෙ කණ්‌ඩායමේ ඇති වුණා. අනිත් එක තමයි වට්‌මෝර් මට කිව්වා අරවින්දටයි අර්ජුනටයි µqල් පහරයි ඩ්‍රයිව් පහරවලුයි ගහන විදිහ මට කියා දෙන්න දෙයක්‌ නැහැ. ඒ අය ඒක කරන්න ඕන විදිහ හොඳටම දන්නවා. මම ඒ අයගෙ මානසික පැත්ත හදන එක 90% ක්‌ම කරනව කියලා.

    වට්‌මෝර් පුහුණුකරු වෙලා ගිය පළමු ටුවර් එක පාකිස්‌තානයෙ. එහෙදි පළමු ටෙස්‌ට්‌ මැච් එක අපි ලොකු විදිහට පරාද වුණා. පත්තරවලින් මටයි ඩේව් වට්‌මෝර්ටයි ගහන්න ගත්තා. මට කියල තිබ්බෙ ක්‍රිකට්‌ ගැන දන්නෙ නැති එක්‌කෙනෙක්‌ සභාපති වෙලා වට්‌මෝර්ව ගෙනල්ල කරගත්තු දෙයක්‌ කියලා. පස්‌සෙ අපේ ටීම් එක ඉතිරි ටෙස්‌ට්‌ මැච් දෙකම දින්නා. එක්‌දින තරගාවලියත් දිනුවා. සාජා කප් එක දිනුවා. ඔස්‌ටේ්‍රලියාවෙ ගිහිල්ල එක්‌දින තරගාවලියක අවසන් තරගයට ආවා. ඔහොම ජයග්‍රාහී රිද්මයට ආවා.

    96 ලෝක කුසලාන තරගාවලියේදි ඔස්‌ටේ්‍රලියාවයි බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමයි එන්න බැහැ කියපු වෙලාවෙදි මම අයි.සී.සී. රැස්‌වීමට ගිහිල්ල ඒ ගැන සාකච්ඡා කළා. ඒ රැස්‌වීමෙදි මම කිව්වා මේ කට්‌ටිය එන්නෙ නැතිනම් අපිට පොයින්ට්‌ දෙක ගානෙ ඕන කියලා. ඒ ගමන ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ සභාපතියි කොදෙව් ක්‍රිකට්‌ සභාපතියි කිව්වා ඒ ගොල්ලන්ටත් දෙක ගානෙ ඕන කියලා. මම කිව්වා එහෙම දෙන්න බැහැ කියලා. පස්‌සෙ කොහොම හරි මේක විසඳන්න ඡන්දයක්‌ තිබ්බා. පළමු ඡන්දයෙදි අපි එක ඡන්දයකින් පරාද වුණා. එදා රෑ මම හැම ක්‍රිකට්‌ ආයතනයකම සභාපතිවරුන් මුණ ගැහිල මේ ප්‍රශ්නය කතා කළා. ඒ කාලෙ අයි.සී.සී. සභාපති වුණේ සර් ක්‌ලයිව් වෝල්කොට්‌. මම ක්‌ලියිව් හම්බ වෙලා කිව්වා සර් මේ ප්‍රශ්නය හෙටත් කමිටි එකට ගන්න ඕන ඒකට මට උදෙන්ම අවස්‌ථාව දෙන්න කියලා. මම උදේම යන කොට වෙලාවට නවසීලන්තයෙ සභාපති ඇවිල්ල නැහැ. මම ක්‌ලයිව්ට අතින් කිව්ව පටන් ගන්න කියලා. පස්‌සෙ නවසීලන්තයේ ඡන්දය නැති නිසා අපි දිනුවා. අපිට ලකුණු දෙක බැගින් හම්බ වුණා ඔස්‌ටේ්‍රලියාවයි කොදෙව්වනුයි ආපු නැති නිසා.

    මම අර්ජුනට ඇවිල්ලා කිව්වා ලෝක කුසලානයක ක්‍රීඩාංගණයටත් යන්නෙ නැතිව මැච් දෙකක්‌ දිනවල ලකුණු හතරක්‌ අරන් දුන්න එකම එක්‌කෙනා මම කියලා. එදා කතා නොකර හිටිය නම් ඒ අය එන්නෙත් නැතිව ලකුණු දෙක යන්නෙ ඒ අයට. ඒත් ප්‍රශ්නය එතනින් විසඳුනේ නැහැ. එළියට ආපු ගමන් කෙන්යාවෙ ක්‍රිකට්‌ සභාපති කියනව පළමු මැච් එක ගහන්න ලංකාවට එන්න බයයි කියලා. මම කිව්වා දැන්ද කියන්නෙ ඇයි එතනදි කිව්වෙ නැත්තෙ කියලා. ඒ අය කියන්නෙ පළමු මැච් එකට එන්න බැහැම කියලා. පස්‌සෙ අපිට කල්පනාවට ආවා ඉන්දියාවයි පකිස්‌තානයයි ඒකාබද්ධ කණ්‌ඩායමක්‌ ගෙනල්ල මැච් එකක්‌ ගහන්න. ඒ පාර ඒකාබද්ධ කණ්‌ඩායමේ පාට ගැන ප්‍රශ්නයක්‌ ආවා. පකිස්‌තාන් අය කියනව ඒ අයගෙ පාට ඕන කියලා. ඉන්දියාවෙ අය කියනව ඒ අයගෙ පාට ඕන කියලා. පස්‌සෙ මම කිව්වා සුදු ඇඳුමින් තරගය පවත්වමු කියලා. මැච් එක ගැහුවා.

    අභියෝගය හමුවේ දක්‍ෂ පරිපාලකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මුලසුන හෙබවූ ආනා පුංචිහේවාගේ ධුර කාලය ලෝක කුසලාන දිනා දින 14 කින් අවසන් විය. වැඩක්‌ කළ ආනා පුංචිහේවා ඉවත් කිරීමට නිලවරණයකට හැකිවිය. එදා ලෝක කුසලාන දිනූ සැමටම නම්බු නාම පිරිනැමිණි. ආනා කළ කිසි දෙයක්‌ කිසිවකුටත් නොදැනුණි. අවසානයේ යෝධ ජයග්‍රහණයකට තිරය පිටු පස සිටි නායකයා දින 14 කින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මහ පුටුවට ආයුබෝවන් කීවද ඔහු එදා කළ දැ රන් මෙන් අගනේය.




    http://www.divaina.com/2014/04/06/feature06.html
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ මේ මූ බලපන්කො...
    http://www.espncricinfo.com/premier-league-tournament-2013-14/content/player/50438.html
    http://stats.espncricinfo.com/premi...t_wickets_career.html?id=8747;type=tournament
    මූ දැන් ආයෙ ටිකක් වැඩ පෙන්නනවා වගේ...මේ ප්‍රීමියර් ලීග් ටූනමන්ට් එකේ මූ මැච් 8කට විකට් 43ක් කඩලා..පව් අප්ප මුට සීනියර් උන්ගෙ තරහවල් පිරි මහන්න මූව බිල්ලට දීල දැන් බල්ලට දාල අහක බලන් ඉන්නව..:(:growl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උඹේ ඇවටාර් එක පොඩියි මචං. අපේ සයිස් එක දාගනින් ලොකු එක. මගේ හෝ කාගේ හරි ඇවටාර් එක ක්ලික් කරලා සේව් කරගෙන දාගනින්. :):)

    done :)
     
    Status
    Not open for further replies.