.::KAVIYEN KAVIYA 2::.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තමන්ගෙ වැඩ කොටස හරි‍යට ඉටු කරලා
    සිටි‍යට කමක් නෑ පොඩ්ඩක් සතුටු වෙලා
    එලෙසින් ගන්න වැටුපත් වටිනව සැමදා
    ‍යටි මඩි ගසන හොර කලු සල්ලි‍යට වඩා
    :yes::yes::yes:

    මල්ලියෙ ලොකු වැඩක් මට දැන් සෙට් වීලා
    පැය භාගයක්වත් මම මෙහි නැත ලොග් වීලා
    වැඩබිමකට ගමේ කට්ටිය සෙට් වීලා
    කොක්කක් දානවලු ලොකු මුදලක් ඉල්ලා
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මල්ලියෙ ලොකු වැඩක් මට දැන් සෙට් වීලා
    පැය භාගයක්වත් මම මෙහි නැත ලොග් වීලා
    වැඩබිමකට ගමේ කට්ටිය සෙට් වීලා
    කොක්කක් දානවලු ලොකු මුදලක් ඉල්ලා


    ඔයාගෙ ත්‍රෙඩ් එකට මම කවියක් දැම්මා
    ඒකට ඔබට කේන්ති යයි දෝ මන්දා
    කවි සී පද ඉබේම පබැඳෙන හින්දා
    මෙතනත් ඉතින් මම කවියක් ලිව්වා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්ලියෙ ලොකු වැඩක් මට දැන් සෙට් වීලා
    පැය භාගයක්වත් මම මෙහි නැත ලොග් වීලා
    වැඩබිමකට ගමේ කට්ටිය සෙට් වීලා
    කොක්කක් දානවලු ලොකු මුදලක් ඉල්ලා
    වැඩේ settle කරලා ආපහු එන්න
    මම නොහිටි‍යත් දිගටම කවි ලි‍යන්න
    තම හැකි‍යාව හැමදෙනාට පෙන්වන්න
    බොසාට අහු නොවී දිගටම මෙහි එන්න
    :lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවත් රෑ වෙලා කවි‍යක් ලි‍යන්නට
    කවුරුත් නෑ වගෙ‍යිනේ මෙහි පෙනෙන්නට
    Chathupatiyaත් හවස ලිස්සා ගි‍යාට
    ආපහු එන්නෙ නැතිවෙ‍යි කවි ලි‍යන්නට
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    ඕන් එහෙනං කවියක් දැම්ම......

