එක්කෝ ඕනේ නෑ. මම මෙහෙට වෙලා ඉන්නම්.

මම කිව්වේ සෝමේ කියලනේ. ඔයා කියලා කිව්වේ නෑනේ. මොකෝ මේ මළ චාර්ජ් වෙලා.
ඔය දේවාල ගැන නම් කියන්න තියෙන්නේ දවසක් අපේ ගෙවල් ගාව සිම් කඩේක අයියා කෙනෙක් මල්ලි අද ලමයා අසනීප වෙලා උඹ පොඩ්ඩක් ඇවිත් සිම් කඩේ සිම් විකුණපන් කිව්වා. මම ගියා. රෑ 10 වෙනකන් සිම් විකුණලා ගෙදර යන්න කියලා අයියට එන්න කිව්වා. ඌ කාර් එක එලියේ තියන් බලන් ඉද්දි මම එලියට බැස්සා විතරයි මෙන්න ඩයල් එකක් එනවා සිම් එකක් ගන්න. හොඳට පුරුදු මූණක්. කල්පනා කලා දහ අතේ කවුද කියලා මතක් උනේම නෑ. ඒ මදිවට බුවාගේ බඩේ ලොකු ප්ලාස්ටරයක් අලෝලා. මම ඉතින් සිම් එකේ ෆෝම් එක පුරෝන ගමන් ඇහුවා මනුස්ස කමට මොකෝ මේ කියලා. බුවාට බඩේ හර්නියාද මොකක්ද එකක් කියලා ගෙඩියක් ඇවිත් ඔපරේශන් එකක් කලාකු අර කැමරාවක් බඩට දාලා. නමක් කිව්වා නම මතක නෑ ඒ ඔපරේශන් එකට කියන. පස්සේ මම සිම් එක විකුණලා ගෙදර ගියා අයියා එක්ක. ගෙදර ගිහිනුත් කන ගමන් කල්පනා කලා මොකාද අර දැකලා පුරුදු බුවා කියලා එතකොට තමා මතක් උනේ "හුටා ගෙවල් ලඟ පන්සලේ විෂ්ණුදේවාලේ කපුවා නේද මගෙන් සිම් එකක් ගන්න ආවේ" කියලා. ඔන්න කපුවන්ගේ තත්වේ. අනික් මිනිස්සුන්ට පොල් ගහන්න මතුරලා දෙනවා, ශාන්තිකර්ම යාතිකා කරනවා ඒත් කපුවට බැරි උනා දෙයියන්ට කියලා හර්නියා එක ඔපරේශන් කරගන්න හෝ එදා රෑ 10 ට සිම් එකක් ගෙන්න ගන්න. ඔය වැඩ මෙලෝ චාරයක් හෝ තේරුමක් නැති වැඩ.
