යූ ආර් නොට් අලෝන් මයි ෆ්රෙන්ඩ්. මමත් සැහෙන දුරට ඔය වගේ. අඳුරන එවුන් 500ක් විතර හිටියට සමීපතමයින් නැ. මට එහෙම එකෙක් හෝ කිහිප දෙනෙක් එක්ක විතරක් සමීප සම්බන්ද කමක් තියාගන්න කැමැත්තකුත් නැ. සර්ව කාලීන හොඳම යාලුවෙක් කියන්න පුලුවන් එක්කෙනෙක් නැ. හොඳම යාලුවෝ හිටියා කාලෙන් කාලෙට. ඒ ඒ චැප්ටර් ක්ලෝස් උනාම එක්කො මං ශේප් එකේ පැත්තකට යනවා. නැත්තන් උන් යනවා. ආයේ අයේ සෙට් වෙලා ඉන්න මං යන්නෙ නැ. උන් සෙට් වෙන්න කතා කලත් කම්මැලි හිතෙනවා. ආයෙමත් අලුත් එකෙක් හෝ කිහිප දෙනෙක් එක්ක සෙට් උනාම මං උන් එක්කත් මාට ෆිට් එකේ ඉන්නවා. මාත් උඹ වගේ බහුතර මතයට එච්චර කැමති නැ. ශෝෂල් මීඩියා පිස්සුවක් නම් ඇත්තෙම නැ. එහෙම කරන යාලුවො දැක්කමත් මට හෙන ගොං ආතල් කියල හිතෙනවා. මං වට්ස් ඇප් ගෲප් චැට් දාන්න යන්නෙත් නැ. මං සෙට් වෙන එවුන් අනිවාර්යෙන් ඕවාට මාවත් ඇඩ් කරගන්නවා. බට් මට් ඉන්ට්රෙස්ට් එකේ කරන් යන්න බැ. හැබැයි මං නෝට් කරලා තියනවා මාත් එක්ක කාලෙන් කාලෙට සෙට් වෙන යාලුවො මාව සැහෙන්න විශ්වාස කරනවා. මාත් උන්ට බොක්කෙන්ම උදව් කරනවා. උන් මට කොච්චර ක්ලෝස් වෙන්න උත්සහ කලත් මං හැමවෙලේම දුරස්ථ බව පෞද්ගලිකත්වය තියාගන්න උත්සහ කරනවා. උඹ කියනවානම් උඹට ලෙඩක් කියලා මාත් ලෙඩෙක් බන්. ගනන් ගන්න එපා. we are all a little crazy in one way or another