මචන්ලා පල්සර් 150 2012 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගත්තා.17000 දුවල තිබුනේ කිසි අව්ලක් තිබුනේ නැහැ. මම ඒක සතියක් විතර පැදලා සර්විස් කරන්න දුන්නා. ඊට පස්සේ පැය 4 5 ක් නවත්තලා තියල ස්ටාට් කරනකොට දුම් කෝච්චියක් වහේ දුම දානවා විනාඩියකින් විතර හරි යනවා. සර්විස් කරපු මුල දවසෙනම් ගොඩක් දුම ආව. සුදු පාට දුමක්, එක හැබැයි ටික ටික අඩු වෙනවා. දැන් 100 km වගේ පැදලා දැනටත් උදේට ස්ටාට් කරද්දී තරමක දුමක් දානවා. සර්විස් කරපු එකාගෙන් ඇහුවම කිව්වා එන්ජිම ගලවල බලන්න ඕනේ කියල. ඌ කියනවා 10000 ක් විතර යාවිලු හදන්න කියල. පස්සේ මම වෙන තැනකට පෙන්නුවම කිව්වා එන්ජිමේ අව්ලක් නෑ කියලා.සමහර විට සයිලන්සරේට ඔයිල් ගහන්න ඇතිලු. මට සැකයි සර්විස් කරපු එකා මේකේ කාබ් එක මාරු කරාද කියල. (මම සර්විස් එකට බයික් එක දීල ආව, පස්සේ මගේ යාලුවෙක් කිව්වා ඌ කලින් එතනට බයික් එකක් දීල කාබ් එක මාරු කරලා මාට්ටු උනා කියල.) මොන වගේ හේතුවක් නිසාද එහෙම වෙනවා ඇත්තේ. එන්ජින් ඔයිල් අඩු වෙන්නෙත් නැහැ.
Vid karala danna.. Oya samahara than vala service hari na ban.. Un kanava bike eka



එච්චර දවස් නම් යන්නේ නෑ බං..... අනික මහ ගොඩක් දාන්නේ නෑ ඔයිල්..... චුට්ටක් දාන්නේ......
යකෝ බයික් එකක් ස්ටාර්ට් කරපු ගමන් ඔහොම රේස් කරන්න එපා යකෝ....... 
කොහෙද බං සර්විස් එක.....??



