මං වැඩිය ත්‍රෙඩ් එකට වැඩිය රිප්ලයි නොකළෙ පැරදුන වෙලාවට විතරක් කුහකකමට රිප්ලයි කරනවා කියලා කට්ටිය කියන හින්දා. (අද මැච් එක සමහරවිට තටමලා දිනාගනීවි) ඉස්සර මට නම් ක්‍රිකට්වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ.

මහ රෑ1-2 ට මැච් එකක් ගියත් කොහොමහරි නිදි මරාගෙන ඉදලා බලන්නෙ. ඒ ආසාව නැති කළේ 2015-2016 කාලෙ වගේ ටීම් එකට එන්න ගත්තු ප්ලේයර්ස්ලා නිසයි. එකක් දිනලා, අනිත් මැච් අන්ත විදිහට පරාද වෙනවා කියන්නේ මුළු ශ්‍රී ලංකා ක්‍රිකට්වලම ලොකු අවුලක් තියෙනවා කියන එක. World cup දින්නත් වැඩක් නෑ ටීම් එකක් ස්ථාවරව සෙල්ලම් කරන්නෙ නැත්නම්. ඒකයි අපි ඉස්සර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ, මොකද ඒ කාලෙ බහුතරයක් ප්ලේයර්ස්ලා සෙල්ලම් කරේ තරගයක් දිනන්න ඕන අධිෂ්ඨානයෙන්. දැන් ඉන්න අයට එහෙම එකක් තියෙනවා කියලා මට නම් පේන්නෙ නෑ. ඔක්කොටම වඩා ඕනකම තියෙන්නෙ ඇගවල් හදාගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙන සෝෂල් මීඩියාවල රගලා ෂෝ දාන එක (ඒ ඔක්කොම කරත් කමක් නෑ උන්න්දුවෙන් සෙල්ලම් කරලා තරග දින්නවනම් - චාමික කරුණාරත්න). අනිත් එක බෝර්න් අගේන් ශාපෙ. තව එකක් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක වගේ හාල්පාරුවොන්ව කොච්චර ෆේල් වුණත් ටීම් එකේ තියන් ඉන්න එක (සමහරු කුසල් මෙන්ඩිස්ව කරේ තියාගෙන ඉන්නවනෙ ලංකාවෙ හොදම් බැට්ස්මන් කියලා). ඔය පිල්ලි ටික ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අයින් කරනකම් මේ වගේ ලැජ්ජාසහගත පරාජයන් ඉස්සරහටත් දකින්න ලැබෙයි.