වෙනස් කරන්න බෑ. ඔතන අවුල තියෙන්නෙ බලතලවලවත්, මන්ත්‍රීලගෙ බලයවත් නෙමෙයි. දේශපාලකය කියන චරිතය වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ සිත්වලින්. ඉස්සර හිටපු රජවරු කියන අයගෙ බලතල ආදිය දැන් අයට වඩා වෙනස් වුණා කියල දැනුත් මිනිස්සු කරන්නෙ ඒ වන්දනාවමනෙ.
තාවකාලිකව ඕක කරන්න පක්ෂ ක්‍රමය අහෝසි කරල ජනතාව අතරට සමාගම් ක්‍රමය ගේන්න ඕන.
මං ඕකට එක හේතුවක් කියන්නද?
ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක් රජවරුන්ගේ පාලනය යටතේ ඉඳල එකපාරටම යටත් විජිත ක්රමයක ඉඳල බලේම්ම වගේ ප්රජාතන්ත්ර වාදී ආණ්ඩු ක්‍රමේකට තල්ලු වෙච්ච රටක්. මිනිස්සු විසින් පාලන ක්‍රමයක් පෙරලලා අලුත් ක්‍රමයක් ඉල්ලපු ජනතාවක් නෙමේ. අන්න ඒ ඇරියස් එක තාම මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා.
ඔයාට කියන්න දැන් අපි මේකේ කඹ අදින කාලෙට බලන්න කොච්චර දේවල් කරන්න ඕනෙද කියල මනාපයක් ගන්න
දේශපාලකයා බඩු බෙදනව වාගේ රෙප් බෙදන්න ඕනේ චන්දයක් ගන්න. ඇත්ත ජීවිතෙත් ඔහොම තමා ඉතින් බෝධිසත්වය වාගේ ඉඳල චන්දෙ පරදින්න බෑ නෙ. රැල්ලට යන්න වෙනව පරණ පාරෙම. 

