කොහේ හෝ නුඹ නතර වී,
කාට හෝ ජීවිතය දී..
තුටින් නම් මට ඒ ඇති..
මගේ නොවුනට කම් නැති,
නුඹ, මගේ නොවුනට කම් නැති...
උන්න දා අපි අපේ වී නුඹ,
දුන්නු සෙනෙහස අරුමැති..
ලෝබ නෑ හිත අහිමි - Ahimi දා අද,
මමත් දැන් මට හිමි නැති...
නුඹ ළගත් මතකය ඇති..
නමුදු අපි වෙන්වී ඇති..
එපා රිදවුම් ගන්න දිවියට,
අපිට හිමි ජීවිත ඇති...