~මෙහෙමත් කෑමක් ~
උදේ සුප් එක. කිඹුලාට අනුව මේක දුන්නෙ අපේ කෑම රුචිය වැඩි කිරීම සදහායි.
(පොටෝ අනුග්රහය අලියා)
මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි
කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.
මේ පළමු පෙති දෙක bbq වෙමින්. (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)
හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන
මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය

)
වාශ්පවීමට ප්රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි

(වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)
තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්රහය සංජි අයිය)
දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)
එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්. රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.
කොසා මාමි කොස් බත් සමග කකුළුවන්ට වැඩේ දීමට ස්වල්ප මොහොතකට පෙර.
කා බී ඔතාගෙන යාමටද තරම් කකුළු හට්ටියක් කිඹුලා විසින් උයා තිබුනි.
අතුරුපසට චීස් කේක්.
පොටෝ ගැනීමට සිහියක් ආවේ මගේ කොටහට වැඩේ දුන් පසුය.
මේ එකෙක් තවත් බඩට දමාගත නොහැකිය ඉතුරු කළ ටිකකි, පසුව මෙයටද කවුරුන් හෝ වැඩේ දෙන ලදී.
මේ මට මිස් ඌ වටලප්පම