ආන්ඩුවේ කැම්පස් එක්කක් ඇතුලට ගියාම නම් කොලිටිය හොදට පේනවා බන්
එක්දාස් නමසිය ගනන් වල හදපු කැම්පස් නේ
පට්ට Facilities තමයි තියෙන්නේ
උබටම තේරුම් ගන්න පුලුවන් 2016 හදපු කැම්පස් එකකයි ඉස්සර කාලෙ හදපු කැම්පස් එකකයි තියෙන Facility ගැන
ලංකාවේ ආන්ඩුවේ කැම්පස් වලට තරගයක් දෙන්න Campus නැති එක තමා කලින් වෙලා තිවුනේ
එතකොට ඉතින් ලංකාවේ ඉන්නේ ආන්ඩුවේ කැම්පස් ගිය වුන් විතරයි
උන්ව එපැයි ඉතින් වැඩට ගන්නත් ඕන
ඒක නිසා ඉතින් ආන්ඩුවේ කැම්පස් ගියාම ඔක්කොම හරි කියලා තමයි හිතන් ඉන්නේ
දැන් අර තරගේ එන්න හදන නිසා තමයි බෝඩ් අල්ලන් අරක වහනු මේක වහනු කියලා
පාරවල් වහගෙන අපිට ආදරේට අන්තරේ දගලන්නේ
ලංකාවෙ දොස්තර කෙනෙක් ට ලොකු පිළිගැනීමක් හැදිලා තියෙනවා නේ
ඒක නිසා ගොඩක් වුන් දගලනවා දොස්තර කෙනෙක් වෙන්න
ඒ අපිට බෙහෙත් කරන්න තියෙන පරම පිවිතුරු චේතනාවට කියලා හිතනවා නම් මෝඩ කමක්
ගොඩක් වුන්ට ඕන අර පිළිගැනීම ලොකු ලයින් එක ගන්න (බහුතරයක්)
ඉතින් ඕක ගන්න ගිය එකෙක් වෙන පාරකින් ඕකම වෙන එකෙක් ගන්න හදන එකට ඉරිසියයි
ඒකෙ තරම අපිට මේ ලගදිත් බලාගන්න පුලුවන් වුනානේ
NSBM එකේ ඇඩ් යනකොට ඒකට කුලප්පු වෙලාත් දගලනවා නේ දැන්
වුන්ට මෙන්න මේව දීල වුන්ට ඒව දෙන්න එපා ඒව වහලා දාපන් කියලා නේ කෑගහන්නේ
ඉතින් උබ කියනවා වගේ ආන්ඩුවේ කැම්පස් වල ඔය Quality එක තියෙනවා නම්
අරුන්ට මොනවා දුන්නත් උබලට ප්‍රශ්නයක් නෑ නේ
ලංකාවේ විශව විද්‍යාල වල අන්තරේ සහ දේශපාලනේ අයින් කරනකම් කැම්පස් වලට ආන්ඩුවෙන් දෙයක් ගන්නවත්
දියුණු වෙන්නවත් අමාරුයි
කවදා හරි ඔය මුදවා නොගත්තු ප්‍රදේශ වල සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වෙන දවසක
මන් කාට්වත් කියන්නේ නෑ Private Campus යන්න කියලා
දැන් නම් ඉතින් දැන පොඩි වුන්ට සුරංගනා ලෝක මවලා දෙන්න බෑ බොරුවට ආන්ඩුවේ කැම්පස් ගැන
( මේකෙ කියපු සමහර දේවල් ඔබ තුමාට අදාල නැත්තම් අදාල කරගන්න එපා )
මට ඉතින් කවුරු කොහේ ගියත් අදාල නෑ
ආන්ඩුවේ කැම්පස් ද Private Campus ද හොද කියලා විවාද කරන්නත් ඕන නෑ
ගිය වුන් දන්නවා ඇත්ත තත්වේ මොකද්ද කියලා