~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/10

    අද ලෝක කුඩ දිනයයි

    අද ලෝක විවාහ දිනයයි. (වැලන්ටයින් සතිය)

    අද හොලිවුඩ් නිලි සුරූපී Chloë Grace Moretz :love: ගේ 22වන උපන්දිනයයි.

    ටොම් ඇන්ඩ් ජෙරී කාටුනය පළමුවරට විකාශය වුයේ අදවෙනි දිනකයි.


    අද දින 61 වන ග්‍රැමි සම්මාන උළෙල පැවැත්වේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචෝ උඹේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක හරිම අමාරුයි, මොකද අපි එච්චරටම දියුණු මනසක් නැති නිසා...
    එත් මම විශ්වාස කරන , මම හරියි කියල හිතන දේ මම කමෙන්ට් කරන්නම්.
    :confused::confused:
    :yes:

    :):):)


    ඉස්ලාමය සහ හින්දු ආගම් ගැන කිසිම දෙයක් හරිහැටි නොදැන , හරිහැටි කියවන්නේ නැතුව දෙයක් කියන එක තේරුමක් නෑ.

    කතෝලික, ක්‍රිස්තියානි ආගම් වල පුද්ගලයෙකුගේ මරණය සහ මරණින් මතු අවස්තාව ගැන තියෙන ඉගැන්වීම් හරි සරලයි.
    නැවත උත්පත්තියක් එනම් පුනර්භවයක් ගැන විශ්වාසයක් නෑ.

    මේ ලෝකේ ජීවත් වෙන කාලය තුලදී කෙනෙකුගේ ක්‍රියාව යහපත් / අයහපත් බව අනුව කෙනෙක්
    ස්වර්ගයට - HEAVEN
    ශුද්ධගිනිස්තානය - PURGATORY
    අපාය - HELL

    කියන ස්ථාන 03 යවනු ලබනවා. ඒක තීරණය කරලා ඒ ක්‍රියාවලිය කරන්නේ දෙවියන්ගේ අග්‍ර දූත වරු විසින්.

    ස්වර්ගය කියන්නේ සදාතනික සැපය.දෙවියන්ගේ ස්ථානය.

    අපාය කියන්නේ සදාතනික දුක.සාතන් හෙවත් යක්ෂයාගේ ස්ථානය.

    ශුද්ධගිනිස්තානය - PURGATORY කියන්නේ අන්තරා අවස්තාවක්. එතැනදී කෙනෙකුට ජීවත් වෙන පුද්ගලයන්ගේ යාක්ඤා ( ඉල්ලීම් සහ මැදිහත්වීම් )
    මත ස්වර්ගයට යන්න අවස්තාව තියෙනවා.
    අන්න එකයි කතෝලික උදවිය මළවුන් සිහි කරලා පල්ලි වල ඔරසං කියන්නේ, දාන දෙන්නේ.විවිද අනුස්මරණ ක්‍රියා සිද්ධ කරන්නේ.

    බෞද්ධ දර්ශනයේ '' නිවන '' කියන දේ තේරුම් ගන්න තරම් උසස් මනසක් නම් මට නෑ.
    මම අහපු දේවල් ටිකක් කියන්නම්....
    ඕනෑම සත්වයකුගේ ආත්මය තමයි ජීවය.ශරීරය කියන්නේ ආත්මය දරාගෙන ඉන්න උපකරණයක් වගේ.
    ආත්මයේ ගමන තීරණය කරන්නේ යහපත / අයහපත මත.
    මේ ගමන කෙලවර තමයි නිවන.
    උදාහරණයකින් කිව්වොත් ඉටිපන්දමක් දැල්විලා අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.ශුන්‍යය විතරයි...
    නිවන ඒ වගේ. සත්‍යයේ මාර්ගයේ කෙලවර ඇත්තේ හිස් බවක් විතරමයි. කිසිම දෙයක් නෑ.

    වතාවක් හාමුදුරු නමක් මට හරිම සරල පැහැදිලි කිරීමක් කියල දුන්න.

    ඒ මෙහෙමයි.....
    ඇලීම්, බැඳීම්, මතකයන් කියන්නේ ජීවිතය කියන කොම්පියුටරේ අපි හදන ෆයිල්ස්.දවස ගානේ අපි එකින් එක වැඩි කරනවා.
    ඔය ෆයිල් එකින් එක ඩිලීට් කරන්න.එහෙම කරාම අවසානයේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
    හාර්ඩ් එක සම්පුර්ණයෙන්ම හිස් වෙනවා.
    අන්න එතන තමයි නිවන.

