කවි ලියන්න උපන් හපන් මේ දෙන්නා
බෑ කියලා කියයි බොරුවට ෂේප් වෙලා
වෙන තැන් වලදි කියපු කවි ටිකක් පෙන්නා
ඔප්පු කරන්නද ඔය බොරුවක් කියලා
එලිවැට කවියේම නිසිලෙස ගලපාලා
එළිවැට එළිසමය පදකර ගලපන්න
මිහිරැති වචන යොදලා හැඩ කර ගන්න
බලනා දනන් මන සිත් හැම පුබුදන්න
නොහැකි මා කෙසේ කවි වැල් පබඳින්න

කොල්ලෙක් වෙත් මම සිගරට් බොන්නෑනේ
කෙල්ලෙක් ඉල්ලනව දැක්කම පුදුමයිනේ
මේ කවි දකිනකොට පිස්සුත් හැදෙනවනේ
මෙහෙම ගියෝතින් නියමට තියේවිනේ![]()

නමට වුනත් ඕවට try කරන එකකවියට කවි ගැලපෙන්නට ඕන නිසයි
කවි ත්‍රෙඩ් එක කම්මැලි කම ඉතුරූවයි
ජොලියට යමක් ගැලපෙන්නට ඕනේමයි
ඒක නිසා මට සිගරට් බොන්න උනයි![]()
පිය පදවිය ලබන්න යන ඔබ වෙතටනිදි යහනට ගොඩවූයේ නිදි දෙව්දුව .............වැළඳගන්න
සිත දසඅත විසිරෙනවා ඉඩ දෙන්නෑ නින්දට..... වැටෙන්න
කවි සිතිවිලි ඉපදෙනවා කම්මැලිකම.............පරදවන්න
නින්දට පෙර මට සිතුනා මේ පදවැල් ටික.......ගොතන්න
නිදි යහනේ තනිවීලා නිදියගන්න .................දඟලනකොට
බිරිඳගේ උණුහුම නැතිතැන දැනෙන්නේ පාළුව.....තදටම
ඇය අගේ මවු බැලුමට ගොහින් ඉතින් දුරු ........තැනකට
හනික ගොහින් කැන්දාගෙන එන්න හිතෙනව.....දැන්මම
දෑස අයා බලාඉන්නේ එක්වීලා අපි ............දෙන්නම
තව ටික කලකුයි ඇත්තේ දරු සුරතල් ..........බලාගන්න
අපේ රුහිරෙන් හැදී වැඩුන කිරිකැටියව .........වඩාගන්න
මට ආසයි පැටිය වඩන් දරු නැලවිලි ගීයක් .....කියන්න
පිය පදවිය පළමුවරට මට ලැබෙන්න හරිම ......ලඟයි
හදවත ගැහෙනා රිද්මය දැන්නම් ටික ටික .......වැඩිවෙයි
අනාගතේ වැඩ එමටයි හිතෙනකොටත් බය ....උපදියි
දරු පැටියාගේ අනාගතය එළිකරන්න මට........බාරයි
තිස්තුන්කෝටියක් දෙවියෝ ඉන්නා මේ පුංචි ..........රටේ
හොඳ පුරවැසියෙක් වෙන්නට හිතට ගනින් මගේ ......පුතේ
බොදු බැතියෙන් සිහලකමින් පිරුණු පුංචි අපේ.........රටේ
නම ලෝකෙම බබළවන්න හිතට ගනින් මගේ... .....පුතේ


අද මොකදෝ මේ හොදටම රෑ වීලාකෝ අද අපේ කවි ත්‍රෙඩ් එක අයියාලා
තනූ අයියා ට්විස් අයියා රෙක්ස් අයියා
අද ඔක්කොමල නින්දට වැටිලද මන්දා
මං විතරක් කවි මඩුවේ තනිවීලා
මේ ඉන්නේ බොලෙ අපේ තනූ අයියාඅද මොකදෝ මේ හොදටම රෑ වීලා
නින්ද යන්නෙ නැද්දෝ මේ බස්සියටා
අදනං නගෝ කවි ත්‍රෙඩ් එක ඩෙඩ් වීලා
බලමුකො ගන්න හෙටවත් අපි නග්ගාලා
මේ ඉන්නේ බොලෙ අපේ තනූ අයියා
මං හිතුවේ මං විතරයි මෙහි කියලා
ඉතින් ඉතින් ඔයාට කොහොමද අයියා
කෝ අද අපේ කවි මඩුවේ ගොයියාලා
ලංකාවෙ තමයි අයියෙ ඉන්නෙ මෙමාදැන් නං නගෝ රෑ දොලහත් පහුවීලා
මේ වෙලාවෙ කොයි කවියත් ඇතේ නිදා
නංගි මොකද අවේලාවේ අවදි වෙලා
ලංකාවේ නොවෙද ඔබ ඉන්නෙ සනා
ලංකාවෙ තමයි අයියෙ ඉන්නෙ මෙමා
වෙනදා මේ වෙලාවෙ වෙද්දි නිදිම තමා
නිදිමත නෑනෙ අදනං මොකදෝ මන්දා
නිදිමත එනතුරා ලියනව කවි අයියා
නිදිමත් අහල පහලක නෑ පෙනෙන්නටතව අය හිටියනං මරු කික් එකම තමා
කට්ටිය නැති උනාමත් හෙන බෝරින් නංගා
මක් කොරන්ද කවියෝ මෙහි නෑ කියලා
හැකි කල් වෙලා ඉමුකෝ මෙහි කවි කියලා

නිදිමත් අහල පහලක නෑ පෙනෙන්නට
ඒක නිසා ඉන්නව මං අවදිවම
අයියා මොකද රෑ වෙනකං නැගිටගෙන
සිකුරිටි ජොබ් එකක් වත් සෙට් වෙල වත්ද![]()