ඔන්න ඇමෙරිකාවෙ,ඉන්දියාවෙ, එන්ගලන්තයෙ සහ ශ්රී ලන්කාවේ නායකයෝ ටික ගියාලු මහා බ්රහ්මයා හමු වෙන්න. මහා බ්රහ්මයා කියන්නෙ හෙන බලසම්පන්න, අනාගතය එහෙම පෙනෙන කෙනෙක් හින්දා යන හැමෝම ඇහුවේ එකම ප්රශ්නය ලු.
මුලින්ම ප්රශ්නය ඇහුවේ ඇමෙරිකා නායකයාලු. ප්රශ්නය තමයි මගේ රට ආර්ථික , සමාජයීය අතින් සුඛිත මුදිත වෙලා රට ස්වයන්පෝශිත වෙන්න කොච්චර කල් යයිද කියලා.
මහා බ්රහ්මයා ටිකක් කල්පනා කරලා කියනවාලු තව අවුරුදු 150කින් එහෙම වෙනව කියලා. එතකොට ඇමරිකා නායකයා අඩන්න පටන් ගන්නවලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ මේව බලන්න කියලා.
ඊලගට එන්ගලන්තයෙ නායකයා ඒ ප්රශ්නයම ඇහුවාලු. මහා බ්රහ්මයා ආයෙ කල්පනා කරලා උත්තර දෙනවා ලු තව අවුරුදු 200 ක් යයි කියලා. එන්ගලන්තයෙ නායකයත් අඩන්න පටන් ගත්තාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.
ඊලගට ඉන්දියාවෙ නායකයා ඒ ප්රශ්නයම ඇහුවා ලු. මහා බ්රහ්මයා කල්පනා කරලා කිව්වාලු තව අවුරුදු 300ක් යනවා එහෙම තත්වයකට ඉන්දියාව එන්න කියලා.ඉන්දියාවේ නායකයත් ඔන්න අඩනවාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.
අවසාන වශයෙන් ශ්රී ලන්කාවේ නායකයා අර ප්රශ්නය ඇහුවාලු.
කියන්න කණගාටුයි මිත්රවරුනි, එතකොට මහා බ්රහ්මයා අඩන්න පටන් ගත්තාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.