මුලින්ම කියන්න ඕනේ මට මේ අවන් හලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ ගම නුවර අනික නුවරින් ගොඩක්ම ප්‍රසිද්ද අවන් හලක් තමයි මේක. නුවරට එන යන හැමෝම දළදා වීදියේ මෙතනින් මොනවා හරි කාලා බීලා යනවා. ඒ අපිට ඉස්සරහින් පේන විදිය. එත් ඊයේ මම පාරේ පල්ලහට යනකොට මේ දර්ශන දැක්කේ. අද මම මේකේ ෆොටෝ ගත්තේ ඔයාලටත් මෙතනින් කන්න බොන්න කලින් දෙපාරක් හිතන්න කියලා. මේ අවන් හලේ පිටිපස්සෙන් තමයි කෑම හදන්න බඩු ගෙනත් බාන්නේ හදපු කෑම අනික් තැන වලටත් බෙදන්නේ. පින්තූරේ දැක්කම හිතා ගන්න පුළුවන්නේ ඉතින්? මම නන් මෙතනින් ලේසියෙන් කෑම කන්නේ නෑ එත් දැන් නන් වැරදිලාවත් ගොඩවෙන්නේ නෑ. ඔයාලත් හිතලා බලලා වෙන හොඳ පිරිසිඳු තැනකින් කෑම කන්න. එත් ඉතින් මේ වගේ ප්‍රසිද්ද තැනක් මෙහෙම නන් අනික් තැන් කොහොම ඇතිද? 










