~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/9

    අද පිට්සා දිනයයි.

    අද චොකලට් දිනයයි. (වැලන්ටයින් සතිය)

    W.G.මෝර්ගන් විසින් වොලිබෝල් ක්‍රීඩාව ලොවට හදුන්වා දුන්නේ අදවෙනි දිනකයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔකද බං උඹේ ප්‍රශ්ණේ... මම ඇත්තටම දැක්කේ නෑ...
    මම දන්න විදිහට කතෝලික අය ආයේ ඉපදෙන්නේ නෑ...
    ඒ නිසා ඒ අය කියන්නේ සමාදානයේ සැතපේවා කියලා.. එක්කෝ ඒ අය දෙවියන් වහන්සේ ගාවට යනවා නැත්නම් යක්‍ෂයා ගාවට. නිවන්සුව පතනවා කියන්නේ ආයේ අපි අතරම ඉපදෙන්නේ නැතිව කෙලින්ම නිවන් දකින්න කියන එකයි....හැබැයි අපි දන්නවා ඒක ලේසි නැති බව. ඒක නිකන් නමට කියන එකක්. දැන් සමහරු කියනවා අප අතරම ඉපදේවා කියලා...

    සමාදානයේ සැතපේවා කියනඑක මට වඩා ඩොඩෝ දන්නවා ඇති....

    :D:D:D
    උබ විතරයි මේකේ හොද එකෙක්ට ඉන්නේ :love:
    අනිත් ඔක්කොම පරයෝ :angry:

    ඒ කියන්නේ සමාදානයේ සැතපේවා කියන්නේ දෙවියන් ගාවට යනවා කියන අදහසද?:oo:

    ඉස්ලාම් අයයි හින්දු අයයි මැරුණම මොකක්ද කියන්නේ? :oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මචෝ උඹේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක හරිම අමාරුයි, මොකද අපි එච්චරටම දියුණු මනසක් නැති නිසා...
    එත් මම විශ්වාස කරන , මම හරියි කියල හිතන දේ මම කමෙන්ට් කරන්නම්.
    :confused::confused:
    :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රශ්නයක් -

    කතෝලිකයෝ සාමයේ සැතපේවා කියන එකෙයි බෞද්ධයෝ නිවන් සුව පතමි කියන එකෙයි හරියටම වෙනස පැහැදිලි කරපංකෝ

    ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ.

    කතෝලික, ක්‍රිස්තියානි ආගම් වල පුද්ගලයෙකුගේ මරණය සහ මරණින් මතු අවස්තාව ගැන තියෙන ඉගැන්වීම් හරි සරලයි.
    නැවත උත්පත්තියක් එනම් පුනර්භවයක් ගැන විශ්වාසයක් නෑ.

    මේ ලෝකේ ජීවත් වෙන කාලය තුලදී කෙනෙකුගේ ක්‍රියාව යහපත් / අයහපත් බව අනුව කෙනෙක්
    ස්වර්ගයට - HEAVEN
    ශුද්ධගිනිස්තානය - PURGATORY
    අපාය - HELL

    කියන ස්ථාන 03 යවනු ලබනවා. ඒක තීරණය කරලා ඒ ක්‍රියාවලිය කරන්නේ දෙවියන්ගේ අග්‍ර දූත වරු විසින්.

    ස්වර්ගය කියන්නේ සදාතනික සැපය.දෙවියන්ගේ ස්ථානය.

    අපාය කියන්නේ සදාතනික දුක.සාතන් හෙවත් යක්ෂයාගේ ස්ථානය.

    ශුද්ධගිනිස්තානය - PURGATORY කියන්නේ අන්තරා අවස්තාවක්. එතැනදී කෙනෙකුට ජීවත් වෙන පුද්ගලයන්ගේ යාක්ඤා ( ඉල්ලීම් සහ මැදිහත්වීම් )
    මත ස්වර්ගයට යන්න අවස්තාව තියෙනවා.
    අන්න එකයි කතෝලික උදවිය මළවුන් සිහි කරලා පල්ලි වල ඔරසං කියන්නේ, දාන දෙන්නේ.විවිද අනුස්මරණ ක්‍රියා සිද්ධ කරන්නේ.

