2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල;17663093 said:
    පොළව කොටන තැන - පාර තනන තැන
    ගිනියම් අව්වේ - මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...

    අපිව කොටින්ගෙන් බේරාගත්ත army එකේ දෙවියෝ වගේ කට්ටිය තමයි දැන් පාරවල් වල ගිනියම් අව්වේ - මහ වරුසාවේ ගල් අල්ලන්නේ :no: ( සින්දුවට අදාල නැති වුනත් දැක්ක ගමන් මතක් වුනේ ඒක )
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මධු බදුන් කැසට් එකේ විරෝධාකල්ප ගීත CD එකට පසුකාලයේ අතහැරලා ගත්තේ මගේ ලඟ මේ කැසට් එක තිබෙනවා. ඕකේ පේ‍්‍රමදාස මහතාට එෙරෙහිව ගීතයක් තියෙනවා ඝාතකයා කියලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිව කොටින්ගෙන් බේරාගත්ත army එකේ දෙවියෝ වගේ කට්ටිය තමයි දැන් පාරවල් වල ගිනියම් අව්වේ - මහ වරුසාවේ ගල් අල්ලන්නේ :no: ( සින්දුවට අදාල නැති වුනත් දැක්ක ගමන් මතක් වුනේ ඒක )

    ඒකනම් ඇත්ත :yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උල ලේනෝ
    පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ
    කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
    උල ලේනෝ... උල ලේනෝ...

    හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
    නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උල ලේනෝ... උල ලේනෝ...

    ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
    නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
    උල ලේනෝ... උල ලේනෝ...

    සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
    නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
    උල ලේනෝ... උල ලේනෝ...

    ගුණදාස කපුගේ
    රං බණ්ඩා සෙනෙවිරත්න
    සේන වීරසේකර
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මධු බදුන් කැසට් එකේ විරෝධාකල්ප ගීත CD එකට පසුකාලයේ අතහැරලා ගත්තේ මගේ ලඟ මේ කැසට් එක තිබෙනවා. ඕකේ පේ‍්‍රමදාස මහතාට එෙරෙහිව ගීතයක් තියෙනවා ඝාතකයා කියලා

    ඉස්සර අපේ ගෙදරත් ඔය කැසට් එක තිබ්බා.. නමුත් අපි පොඩියි තරමක් ඒ නිසා ඒක ගැන එච්චර උනන්දුවක් තිබ්බේ නෑ.. අපරාදේ කැසට් එක දැන් හොයා ගන්න නෑ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උලලේනෝ ගීතය වගේම පසුබිමෙන් දේශපාලන තේමාවක් යන ගීතයක් තියෙනවා නේද කිඹුලෝ කොබෙයියනේ වරෙල්ලා කියලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..

    දළදා මැදුර අදිකව මිල කල හැකිය..
    සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
    කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
    සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය..

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..

    හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
    පවරා සිංහරාජය ලී මෝලකට..
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට..

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..