අඩෝ මමත් මේ ඊයේ පෙරේදා දැන ගත්තු පොඩි දෙයක් දාන්නද ශේප් එකේ.

එක පට්ට වගේ හිතුන හින්දා දන්නේ.

මේක ඔය ai වලින් background එහෙම හදනකොට දාන්න පුළුවන් වෙයි.
1. ආසා විදිහට artboard එකක් ගන්න. මම ඔන්න ඔහේ a4 එකක් ගන්නවා.
2. brush tool (b) එක සිලෙක්ට් කරලා brush panel එකත් open කරගන්න.
3. brush panel එකේ දකුණු අත පැත්තෙන් බර්ගර් මෙනු අයිකන් එක කිල්ක් කරලා open brush library > artistic > artistic_watercolor click කරන්න.එතකොට තව මෙව්වා එකක් open වෙයි.
4. ඒ ඕපන් උන watercolor brush වලින් එකක් select කරගන්න.මම 5 වෙනි එක සිලෙක්ට් කරා.
5.දැන් එකෙන් පොඩි පොඩි බ්‍රෂ් පාරවල් ටිකක් ඇද ගන්න ටිකක් random වෙන්න.බ්‍රෂ් සයිස් එක පොඩිනම් ලොකු කරගන්න ටිකක් මහත් වෙන්න ඕනා නිසා.
6. ඊට පස්සේ ඒ ඔක්කොම සිලෙක්ට් කරලා object > expand appearance කිලික් කරන්න. දැන් ඒ බ්‍රෂ් ස්ට්‍රෝක් ටික ඔබ්ජෙක්ට් වෙන්න ඇති.
7.ඊට පස්සේ gradient panel එක open කරලා අර ඔක්කොම ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරලා gradient එකක් දෙන්න.default black and white වෙන්න ඇති වැටෙන්න ඇත්තේ. කැමති පාට gradient එකක් දෙන්න.
8. ඔන්න ඊට පස්සේ වැඩේ ඉවරයි කැමති විදිහට text අනිත් දේවල් දාලා රස කරගන්න. ඔකේ objects ටිකක් ඩිලීට්/ රොටේට් / ස්කෙල් කරලා එහෙම රැන්ඩම් කරගන්න.
the end