    සදු දින ගෙවුනා දැනුනේවත් නෑ ඇඟට...
    තව සිව් දිනයි ශනි දින ලබන්නට...
    ඉවසුම් නෑ දින ටික ගෙවන්නට...
    බැරියෑ එදිනටවත් වැඩිපුර නිදන්නට....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සදු දින ගෙවුනා දැනුනේවත් නෑ ඇඟට...
    තව සිව් දිනයි ශනි දින ලබන්නට...
    ඉවසුම් නෑ දින ටික ගෙවන්නට...
    බැරියෑ එදිනටවත් වැඩිපුර නිදන්නට....
    ලංකාවේ මිනිසුන්ගෙන් බහුතර‍ය
    වැඩිපුර කැමති දින‍ය වන්නෙ ශනිදා‍ය
    නිදාගන්න මමත් හරිම හපනා‍ය
    එ‍ය වෙනුවෙන් හැමදෙ‍යක්ම අමතක‍ය
    :lol:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    සතියේ දින පහට වැඩ නං ඉහට උඩින්....
    ඇහි පිය ගහන්නටවත්
    නෑ අපට නිවන් ....
    ජීවිත ගඟුල පැද යනකොට කොහෙද ගිමන්.....
    ඉන්නට සැනසිල්ලේ තත්පරයක්, ශනිදා ඉක්මනින් වරෙන්........ :lol::lol::lol:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සතියේ දින පහයි වැඩ නං ඉහට උඩින්....
    ඇහි පිය ගහන්නටවත්
    නෑ අපට නිවන් ....
    ජීවිත ගඟුල පැද යනකොට කොට කොහෙද ගිමන්.....
    ඉන්නට සැනසිල්ලේ තත්පරයක්, ශනිදා ඉක්මනින් වරෙන්........ :lol::lol::lol:
    සති‍යේ දින පහේ කාටත් වැඩ වැඩි‍ය
    ශනිදා වේ‍ය කාටත් හොඳ විවේක‍ය
    ශනිදා පැ‍ය විසිහතර වැඩි දෙනෙකුට මදි‍ය
    ඊලඟ සති‍යෙ එම දේ ‍යලි සිදුවේ‍ය
    :lol::lol::lol:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    දවසෙම රාජකාරියෙ වැඩ දැන් හරිම අමාරුයි...
    නිදා ගන්න හිත දෙනවා හරිම මහන්සි....
    නිදි යහනත් පේන්නෙ දැන් රජ මදුර වගෙයි....
    මම යනවා නිදා ගන්න ඔක්කොටම බායි.....
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මම නම් අලුතිනි මෙතනට ආවේ ......
    මොකදෑ අද කවි කෙවිලියෝ මෙහි නාවේ...........
    කවි සෙන්පතීන්ගේ අසි අද මොට වීදෝ......
    හනිකට එන්න නැතිනං මෙය පල් වේදෝ ......:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් අලුතිනි මෙතනට ආවේ ......
    මොකදෑ අද කවි කෙවිලියෝ මෙහි නාවේ...........
    කවි සෙන්පතීන්ගේ අසි අද මොට වීදෝ......
    හනිකට එන්න නැතිනං මෙය පල් වේදෝ ......:(:(:(
    උදේ ඉඳන් වැඩ ගොඩකට අහුවීලා
    දැනු‍යි ආවෙ ‍යන්තම් නිදහස් වීලා
    කවි හැකි‍යාව කිසිදින නැත මොට වීලා
    හැකිලෙස ලි‍යමු අපි කවිපද ගලපාලා
    :D:D:D
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    දහවල් අහර කිස ගෙන මේ දැන් නිමවුයේ ...
    කවුරුන් වත් නැතිද බැලුමට සිත්වුයේ...
    නිකමට මෙන්ය මේ පැත්තේ කැරකැවුණේ....
    මෙහි සිටි උන්ට මොකදෝ අද සිදුවුයේ....:angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දහවල් අහර කිස ගෙන මේ දැන් නිමවුයේ ...
    කවුරුන් වත් නැතිද බැලුමට සිත්වුයේ...
    නිකමට මෙන්ය මේ පැත්තේ කැරකැවුණේ....
    මෙහි සිටි උන්ට මොකදෝ අද සිදුවුයේ....:angry::angry::angry:
    මෙහි සිටි වුන්ට කිසිම දෙ‍යක් වෙලා නැත
    හැම වෙලේම මෙහි එන්නට කාලෙ නැත
    කවුරුත් නැත කි‍යා තද වි‍ය ‍යුතුද නැත
    ඉවසීමෙන් සැනසුම් සුව ලැබෙනු ඇත
    4.gif
    4.gif
    4.gif
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මට නම් ඉතින් හැමදා එක වගේ තමා
    අද දාවලේ හොඳ හැටි මට නින්ද ගියා
    නාලා දවල්ටත් කාලා ඉවර වෙලා
    දැන් ආවා කවි කියන්න ඉතින් මෙමා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් ඉතින් හැමදා එක වගේ තමා
    අද දාවලේ හොඳ හැටි මට නින්ද ගියා
    නාලා දවල්ටත් කාලා ඉවර වෙලා
    දැන් ආවා කවි කියන්න ඉතින් මෙමා
    දවල් වරුවෙ විශේෂ වැඩ නොතිබුනොතින්
    මම කරන්නෙ ඔ‍ය දේම‍යි තම‍යි ඉතින්
    හොඳට නිදාගන්න ඉඩක් ලැබුනෝතින්
    ඊට වඩා සැප කොහේද අපට ඉතින්
    :lol::lol::lol:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    දවල් වරුවෙ විශේෂ වැඩ නොතිබුනොතින්
    මම කරන්නෙ ඔ‍ය දේම‍යි තම‍යි ඉතින්
    හොඳට නිදාගන්න ඉඩක් ලැබුනෝතින්
    ඊට වඩා සැප කොහේද අපට ඉතින්
    :lol::lol::lol:

    කැම්පස් එකේ පැවරුම් දෙන්නට ඇත්තේ
    විභාගයත් තව ටික කලකින් ඇත්තේ
    මේ කිසිවක් කරන්න නම් හිත නැත්තේ
    නිකන් ඉන්නමයි මාගේ හිත ඇත්තේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැම්පස් එකේ පැවරුම් දෙන්නට ඇත්තේ
    විභාගයත් තව ටික කලකින් ඇත්තේ
    මේ කිසිවක් කරන්න නම් හිත නැත්තේ
    නිකන් ඉන්නමයි මාගේ හිත ඇත්තේ
    project ගොඩක් හිරවීලා තිබුනාට
    කිසි ගානක් දැනෙන්නෙ නෑ මගෙ හිතට
    සෙමෙස්ටරේ අවසන් වෙන කාල‍යට
    හෙන බොරුවක් දානවම‍යි ලෙචාලට
    :rofl::rofl::rofl:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka

    ඉස්සර නං ඉතින් එළකිරි එකේ හරිම ජනප්‍රිය අංගයක් තමයි කවි ත්‍රෙඩ් කියන්නෙ....ගොඩාක් කට්ටිය එකට එකතු උනා කවි කියන්න....නමුත් දැන් නං කාලෙකින් හොද කවි ත්‍රෙඩ් එකක් දැක්කෙත් නැති නිසා මං හිතුව කවි ත්‍රෙඩ් එකක් දාන්න....කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්....තමන්ගෙ හිතට එන ඕන අදහසක් ලස්සනට පද හතරකට ගොතල පෝස්ට් කරන්න....ඒ වගේම මුලින් කවි ත්‍රෙඩ් එකේ හිමිකාරිණිය වන ඩොලී සහෝදරීවත් මං මේ මොහොතෙ ගොඩාක් ආදරෙන් මතක් කරනව....එහෙනං වැඩේ පටන් ගමු නේද.....
    ;)



    moongirl.jpg




    කව්ද මේකට උත්තරයක් ලියන්නෙ......
    7.gif






    මෙන්නේ මෙහෙමයි මටනං හිතෙන්නේ. කොල්ලෙක් තමන්ගේ සොඳුරිය දිහා බලන් මෙහෙම කල්පනා කරනවා..

    දුහුල් නුරා සළු ගවසා
    සයුරු ඉමේ ඔබ සිටිනා
    සඳු සිසිලස විදින්නදෝ
    මගේ හාදුව ලබන්නදෝ.......:love::love:

    ඔය සිටියා ඇති එළියේ
    මට දැන් සීතලි වගේ
    සුකොමළ රුව දැක දැක ඔබේ
    තනියෙන් කෙලෙසක ඉන්නේ....:(:(


    යුග දිවියේ පළමු දිනේ.. ජීවිතයේ වසන්තයේ
    මගේ සඳවතී නුබනේ ප්‍රියේ.. මගෙ හද හිමි කුමාරියේ
    රෑ අඹරේ දිලි සිසි සඳ.. ඔබේ සිරියෙන් දෙවැනි උනේ
    නුරා මතින් මත වෙන්නට.. එන්නකෝ මගෙ ලඟට ප්‍රියේ... :love::love::love::love:






    මං කවි කාරයෙක් නෙමෙයි. ලස්සනද මේක ?
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්නේ මෙහෙමයි මටනං හිතෙන්නේ. කොල්ලෙක් තමන්ගේ සොඳුරිය දිහා බලන් මෙහෙම කල්පනා කරනවා..

    දුහුල් නුරා සළු ගවසා
    සයුරු ඉමේ ඔබ සිටිනා
    සඳු සිසිලස විදින්නදෝ
    මගේ හාදුව ලබන්නදෝ.......:love::love:

    ඔය සිටියා ඇති එළියේ
    මට දැන් සීතලි වගේ
    සුකොමළ රුව දැක දැක ඔබේ
    තනියෙන් කෙලෙසක ඉන්නේ....:(:(


    යුග දිවියේ පළමු දිනේ.. ජීවිතයේ වසන්තයේ
    මගේ සඳවතී නුබනේ ප්‍රියේ.. මගෙ හද හිමි කුමාරියේ
    රෑ අඹරේ දිලි සිසි සඳ.. ඔබේ සිරියෙන් දෙවැනි උනේ
    නුරා මතින් මත වෙන්නට.. එන්නකෝ මගෙ ලඟට ප්‍රියේ... :love::love::love::love:






    මං කවි කාරයෙක් නෙමෙයි. ලස්සනද මේක ?
    සඳ එලි‍යේ තිබෙනා ඒ රුව දැකලා
    කවි ටික ඇත ලස්සනටම පට බැඳලා:yes::yes::yes:
    අත්දැකීම් කවි පෙලකට ගලපාලා
    ඇතිදැ‍යි සිතෙ‍යි ඔබ ලි‍යු ආර‍ය දැකලා
    :rolleyes::rolleyes::rolleyes:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සඳ එලි‍යේ තිබෙනා ඒ රුව දැකලා
    කවි ටික ඇත ලස්සනටම පට බැඳලා:yes::yes::yes:
    අත්දැකීම් කවි පෙලකට ගලපාලා
    ඇතිදැ‍යි සිතෙ‍යි ඔබ ලි‍යු ආර‍ය දැකලා
    :rolleyes::rolleyes::rolleyes:

    මටත් සිතෙනවා ඔබ නිවැරදි කියලා
    අය්යියාගේ අත්දැකීම මෙය වෙන්නැති කියලා
    අපි පොඩි ළමයි ලිව්වට කවි පද ගොතලා
    සිත තුල රැඳේන්නේ නෑ මට නම් ඒ හින්දා