ඇයි අරකට බුදි කියන්නේ?
ඒක ව්‍යවහාරයේ එන වචනයක්...කව්රු නම හැදුවද කියන්න නම් දන්නේ නෑ.

බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
![]()


ඉතින් අඑත්තනෙ කට්ටිය ඒකද දන්නැඑ කරන්නෙ මණ්ඩපේ බැදපු උන්දැලැඑ
බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
![]()

බොරු කියාදෙන්න එපෝ..
බුදියනවා කියන්නෙත් නිදියනව කියන එකටම්මයි..
ප්‍රාදේශීය ව්‍යවාහාරයක්...
නිදියනවා කියලා කියන අය පසු කාලීනව අර ව්‍යාවාහරයේ අමුත්ත නිසා සංසර්ගයට එක්වෙන එකට භාවිතා කරනවා...
රූපවාහිනී මාධ්‍යය හරහා උන දෙයක්...
අදටත් බුදියනවා කියන නුවර පළාතේ කුරුණෑගල පැත්තේ මිනිස්සු ඉන්නවා...
පොඩි අය පවා බුදියනවා කියනවා..
පොස් උනාම නිදියනවා කියන්නේ
බුදියගනින් ඩෝ...![]()


අම්මෝ...මෙන්න මෙයා මණ්ඩපයට ඇවිදින්.....
කාලෙකින්![]()
මගෙ රත්තරං යාලුවෝ ඉන්නව ද බලල යන්න ආවා සුද්දා ..
මක්කය් වෙන්නෙ ඉතිම් ?
ඕක මෙහෙමනේ....මමත් ඒකයි කිව්වේ ව්‍යවහාරයේ එන වචනයක් කියල.ඒ කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ පාවිච්චි කරපු වචනයක්.
ප්‍රාදේශීය වශයෙන් එකම වචනයට වෙනස් වෙනස් තේරුම් තියෙන්නේ පුළුවන්.
අපේ පැති වල බුදියනවා කියන වචනය සාමාන්‍යයෙන් සභ්‍ය අවස්තාවන් ( ලියද්දි, වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරද්දී, ගෞරවයෙන් ආමන්ත්‍රණය කරද්දී ) වලදී පාවිච්චි කරන්නේ නෑනේ.....කුරුනෑගල නුවර නම් ඇත්තටම එහෙමද දන්නේ නෑ...
ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න.
විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී
ඒක නිසා අපේ ව්‍යවහාරයේ බුදියනවා කියද්දී අපේ ඔලුවට එන්නේ ඒ තේරුම.
නිදියනවා = බුදියනවා කියන එක අතීතයේ එකම තේරුමක් දීල, පස්සේ වෙනස් වුනාද කියන කාරණය මම දන්නේ නෑ.
ප්‍රොෆෙසර් බලගල්ලගේ වගේ වාග් විශේෂඥ කෙනෙක් ගෙන් ඇහුව නම් හරියටම කියයි.
ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න.
විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී
විශේෂ යමක් නෑ ...උපුල් මාමයි මමයි වචන හරඹයක යෙදිලා උන්නේ....