    බෞද්ධ දර්ශනයේ '' නිවන '' කියන දේ තේරුම් ගන්න තරම් උසස් මනසක් නම් මට නෑ.
    මම අහපු දේවල් ටිකක් කියන්නම්....
    ඕනෑම සත්වයකුගේ ආත්මය තමයි ජීවය.ශරීරය කියන්නේ ආත්මය දරාගෙන ඉන්න උපකරණයක් වගේ.
    ආත්මයේ ගමන තීරණය කරන්නේ යහපත / අයහපත මත.
    මේ ගමන කෙලවර තමයි නිවන.
    උදාහරණයකින් කිව්වොත් ඉටිපන්දමක් දැල්විලා අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.ශුන්‍යය විතරයි...
    නිවන ඒ වගේ. සත්‍යයේ මාර්ගයේ කෙලවර ඇත්තේ හිස් බවක් විතරමයි. කිසිම දෙයක් නෑ.

    වතාවක් හාමුදුරු නමක් මට හරිම සරල පැහැදිලි කිරීමක් කියල දුන්න.

    ඒ මෙහෙමයි.....
    ඇලීම්, බැඳීම්, මතකයන් කියන්නේ ජීවිතය කියන කොම්පියුටරේ අපි හදන ෆයිල්ස්.දවස ගානේ අපි එකින් එක වැඩි කරනවා.
    ඔය ෆයිල් එකින් එක ඩිලීට් කරන්න.එහෙම කරාම අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
    හාර්ඩ් එක සම්පුර්ණයෙන්ම හිස් වෙනවා.
    අන්න එතන තමයි නිවන.

    අරිසිමලේ පන්සලේ කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ තමයි මට එහෙම දේශනා කලේ..

    උඹ , මම වගේ ජීවිතේ සත්‍යය සහ මුලාව අතර අතරමං වෙච්ච මිනිස්සුන්ගෙන් හරි පාර අහන්න එපා බන්......
    පුළුවන් තරම් තනියමම කල්පනා කරලා උත්තර හොයන්න උත්සාහා කරපන්...එහෙම වුනොත් මතු ආත්මයක දී හරි උඹට සත්‍යය වැටහේවි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ.

    කතෝලික, ක්‍රිස්තියානි ආගම් වල පුද්ගලයෙකුගේ මරණය සහ මරණින් මතු අවස්තාව ගැන තියෙන ඉගැන්වීම් හරි සරලයි.
    නැවත උත්පත්තියක් එනම් පුනර්භවයක් ගැන විශ්වාසයක් නෑ.

    මේ ලෝකේ ජීවත් වෙන කාලය තුලදී කෙනෙකුගේ ක්‍රියාව යහපත් / අයහපත් බව අනුව කෙනෙක්
    ස්වර්ගයට - HEAVEN
    ශුද්ධගිනිස්තානය - PURGATORY
    අපාය - HELL

    කියන ස්ථාන 03 යවනු ලබනවා. ඒක තීරණය කරලා ඒ ක්‍රියාවලිය කරන්නේ දෙවියන්ගේ අග්‍ර දූත වරු විසින්.

    ස්වර්ගය කියන්නේ සදාතනික සැපය.දෙවියන්ගේ ස්ථානය.

    අපාය කියන්නේ සදාතනික දුක.සාතන් හෙවත් යක්ෂයාගේ ස්ථානය.

    ශුද්ධගිනිස්තානය - PURGATORY කියන්නේ අන්තරා අවස්තාවක්. එතැනදී කෙනෙකුට ජීවත් වෙන පුද්ගලයන්ගේ යාක්ඤා ( ඉල්ලීම් සහ මැදිහත්වීම් )
    මත ස්වර්ගයට යන්න අවස්තාව තියෙනවා.
    අන්න එකයි කතෝලික උදවිය මළවුන් සිහි කරලා පල්ලි වල ඔරසං කියන්නේ, දාන දෙන්නේ.විවිද අනුස්මරණ ක්‍රියා සිද්ධ කරන්නේ.

    waradine ban godak ewa :dull::dull::dull:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    waradine ban godak ewa :dull::dull::dull:

    මමත් ඔය අහපු දේවල් බන්....වැරැද්ද පෙන්නලා දීපන්කො ?:confused:
    මම ඔය ගොඩක් ආගම් ගැන ඉගෙන ගන්නේ නැත්තේ හරි, වැරැද්ද මොකක්ද කියන එක තේරුම් බේරුම් කර ගන්න බැරි නිසා බන්.....