    අරිසිමලේ පන්සලේ කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ තමයි මට එහෙම දේශනා කලේ..



    උඹ , මම වගේ ජීවිතේ සත්‍යය සහ මුලාව අතර අතරමං වෙච්ච මිනිස්සුන්ගෙන් හරි පාර අහන්න එපා බන්......
    පුළුවන් තරම් තනියමම කල්පනා කරලා උත්තර හොයන්න උත්සාහා කරපන්...එහෙම වුනොත් මතු ආත්මයක දී හරි උඹට සත්‍යය වැටහේවි.

    :love::love::love:
    හ්ම් සංකීර්ණ දෙයක් තමයි :yes:
    තනියමම කල්පනා කරල හොයාගන්න මට මොලේ මදි.
    මට දැනගන්නේ ඕන වුනේ සාමාන්යෙන් මිනිස්සු මොකක්ද හිතාගෙන ඉන්නේ කියලා RIP සහ නිවන කියන එක ගැන



    waradine ban godak ewa :dull::dull::dull:

    :oo::oo::confused::confused:
    මොනවද වැරදි ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    20 අසන්ක්ය කල්ප ලක්ෂයක් ගියාට පස්සෙනම් පුළුවන් වෙයි මෙහෙම කරන්න .
    නිවන ගැන තනියම පාර හොයා ගන්නනම් බුදු වෙන්නම වෙනවා .
    නමුත් නිවන් දකින්න නිවනට යන පාර කියා දුන් උත්තමයගෙන් පැවත එන කලන වැටෙන් උපකාරය අරගෙන කරගන්න පුළුවන්



    හින්දු ආගම ගැන දන්නා ටික කියන්නම් .එයාලගේ විදියට අපේ ඇග මැරුණට හිත මැරෙන්නේ නෑ .එක මේ කය මරුන ගමන් වෙන එකක් ඇතුලට යනවා (වෙන සත්වයෙක් වෙනවා )ඒ නිසා වේදයේ තියෙන්නේ "කඩුවකින් තොප කාපිය නොහැක ,ගින්නකින් විනාශ කල නොහැක ,කුරුල්ලා පරණ කුඩුව හැර අනික් කුඩුව තනන්නාක් මෙන් නුබ කයක් හැර කයක් තනන්නේය "


    දෙයක් අහද්දී කෙනෙක් ගැන ආශාවක් /රාගයක් ,තරහක් /ද්වේශයක් ඇති වෙන්නේ නැතිනම් අහන දෙයින් තමන්ගේ ආශාවන්,තරහවන් යටපත් වෙනවනම් එක බුදු හාමුදුරුවොත්ගේ දහමක් කියලා උන් වහන්සේ එක් අවස්තාවක දේශනය කළා .තමන් බන අහන ගිහි හෝ පැවිදි කෙනා කෙනෙක්ට බයිනවානම් තව දේපල රස කරන්න ඉඩම් රස කරන්න වාහන ගන්න ඔය වගේ තන්හාවට රුකුල් දෙන දෙයක් නම් දේශනා කරන්නේ එයින් ඉවත් වෙන්න .දේශනා කරන කෙනා තමන්ටත් අනුන්ටත් යහපත් වෙන දෙයක් නම් කරන්න කියන්නේ ඒක කරන්න ඕන .

    තමන් කරන දෙයින් අන් අයට යහපතක් වෙනවනම් තමන් නිවටයා බවට පත් වෙලා හරි එයාටනේ ගුණ ගරුක පුද්ගලයෙක් කියන්නේ .(එක මනුස්සයෙක් අපි කෙල්ලෝ ගොඩක් මැද කයියක් ගහන ඉද්දි ඈවිත් කනට ගහලා යනවා .අපිටත් ආපහු කනට ගහන්නද විරිය ඕන සද්දනතිව ඉන්නද.අපි ආපහු ගැහුවනම් එකෙන් පාපයක් වෙනවා .තමන්ට කේන්තියක් යනවා .එකෙන් තමන්ටත් හොද නෑ අනුන්ටත් හොද නෑ .ඉතින් කවුරු හරි හිමිනමක් කියනවනම් ඔබට ඉවසන්න ,මේ මේ වැරදි කරන්න එපා කියලා එකෙන්වත් මිදිලා ඒ මග යන්න.ගුණය තුලින්ම නියම මාර්ගයට ඔබලා වැටේවි )

    හින්දු ආගමේ අවසානය මහා බ්‍රහ්මයා වෙන එක .හේතුව මහා ප්‍රහ්මයාගේ ආයුෂ භාවනා යෝගී කෙනෙක්ට බලලා බලලා ඉවර කරන්න බැරි නිසා එයාලා හිතනවා බ්‍රහ්මයෝ අමරණීයයි කියලා .රූපාවචර බ්‍රහ්ම ලෝකේ ආයුෂ කල්ප 500 එයා.කල්පයක් කියන්නේ කොයි වගේද ඇහුවොත් ඔයා දවසක් විතර 1 දාලා බින්දු ගොඩක් ටයිප් කරලා එකේ වර්ගේ ගත්තම වගේ කාලයක් අවුරුදු වලින් .කල්පය අරව මේවා ගැන සුත්‍ර ගොඩක් තියනවා ,ඉස්සර මටත් කල්පය කිවම මහා කාලයක් වගේ හැගීමක් දැනුන නෑ නමුත් දහම ගවේෂණයත් එක්ක කල්පේ කියන්නේ කොයි වගේද කියලා ලාවට හිතෙනවා ,බුදු හාමුදුරුවොනම් කිවේ මහා මේරු පර්වතය සේලයකින් පිරිමදලා ක්ශය වෙන දවසට කල්පයක් කියලා ,මහමෙරු පර්වතය තියන තැන දන් නැති එකේ දන්නා ලොකුම පර්වතයක් රෙද්දකින් පිහ දාලා ඒක ක්ශයවෙන්න යන කාලය හිතලා පොඩි අදහසක් ගන්න


    *****************************************

    හින්දුන්ට අනුව ශරීරය හැදෙන්න පින පව අනුව ,ඊට අමතරව පව් ගෙවෙන්න දෙවියන්ට විවිද පුජා කරනවා ,කටු ගහන ඉන්නවා ,විවිද වුත සමාදන් වෙනවා.ඔය හැරියානම් මාත් ගොඩක් දන්නේ නෑ


    අම්මෝ....
    හරියටම දැනගන්න වෙනම අධ්‍යනයක් කරන්න වෙනවා
    කමක් නෑ කෙටියෙන් දැනගත්තා කියලා හිතෙනවා
    ඉස්ලාම් ආගමේ මරණින් පසු මොනවා වෙනවා කියලද කියන්නේ?


    "තමන් කරන දෙයින් අන් අයට යහපතක් වෙනවනම් තමන් නිවටයා බවට පත් වෙලා හරි එයාටනේ ගුණ ගරුක පුද්ගලයෙක් කියන්නේ"
    - මේක තමා කරන්න අමාරුම වැඩේ. මොකෙක් හරි වලියට ආවොත් මන් හදන්නෙත් එතනින් කොමහරි ශේප් වෙන්න. පින් පව් හින්දා නෙමේ. වලි ගිහිල්ලා නිකන් ලෙඩක් දාගන්න බැරි නිසා. හිතට කේන්තියක් ආවම මට මාවම පාලනය කරගන්න බැරිවෙලා මොනව අරූට කරයිද කියන භය නිසා. ඒත් එහෙම සද්ද නැතිව හිටියම පිටින් බලන මිනිහෙකුට පේන්නේ ඒක පොන්න ක්‍රියාවක් වගේ. ඊටපස්සේ සමාජෙන් කොන් වෙනවා.


    සාරාංශයක් විදියට ගත්තොත් හැම ආගමකින්ම අන්තිමට කියන්නේ හොදට හිටියොත් මරණින් මතු සැප ලැබෙනවා කියලනේ. නරක කලොත් දුක් විදින්න වෙනවා
    මේක මිනිස්සුන්ව ජිවිත කාලය තුල යහමගේ යවන්න කරපු පුංචි රැවටීමක් වෙන්න බැරිද?:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 2/10

    අද ලෝක කුඩ දිනයයි

    අද ලෝක විවාහ දිනයයි. (වැලන්ටයින් සතිය)

    අද හොලිවුඩ් නිලි සුරූපී Chloë Grace Moretz :love: ගේ 22වන උපන්දිනයයි.

    ටොම් ඇන්ඩ් ජෙරී කාටුනය පළමුවරට විකාශය වුයේ අදවෙනි දිනකයි.


    අද දින 61 වන ග්‍රැමි සම්මාන උළෙල පැවැත්වේ.
    teddy dinaya neda ada