අනිත් හේතු මොනවද ?
ගොඩක් තියෙනව. ලංකාවෙනම් ඉතින් අපනයනයට වඩා ආනයනය වැඩිවීම ප්රධාන වශයෙන් බලපානව.
දැන් ලෝකයේ බොරතෙල් මිල ඉහල ගිහින්නෙ ඉතින් ඒ වගේ ඒව Import කරනකොට සෑහෙන මුදලක් යනව. ඒ විතරක් නෙමෙයි වාහන Import කරන එක සෑහෙන වැඩිවෙලා තියෙනව. ඒව බලපානව.
ඊළඟ එක තමයි අපි ණය අරගෙන ඒව ගෙවන්න ඕන එක. ඒවල පොලිය ගෙවන්න ඕන. ඒ වගේ පොලිය, ණය වාරික ගෙවද්දි ඉහල යනව.
අනිත් දේ තමයි පිටරට ආයෝජන අඩුවීම.
තව දුරටත් බැලුවොත් දේශපාලන අස්ථාවරත්වය වගේ දේවලුත් ආයෝජන හා මුදල් ඒකකය පහල යන්න බලපානව.
අපනයන වැඩි නොවීම තමයි ප්රධාන ම කාරණයක් වෙන්නෙ.