    :sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ , මම වගේ ජීවිතේ සත්‍යය සහ මුලාව අතර අතරමං වෙච්ච මිනිස්සුන්ගෙන් හරි පාර අහන්න එපා බන්......
    පුළුවන් තරම් තනියමම කල්පනා කරලා උත්තර හොයන්න උත්සාහා කරපන්...එහෙම වුනොත් මතු ආත්මයක දී හරි උඹට සත්‍යය වැටහේවි.
    20 අසන්ක්ය කල්ප ලක්ෂයක් ගියාට පස්සෙනම් පුළුවන් වෙයි මෙහෙම කරන්න .
    නිවන ගැන තනියම පාර හොයා ගන්නනම් බුදු වෙන්නම වෙනවා .

    නමුත් නිවන් දකින්න නිවනට යන පාර කියා දුන් උත්තමයගෙන් පැවත එන කලන වැටෙන් උපකාරය අරගෙන කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: NK123

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    20 අසන්ක්ය කල්ප ලක්ෂයක් ගියාට පස්සෙනම් පුළුවන් වෙයි මෙහෙම කරන්න .
    නිවන ගැන තනියම පාර හොයා ගන්නනම් බුදු වෙන්නම වෙනවා .

    නමුත් නිවන් දකින්න නිවනට යන පාර කියා දුන් උත්තමයගෙන් පැවත එන කලන වැටෙන් උපකාරය අරගෙන කරගන්න පුළුවන්

    අම්මේ....මේ ඉන්නේ මේ ගැන දන්න මනුස්සයෙක්.....:yes:

    මේකනේ ඇරෝ අයියේ, අද ඇත්ත කියන කෙනයි, බොරු කියන කෙනයි තෝරලා වෙන් කරන්න තරම් ශක්තියක් මට නම් නෑ.:no:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ.

    හින්දු ආගම ගැන දන්නා ටික කියන්නම් .එයාලගේ විදියට අපේ ඇග මැරුණට හිත මැරෙන්නේ නෑ .එක මේ කය මරුන ගමන් වෙන එකක් ඇතුලට යනවා (වෙන සත්වයෙක් වෙනවා )ඒ නිසා වේදයේ තියෙන්නේ "කඩුවකින් තොප කාපිය නොහැක ,ගින්නකින් විනාශ කල නොහැක ,කුරුල්ලා පරණ කුඩුව හැර අනික් කුඩුව තනන්නාක් මෙන් නුබ කයක් හැර කයක් තනන්නේය "
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හින්දු ආගම ගැන දන්නා ටික කියන්නම් .එයාලගේ විදියට අපේ ඇග මැරුණට හිත මැරෙන්නේ නෑ .එක මේ කය මරුන ගමන් වෙන එකක් ඇතුලට යනවා (වෙන සත්වයෙක් වෙනවා )ඒ නිසා වේදයේ තියෙන්නේ "කඩුවකින් තොප කාපිය නොහැක ,ගින්නකින් විනාශ කල නොහැක ,කුරුල්ලා පරණ කුඩුව හැර අනික් කුඩුව තනන්නාක් මෙන් නුබ කයක් හැර කයක් තනන්නේය "

    එතකොට ඒ හිත අලුතෙන් ඇතුළු වෙන ශරීරය මොකක්ද කියන එක තීරණය කරන්නේ මොකකින්ද ?
    එතකොට ඒ ගමනේ අවසානයක් නැද්ද ? :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මේ....මේ ඉන්නේ මේ ගැන දන්න මනුස්සයෙක්.....:yes:

    මේකනේ ඇරෝ අයියේ, අද ඇත්ත කියන කෙනයි, බොරු කියන කෙනයි තෝරලා වෙන් කරන්න තරම් ශක්තියක් මට නම් නෑ.:no:
    දෙයක් අහද්දී කෙනෙක් ගැන ආශාවක් /රාගයක් ,තරහක් /ද්වේශයක් ඇති වෙන්නේ නැතිනම් අහන දෙයින් තමන්ගේ ආශාවන්,තරහවන් යටපත් වෙනවනම් එක බුදු හාමුදුරුවොත්ගේ දහමක් කියලා උන් වහන්සේ එක් අවස්තාවක දේශනය කළා .තමන් බන අහන ගිහි හෝ පැවිදි කෙනා කෙනෙක්ට බයිනවානම් තව දේපල රස කරන්න ඉඩම් රස කරන්න වාහන ගන්න ඔය වගේ තන්හාවට රුකුල් දෙන දෙයක් නම් දේශනා කරන්නේ එයින් ඉවත් වෙන්න .දේශනා කරන කෙනා තමන්ටත් අනුන්ටත් යහපත් වෙන දෙයක් නම් කරන්න කියන්නේ ඒක කරන්න ඕන .

    තමන් කරන දෙයින් අන් අයට යහපතක් වෙනවනම් තමන් නිවටයා බවට පත් වෙලා හරි එයාටනේ ගුණ ගරුක පුද්ගලයෙක් කියන්නේ .(එක මනුස්සයෙක් අපි කෙල්ලෝ ගොඩක් මැද කයියක් ගහන ඉද්දි ඈවිත් කනට ගහලා යනවා .අපිටත් ආපහු කනට ගහන්නද විරිය ඕන සද්දනතිව ඉන්නද.අපි ආපහු ගැහුවනම් එකෙන් පාපයක් වෙනවා .තමන්ට කේන්තියක් යනවා .එකෙන් තමන්ටත් හොද නෑ අනුන්ටත් හොද නෑ .ඉතින් කවුරු හරි හිමිනමක් කියනවනම් ඔබට ඉවසන්න ,මේ මේ වැරදි කරන්න එපා කියලා එකෙන්වත් මිදිලා ඒ මග යන්න.ගුණය තුලින්ම නියම මාර්ගයට ඔබලා වැටේවි )
     
    ලොකු ඉවසීමක්, හික්මීමක් තියෙන්න ඕනේ නේ.....

    මනස සන්සුන් කරගන්න තමා අමාරුම.

    :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට ඒ හිත අලුතෙන් ඇතුළු වෙන ශරීරය මොකක්ද කියන එක තීරණය කරන්නේ මොකකින්ද ?
    එතකොට ඒ ගමනේ අවසානයක් නැද්ද ? :confused:
    හින්දු ආගමේ අවසානය මහා බ්‍රහ්මයා වෙන එක .හේතුව මහා ප්‍රහ්මයාගේ ආයුෂ භාවනා යෝගී කෙනෙක්ට බලලා බලලා ඉවර කරන්න බැරි නිසා එයාලා හිතනවා බ්‍රහ්මයෝ අමරණීයයි කියලා .රූපාවචර බ්‍රහ්ම ලෝකේ ආයුෂ කල්ප 500 එයා.කල්පයක් කියන්නේ කොයි වගේද ඇහුවොත් ඔයා දවසක් විතර 1 දාලා බින්දු ගොඩක් ටයිප් කරලා එකේ වර්ගේ ගත්තම වගේ කාලයක් අවුරුදු වලින් .කල්පය අරව මේවා ගැන සුත්‍ර ගොඩක් තියනවා ,ඉස්සර මටත් කල්පය කිවම මහා කාලයක් වගේ හැගීමක් දැනුන නෑ නමුත් දහම ගවේෂණයත් එක්ක කල්පේ කියන්නේ කොයි වගේද කියලා ලාවට හිතෙනවා ,බුදු හාමුදුරුවොනම් කිවේ මහා මේරු පර්වතය සේලයකින් පිරිමදලා ක්ශය වෙන දවසට කල්පයක් කියලා ,මහමෙරු පර්වතය තියන තැන දන් නැති එකේ දන්නා ලොකුම පර්වතයක් රෙද්දකින් පිහ දාලා ඒක ක්ශයවෙන්න යන කාලය හිතලා පොඩි අදහසක් ගන්න

    *****************************************

    හින්දුන්ට අනුව ශරීරය හැදෙන්න පින පව අනුව ,ඊට අමතරව පව් ගෙවෙන්න දෙවියන්ට විවිද පුජා කරනවා ,කටු ගහන ඉන්නවා ,විවිද වුත සමාදන් වෙනවා.ඔය හැරියානම් මාත් ගොඩක් දන්නේ නෑ
     
    මහාමේරු පර්වතය ගැන මමත් අහල තියෙනවා.....

    හින්දු ආගමේ අනිත් කරුණු ටික නම් කලින් දැනන් උන්නේ නෑ. ස්තුතියි.
    ඔය හින්දු කට්ටිය වේල් කරත්ත ඇදගෙන යන්නේ ඔය සිද්ධිය නිසාද....මුන්නේශ්වරම් වලදී දැකල තියෙනවා.:yes: