~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෑහෙන හෙල්ප් ඉල්ලනවනෙ එක එක දේවල් ගැන. ඒක නිසා ඒ වගේ කරන එක ටිකක් ප්‍රායෝගික ව අපහසුයි මං හිතන්නෙ. අනිත් අයට ත්‍රේඩ් අලුතින් දාන්න බැරි වෙන ම සෙක්ෂන් එකක් හදල ඒ සෙක්ෂන් එකට වැදගත් ත්‍රේඩ් මූව් කරන එක කළානම් ඔයිට වඩා හොඳ වෙනව. ඒකට ඉතින් ත්‍රේඩ් සජෙස්චන් සෙක්ෂන් එකක් වගේ එකක් දාල කරන්න පුළුවන්. නැත්තම් මොඩ් කරන අයට එකින් එක හොයල කරන්න බැරිවෙයි මං හිතන්නෙ.

    අර් වගේ ත්‍රේඩ් Sticky කළාම ඒක සීමා සහිතයිනෙ. මොක ද එක පිටුවකට පෙන්වන්න පුළුවන් සීමාවන් තියෙනවනෙ. ඉතින් අලුතින් දාන ඒව පෙන්නෙ නැතුව යනව එකපාර එතකොට.

    අහ් ඔයා මගේ අදහස වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ මට පේන්නේ ?:sorry:
    එහෙම අහන හැම ත්‍රෙඩ් එකම ස්ටිකි කරන්න කියල නෙමේ මම කියන්නේ...
    එක ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා '' එළකිරි නෝටිස් බෝඩ් '' ( මට නිකන් ඔලුවට ආපු නම ),එක ඇතුලේ පොස්ට් වලින් තමා අහන්නේ.
    මම අහනවා ත්‍රෙඩ් එකක් ගැන. කව්රු හරි ඒක මතක කෙනෙක් හොයල දෙනවා.....
    ඊට පස්සේ ඕනේ කෙනෙක් එක ඇතුලේ තමා පොස්ට් මගින් විස්තර හොයන්නේ...
    ස්ටිකි කරලා තියෙන නිසා යට යන්නේ නෑනේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    ඔයා කියන්නෙ ත්‍රේඩ් හොයන එකට ත්‍රේඩ් එකක් දාල ඒක ස්ටිකි කරන්න කියල. එළ එළ. GT අයියට PM එකක් දාන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයා කියන්නෙ ත්‍රේඩ් හොයන එකට ත්‍රේඩ් එකක් දාල ඒක ස්ටිකි කරන්න කියල. එළ එළ. GT අයියට PM එකක් දාන්න.

    හප්පේ...මම වාක්‍යය ගණන් ටයිප් කරපු එක මාලිංග වචන තුන හතරකින් සරලවම පැහැදිලි කලානේ.....:lol::lol:
    ඔන්න ඔය අටමගල ගැන තමා මම මෙච්චර වෙලා කිව්වේ.ස්තුතියි ස්තුතියි, පැහැදිලිව සරලව කිව්වට.:):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හප්පේ...මම වාක්‍යය ගණන් ටයිප් කරපු එක මාලිංග වචන තුන හතරකින් සරලවම පැහැදිලි කලානේ.....:lol::lol:
    ඔන්න ඔය අටමගල ගැන තමා මම මෙච්චර වෙලා කිව්වේ.ස්තුතියි ස්තුතියි, පැහැදිලිව සරලව කිව්වට.:):)

    නෑ ඉතින් මට මුලදි ඔයා කියපු දේ තේරුනේ වැරදි විදියට. :)

    දාල බලන්න පීඑම් එකක් අර ත්‍රේඩ් එකේ දැම්ම කියල ජීටී අයිය දකී ද කියල ෂුවර් නෑ. අඩුගානෙ ඔයාට කියයි දාන්න බැරිනම් එහෙම බැරි හේතුවක් හරි. :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මල් කියන වචනෙ අහපු ගමන් කට්ටිය මෙහෙමනම් :shocked::shocked: :lol::lol:

    ඇයි මචං උබ මල් කඩන්නේ /මල් අදින්නේ/ මල් පුජා කරන්නේ/ මල් ගහන්නේ එහෙම නැද්ද :shocked: ඔන්න හසන්ත මහත්තයෝ මට මල පනිනවා වතුර බාල්දියක් එක්ක ටොයිලට් එක තියන පැත්ත කියන්නකෝ මහත්තයෝ:baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නෑ ඉතින් මට මුලදි ඔයා කියපු දේ තේරුනේ වැරදි විදියට. :)

    දාල බලන්න පීඑම් එකක් අර ත්‍රේඩ් එකේ දැම්ම කියල ජීටී අයිය දකී ද කියල ෂුවර් නෑ. අඩුගානෙ ඔයාට කියයි දාන්න බැරිනම් එහෙම බැරි හේතුවක් හරි. :)
    aiya elakiriyata gt aiya android,ios app ekak hadaida?:oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ ඉතින් මට මුලදි ඔයා කියපු දේ තේරුනේ වැරදි විදියට. :)

    දාල බලන්න පීඑම් එකක් අර ත්‍රේඩ් එකේ දැම්ම කියල ජීටී අයිය දකී ද කියල ෂුවර් නෑ. අඩුගානෙ ඔයාට කියයි දාන්න බැරිනම් එහෙම බැරි හේතුවක් හරි. :)

    ඔව් ඔව් දාන්න ඕනේ..... :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මචං උබ මල් කඩන්නේ /මල් අදින්නේ/ මල් පුජා කරන්නේ/ මල් ගහන්නේ එහෙම නැද්ද :shocked: ඔන්න හසන්ත මහත්තයෝ මට මල පනිනවා වතුර බාල්දියක් එක්ක ටොයිලට් එක තියන පැත්ත කියන්නකෝ මහත්තයෝ:baffled::baffled:

    මල් පොඩිකාලෙ ඇඳල ඇති. මල් ගහන ඒව අපි කරන්නෙ නෑ. මල් කඩන ඒව, මල් පූජ කරන ඒව මේ අවුරුද්ද ඇතුළතනම් කරල නෑ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aiya elakiriyata gt aiya android,ios app ekak hadaida?:oo:

    ඒකනම් දන්නෙ නෑ මල්ලි. vBulletin එකට එන මොබයිල් ඒවට සෑහෙන අමතර ගානක් ගෙවන්න වෙන නිසා කියන්න බෑ‍ ඒකනම්. කොහොමත් දැන් ගොඩක් අය මොබයිල් විතරක් ඉන්ටර්නෙට් සඳහ පාවිච්චි කරන නිසා ඒ වගේ එකක් තිබුණනම් ගොඩක් හොඳයි තමයි.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ උත්තමය තමා ඉතින් කරන්න ඕනේ.;);)

    ටැග් සිස්ටම් එක අවභාවිතා කරනවනේ කට්ටිය. ෆෝරම් එකට මෙහෙම එකක් තියෙන හොඳයි කියල හිතුන. ලඟදි දවසක කුක්කා ඔය වගේ පරණ ත්‍රෙඩ් එකක් ගැන අහල තිබ්බා.ඒ වෙලාවේ තමා හිතුනේ.

    ElaKiri Help , Open Forum , මේ වගේ තැන් ඔය වැඩේට ගැලපෙනවනේ. ඕපන් ෆෝරම් එකේ නම් ත්‍රෙඩ් 2 ස්ටිකි කරලා තියෙන්නේ.

    :baffled::baffled::baffled::baffled:

    godak hoda thread thiyenava yata yana , eva search karannnath hari nama denan inda epai, oya wage stick karala thiyenavanam supiri:cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෑහෙන හෙල්ප් ඉල්ලනවනෙ එක එක දේවල් ගැන. ඒක නිසා ඒ වගේ කරන එක ටිකක් ප්‍රායෝගික ව අපහසුයි මං හිතන්නෙ. අනිත් අයට ත්‍රේඩ් අලුතින් දාන්න බැරි වෙන ම සෙක්ෂන් එකක් හදල ඒ සෙක්ෂන් එකට වැදගත් ත්‍රේඩ් මූව් කරන එක කළානම් ඔයිට වඩා හොඳ වෙනව. ඒකට ඉතින් ත්‍රේඩ් සජෙස්චන් සෙක්ෂන් එකක් වගේ එකක් දාල කරන්න පුළුවන්. නැත්තම් මොඩ් කරන අයට එකින් එක හොයල කරන්න බැරිවෙයි මං හිතන්නෙ.

    අර් වගේ ත්‍රේඩ් Sticky කළාම ඒක සීමා සහිතයිනෙ. මොක ද එක පිටුවකට පෙන්වන්න පුළුවන් සීමාවන් තියෙනවනෙ. ඉතින් අලුතින් දාන ඒව පෙන්නෙ නැතුව යනව එකපාර එතකොට.

    eka thread ekak dala eke categary warga daala link demmanam hari namath ekka
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    eka thread ekak dala eke categary warga daala link demmanam hari namath ekka

    :baffled::baffled::baffled::baffled:

    godak hoda thread thiyenava yata yana , eva search karannnath hari nama denan inda epai, oya wage stick karala thiyenavanam supiri:cool:

    උඹට තේරුනා නේද මම අදහස් කරපු දේ.....
    මාලිංග අයියා උඩ කියල තියෙන්නේ?
    ත්‍රෙඩ් හොයන ත්‍රෙඩ් එක ස්ටිකි කරන්න..........:)
     
    • Like
    Reactions: Rosaine_Doll

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සාමාන්‍ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය ...

    වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන.

    බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන ඉන්න එකියෙකුට වාතයක් ගිය විටදී ඇය.....

    වාතයක් ගියා මේ ගැන කවියක් ලියන්න ඕන

    මෙතෙක් කලක් මගේ තුල ..
    නිදන් ව සිටි නුඹ..
    මටත් නොකියාම දොරකඩට විත්..
    දෑල ඉවුරු දෙදරවමින්..
    නික්ම ගිය බව..
    ලොවට කියන්නේ කෙලෙසකද...
    එබැවින් ලොවට සඟවමි...
    නුඹ නික්ම ගිය වග..
    පෑල දොරින්..
    එහෙත් සබඳ නුඹ ගියද..
    නුඹ ඉතිරි කර ගිය සුවඳ..
    තවමත් මා අසලමයැ...

    ......පෝස්ට් එක දැමු පසු සෙවලයන්ගේ කමෙන්ට් ටික..

    ෂා නංගියෝ .. හැරගිය පෙමේවතා ගැන නේද ලියලා තියෙන්නේ..

    ලස්සනයි සොයුරිය...

    සුන්දරයි කිවිඳිය නූතන ගජමන් නෝනා නුඹමයැ..

    ......ටිකකින් ඉන්බොක්ස් එකට....

    නංගි කවිය පවුද්ගලික අත්දැකීමක් ගැනද ලිවුවේ..

    පුද්ගලික අත්දැකීම් දාන්න එපා මේ බුකිය විෂමයි.. හිතේ දුකක් තියනවනං කියන්න...

    දිගටම යන චැට් එක....

    නංගියෝ ලස්සන කවිය..

    ස්තුතියි අයියා...

    දිගටම ලියන්න...

    හ්ම්...

    ඔය වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද විරහව ගැන..

    ඔවු අයියා හැමදාම වගේ ...

    ඒකනේ ඒ සේරම එකතු කරලා පොතක් ගහමු...

    පොතකට නම් එකතු කරන්න බෑ අයියා බැලුමකට වගේ නම් එකතු කරන්න පුලුවන් වෙයි...

    නංගි හරි විහිලුනේ.. සැහැල්ලුවෙන් ඉන්නවා නේද..

    හ්ම්...

    ඇයි නංගි හ්ම් ගෑවේ.. දුකෙන්ද ඉන්නේ..

    මගෙන් අහන්න එපා අයියේ..

    ප්රශ්නද නංගියො...

    හ්ම්...

    මටත් එහෙමයි...

    අපි දෙන්නම එකම බෝට්ටුවේ නේද අයියා...

    නංගි වට්ස්ඇප් ඉන්නවද...

    ඔවු අයියා......

    ......ධනුෂ්ක කාංචන ජයවීර....

    උපුටා ගැනීම මුහුණුපොතෙන් :lol::lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනිත් හේතු මොනවද ?

    ගොඩක්ම බලපාන්නේ GDP එක (Gross Domestic Product) ඒ කියන්නේ රට ඇතුළෙ නිශ්පාදන. ඒක වැඩිනන් අන්න ආර්ථිකේ නගිනව. ආර්ථිකේ එක්ක equity වැඩිවෙනව (equity market). Market Oppertunities වැඩිවෙනව. එහෙම වෙනකොට foriegn investment වැඩිවෙනව. ඒ කියන්නේ රට ඇතුලට තව සල්ලි එනව (තවත් හොඳයි). මේ දේවල්වලට ගොඩක් බලපාන්නේ කෙලින් දැක්මක් තියෙන රජයක් සහ දේශපාලන ප්‍රථිඵත්ති.

    දැන් මන් කිව්ව ඔක්කොම අනිත් පැත්තට හිතන්න. එතකොට අපේ රටේ තත්වේ තේරෙනව. අපිට rate එක වැඩිපුරම බලපාන්න හේතුව මේකයි. අපි වැඩිහරියක් import හන්ද ඉතින් rate එක එක්ක CPI වැඩිවෙනව ඉතින් (Consumer price index: සරලව කිව්වොත් බඩු මල්ලක මිල). ඒත් income වැඩිනොවන නිසා income/expenses අඩුවෙනව. ඉතින් අන්න ඒකයි අවුල :oo:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉතින් අපේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට ඕවට විසදුම් දෙන්න බැරිද

    පුලුවන් බන්. ඒත් දූෂණ වංචා එක්ක ලොකු පුටුවල ඉන්න ලොකු bzness තියෙන අයට ඒකෙන් සිද්ධවෙන වාසිය මොකද්ද? (එයාලට අවාසියක් වෙන්නේ)