කුසල් මෙන්ඩිස්ගෙන් ඉගෙන ගමු...
රාජපක්ෂලාට පසුව මිනිසුන් වැඩියෙන්ම පහර ගැසුවේ කුසල් මෙන්ඩිස්ටය..![]()
සිරිසේනගෙන් පසුව වැඩිම FB Posts වලින් සමච්චලයට ලක් කරේ කුසල් මෙන්ඩිස්ය..![]()
ෆ්‍රෙඩී සිල්වාගේන් පසුව මිනිස්සු වැඩිපුරම හිනා වූයේ කුසල් මෙන්ඩිස් පිටියට එනවිටය..![]()
කමල් අද්දරාරච්චිගෙන් පසුව වැඩිම අපවාද එක් වූයේ සිගරට් එකක් බිවු කුසල් මෙන්ඩිස්ටය...![]()
" ක්‍රිකට් දන්නෙ නැති අය මට පහර ගහනවා " යැයි කිවූ විට ක්‍රිකට් දන්නා ප්‍රේක්ෂකයො කුසල් මෙන්ඩිස්ව නොමරා මැරූවේය..![]()
කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර නොව ලංකාවේ ක්ලබ් මැච් එහෙකටවත් ක්‍රීඩා කළ නොහැකි අයුරෙන් තරග තහනමක් පැනවිය..![]()
කුසල් මෙන්ඩිස් අතින් රිය අනතුරක් වී රිමාන්ඩ්ගත වූ විට ඔහුට ඇප දෙනවිට පවා මිනිස්සු කතා හැදූහ..![]()
1995 පෙබරවාරි 02 වෙනිදා උපත ලැබූ බලපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්ට තරම් අන්වර්ථ නාම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කාටවත් පබැදෙන්නට නැත..![]()
" බිංදුමති " කීවේය.. " බිංදු බිංදු මල් වැස්සෙ තෙමෙන්නට එපා.. " කීවේය..![]()
කුසල් මෙන්ඩිස් සිගරට් එකක් බිවු එක වීඩියෝ කල අයව සමාජ මාධ්‍යයේ ජාතික වීරයෙක් කළේය...![]()
මේ ලියුම්කරු පවා ඔහුව උපහාසයට ලක් කළ වාර අනන්තය..![]()
එහෙත්..
අඩි පහමාරක්වත් උස නැති මේ ක්‍රීඩකයා සැලුණේ නැත..
ඔහු ඉවසුවේය... ඉවසා බැරිම තැනත් ඉවසුවේය.. ඔහු බිමට නමා ගත් හිසින් යුතුව තමන්ට උත්තර දීමට ඇති එකම අවිය වන පිත්තෙන් උත්තර දුන්නේය..
අද ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් තුළ වීරයෙකි.. එහෙත් තවත් තරඟ 02 ක් ඔහු ෆේල් උනොත් නැවතත් ඔහු ද්‍රෝහියෙකි. ඒ අපේ රටේ මිනිස්සුන්ගෙ හැටිය. එය කුසල්ගෙ වරදක් නොව අපේ ජාන වල වරදකි.
" පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ..."
නොසැලී ඉදිරියටම යමු කුසල්...