හේ.......
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා....
පින් මදිද දන්නේ නෑ
කරුමයද දන්නේ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන්
යලි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ ඒ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා
පව්කාර යැයි ඔබ කියූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා
පව්කාර යැයි ඔබ කියූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා
ඉන්න වස්තුවේ මම කියපු වේලේ ඔයා
ගස්සලා ගියේ මියැදෙන්න මට කියා
තේරුනත් නැතත් ඒ කිව්ව වචනෙන් පවා
මාව පණ පිටින් ඉද්දීම මියැදුනා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිඟා
නෑ පලක් ඔයා නැති හින්දා
පව්කාර යැයි ඔබ කියූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා
වරදලා ඔයා තේරුම් අරන් මා එදා
හේතු කාරණා නොඅසාම පිටවුණා
දන්න අය මගෙන් ඇහුවා ඔයා කෝ කියා
පෑරිලා තිබූ හිත තවත් පෑරුවා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිඟා
නෑ පලක් ඔයා නැති හින්දා
පින් මදිද දන්නේ නෑ
කරුමයද දන්නේ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන්
යලි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ ඒ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා
පව්කාර යැයි ඔබ කියූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා
පව්කාර යැයි ඔබ කියූ අත් දෙකෙන්
වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා