තමන් අතිශය දුෂ්කර අවස්ථාවකට ඇද දැමුණු මේ අවස්ථාවෙහි පවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම පුදුම සහගත ලෙස වෘත්තිකය. ඔහු කිසිවකුට බැණ අඬ නොගසයි. සංයමයකින් යුතුව හා ආචාරශීලීව තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරයි. ගැටළුවට සම්බන්ධ සෙසු පාර්ශ්ව හා සාකච්ඡා කරමින් රටට අවම හානියක් වන පරිදි හා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවක් නොවන පරිදි වත්මන් හා හිටපු ජනාධිපතිවරුන් විසින් ඇති කරන ලද මේ අනවශ්‍ය ගැටය ලිහා දමන්නට වෙර දරයි.






