මේක කලින් වෙන නූලක දාපු එකක්. මට තියෙන එකම අත්දැකීම හින්ද මෙතනත් දාන්නං. කොපි පේස්ට් කරන්න පරණ නූල හොයාගන්නත් නෑ.![]()
මතක විදිහට සිද්දය උනේ මම ඒලෙවල් කරන පළවෙනි අවුරුද්දෙ වගේ.
අපි යාලුවො කට්ටියක් ගමනක් යන්න දාගෙන හිටිය. කට්ටිය එකතුවෙන්න කතාවෙලා හිටියෙ ටවුන් එකේ තැනකට.
අපේ ගෙදර ඉඳන් ටවුන් එකට කිලෝමීටර 3ක් විතර තිබුණ.
අදාල දවසෙ පාන්දර දෙකට හෝ තුනට පයින්ම යන්න පිටත්උනා. එදා පරිසරයෙ මීදුම් ගතියක් වගේ තිබුණ.
කලුවරත් එක්ක මීදුම බෑවම ලඟ තියෙන දෙයක්වත් හරියට පේන්නෙ නෑ පාරෙ ලයිට් තිබුනෙත් සමහර තැන්වල විතරයි.
මම යන පාරෙ ඉලුක් පඳුරු වැවුන හිස් ඉඩමක් තිබුණ. ඔය හරියට කිට්ටු වෙනකොට අසාමාන්‍ය විදිහට එක තැනක විතරක් ඉලුක් පඳුරු හෙලවෙනව වගේ පේන්න ගත්ත.
හිතට පොඩි බයක් දැනුනත් පොඩි සතෙක් වෙන්න ඇති කියල හිතන් අතේ තිබ්බ දිග කුඩෙත් තදට අල්ලගෙන ඒ පැත්තට කිට්ටුකරා.
තවත් ලඟට යනකොට මට පේනව මනුස්සයෙක්ගෙ ඉනෙන් පහල කොටසක් හෙලවෙන පඳුරු වලට ඉස්සරහින් මගේ පැත්ත හැරිල හිටගෙන ඉන්නව.
දැන්නං බය කියන එක හොඳටම දැනෙන්න ගත්ත. බයටම කුඩේ උස්සගෙන කඳ නැති මිනිහට ගහන්න ඉස්සරහට පැන්න. එතකොටම ඉලුක් ගාල කකා හිටපු හරක කෑ ගහගෙන දුවන්න ගත්ත....
කොහොමටත් මේ සිද්දිය වැඩිය කාටවත් කියන්න ගියේ නෑ. ඊට පස්සෙ කාඩ් වදින්නෙ හරක් පස්සට බය උන එකා කියලනෙ.
ඇති යන්තන් ඇත්ත කිවුව එකෙක් ඉන්නව

