මහා සයුරෙ රැලි ගොඩට ගලනවා.....හමන සුලං සිසිල දැනෙනවා....![]()
දැන් අවුරුදු ගානක් වෙනව..ඒ අපි ඒ ලෙවල් ලියන්න කිට්ටු වෙලා, අවසාන මාස දෙකේ තුනේ වගේ...ඒ ටිකේ ඉස්කෝලෙ ගියේ නැති වුනත්...එක දිගට ක්ලාස් තිබුණ,කට්ටියත් සෑහෙනට හිටිය...මාත් ඒ ටිකේ දිගටම ආවෙ,ක්ලාස් යනවට වඩා ඔයාගෙ ඔය අහිංසක මූන බලාගන්න පොඩ්ඩක් හරි හම්බෙන හින්ද.මුල කාලෙ හුගක් වැහැපු හින්ද වෙන්ඩ ඇති මාස ගානක් යනකන් දිගටම සීතල තිබුන..ඒ සීතලත් එක්ක ඔයා එනකන් බස්ටෑන්ඩ් එක ගාව පැය ගනන් බලන් හිටපු මතක, තාමත් ඉදල හිටල එක පාරටම මතක්වෙන්නෙ හිතේ ගැඹුරුම තැනකින් එන ආදරෙන් පිරිච්ච හැගීමක් එක්ක...
ඒ අස්සෙ මොකක් හරි දාල යන්ඩ බැරි,ජීවිතෙන් ඈතටම යන්ඩ ගියපු දෙයක් තියෙනව කියලයි තාමත් මට හිතෙන්නෙ....අද පරණ පොත් වගයක් අදිද්දි ඔයා ගැන අපේ ආදරේ ගැන මට අපි හම්බුනු අවසාන දවසෙදි...අවසාන පැයේ දෙකේ,දැනුනු දේවල් පේලි කීපෙකින් ලියල එදා පොතක් අස්සට දාපු කොල කෑල්ලක් දැක්ක....ඔව්ව්..අද වගේම මට මතකයි...එදාවත් මන් ඔයාට කොච්චර ආදරේද කියන්න තිබුණ නන් කොච්චර හොදයිද කියල මට හිතුන..අපේ ඇස් හුගක් ඈතට යන්න ඉස්සෙල්ල එදා ටික වෙලාවක් යාවෙලා තියෙන්න ඇති...ඒ ටික වෙලාව මට ජීව්ත කාලෙටම අමතක කරන්න බෑ සුදු...සෑහෙන කාලයක් ගියා..ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත් මන් හරියට දන්නෑ..ඒත් මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ තාමත් එහෙමයි..අපි ආයෙත් හම්බෙනව නන්,........කොහෙ හිටියත් සතුටින් ඉන්න,.. දෙවි පිහිටයි....
මනුස්සයෝ මේකේ කෑම හදන්නේ නෑ ඕනෙනං පුජා වට්ටියක් දෙන්නං ගෙදර ගිහින් කන්න. බේකරිය එහා.. පැත්තේ.... එහා එහා .. අරෙහෙ එහා පැත්තේ .. ඔව් ඔව් එහාට යන්න මෙහෙ නෑ.. නෑ නෑ.. 
මොන්ටිසොරිය නං තව එහා නෙ බස් එකේ මාම ඔයාව මෙතන බැස්සුවද 


රජෝ උයා