.::KAVIYEN KAVIYA 2::.

goldstar

Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    කවි පබදුමට රසබර තේමාවක්............ඕනේ
    අදහස් නැති තැනදි නිහඩව ඉන්නයි.......ඕනේ
    තනුජක සහෝදරයගෙ පලවෙනි නුලේ....වාගේ
    පැනයක් දැම්මොතින් රස කවි පීදෙයි......වාගේ :) :) :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවි ලි‍යන්න උපන් හපන් මේ දෙන්නා
    බෑ කි‍යලා කි‍ය‍යි බොරුවට ෂේප් වෙලා
    වෙන තැන් වලදි කි‍යපු කවි ටිකක් පෙන්නා
    ඔප්පු කරන්නද ඔ‍ය බොරුවක් කි‍යලා

    එළිවැට එළිසමය පදකර ගලපන්න
    මිහිරැති වචන යොදලා හැඩ කර ගන්න
    බලනා දනන් මන සිත් හැම පුබුදන්න
    නොහැකි මා කෙසේ කවි වැල් පබඳින්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එළිවැට එළිසමය පදකර ගලපන්න
    මිහිරැති වචන යොදලා හැඩ කර ගන්න
    බලනා දනන් මන සිත් හැම පුබුදන්න
    නොහැකි මා කෙසේ කවි වැල් පබඳින්න
    එලිවැට කවි‍යේම නිසිලෙස ගලපාලා
    ලි‍යලා තිබේ බොරුවට බෑ බෑ කි‍යලා
    ඔබගේ හැකි‍යාව ‍යලි ඔප් නංවාලා
    රසකර ලි‍යමු මේ නූලම හැඩ කරලා
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගීතය ගයමි ඔබගේ දෑතින් අල්ලා....
    තාලෙට නටමි ඒ ගීතයෙ අරුත සලා....
    ආලය කරමි සක්විති රජ කෙනෙක් වෙලා....
    හීනය දකිමි නිදි යහනක් උඩට වෙලා.....

    දවසින් දවස කාලය නම් ගතවෙන්නේ....
    මොහොතින් මොහොත ඔබමයි සිහියට එන්නේ....
    අහසින් වැටෙන දිය බිදුවද පරදින්නේ...
    කදුලින් තමයි මේ ජීවිතෙ ගෙනියන්නේ.....

    නිල් නෙත් යුග සලා ආදර බැලුම් හෙලා....
    කිංකිනි සිනා නංවා සිත ඔබේ කලා.....
    අන්දර වැට ලගදි ඉද හිට කථා කලා....
    ගින්දර දිදී යනවද දැං වහං වෙලා.... :baffled:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කොල්ලෙක් වෙත් මම සිගරට් බොන්නෑනේ
    කෙල්ලෙක් ඉල්ලනව දැක්කම පුදුම‍යිනේ:shocked::shocked::shocked:
    මේ කවි දකිනකොට පිස්සුත් හැදෙනවනේ
    මෙහෙම ගි‍යෝතින් නි‍යමට ති‍යේවිනේ
    :baffled::baffled::baffled:

    කවියට කවි ගැලපෙන්නට ඕන නිසයි
    කවි ත්‍රෙඩ් එක කම්මැලි කම ඉතුරූවයි
    ජොලියට යමක් ගැලපෙන්නට ඕනේමයි
    ඒක නිසා මට සිගරට් බොන්න උනයි:rofl:
     

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    මගේ සිතිවිලි............

    නිදි යහනට ගොඩවූයේ නිදි දෙව්දුව .............වැළඳගන්න
    සිත දසඅත විසිරෙනවා ඉඩ දෙන්නෑ නින්දට..... වැටෙන්න
    කවි සිතිවිලි ඉපදෙනවා කම්මැලිකම.............පරදවන්න
    නින්දට පෙර මට සිතුනා මේ පදවැල් ටික.......ගොතන්න

    නිදි යහනේ තනිවීලා නිදියගන්න .................දඟලනකොට
    බිරිඳගේ උණුහුම නැතිතැන දැනෙන්නේ පාළුව.....තදටම
    ඇය අගේ මවු බැලුමට ගොහින් ඉතින් දුරු ........තැනකට
    හනික ගොහින් කැන්දාගෙන එන්න හිතෙනව.....දැන්මම

    දෑස අයා බලාඉන්නේ එක්වීලා අපි ............දෙන්නම
    තව ටික කලකුයි ඇත්තේ දරු සුරතල් ..........බලාගන්න
    අපේ රුහිරෙන් හැදී වැඩුන කිරිකැටියව .........වඩාගන්න
    මට ආසයි පැටිය වඩන් දරු නැලවිලි ගීයක් .....කියන්න

    පිය පදවිය පළමුවරට මට ලැබෙන්න හරිම ......ලඟයි
    හදවත ගැහෙනා රිද්මය දැන්නම් ටික ටික .......වැඩිවෙයි
    අනාගතේ වැඩ එමටයි හිතෙනකොටත් බය ....උපදියි
    දරු පැටියාගේ අනාගතය එළිකරන්න මට........බාරයි

    තිස්තුන්
    කෝටියක් දෙවියෝ ඉන්නා මේ පුංචි ..........රටේ
    හොඳ පුරවැසියෙක් වෙන්නට හිතට ගනින් මගේ ......පුතේ
    බොදු බැතියෙන් සිහලකමින් පිරුණු පුංචි අපේ.........රටේ
    නම
    ලෝකෙම බබළවන්න හිතට ගනින් මගේ... .....පුතේ
     
    • Like
    Reactions: Rex921

    adizzycptt764

    Member
    Nov 17, 2012
    1
    0
    0
    For instance, the thing that makes great copy is how many booklets have been sold (over a million) in four languages and various formats without spending a penny on advertising. Your way will be, well, your way. It may look a bit like how others have done it. ------------------------------------------------------------------------------
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියට කවි ගැලපෙන්නට ඕන නිසයි
    කවි ත්‍රෙඩ් එක කම්මැලි කම ඉතුරූවයි
    ජොලියට යමක් ගැලපෙන්නට ඕනේමයි
    ඒක නිසා මට සිගරට් බොන්න උනයි:rofl:
    නමට වුනත් ඕවට try කරන එක
    වැඩි‍ය හරි‍යන්නෙ නෑ නංගෝ ඕක
    හැබැහින් බොන්න හිතුනෝතින් ‍යම් දිනක
    ඔ‍ය පුරුද්ද අ‍යින් කරනු නම් නොහැක
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදි යහනට ගොඩවූයේ නිදි දෙව්දුව .............වැළඳගන්න
    සිත දසඅත විසිරෙනවා ඉඩ දෙන්නෑ නින්දට..... වැටෙන්න
    කවි සිතිවිලි ඉපදෙනවා කම්මැලිකම.............පරදවන්න
    නින්දට පෙර මට සිතුනා මේ පදවැල් ටික.......ගොතන්න

    නිදි යහනේ තනිවීලා නිදියගන්න .................දඟලනකොට
    බිරිඳගේ උණුහුම නැතිතැන දැනෙන්නේ පාළුව.....තදටම
    ඇය අගේ මවු බැලුමට ගොහින් ඉතින් දුරු ........තැනකට
    හනික ගොහින් කැන්දාගෙන එන්න හිතෙනව.....දැන්මම

    දෑස අයා බලාඉන්නේ එක්වීලා අපි ............දෙන්නම
    තව ටික කලකුයි ඇත්තේ දරු සුරතල් ..........බලාගන්න
    අපේ රුහිරෙන් හැදී වැඩුන කිරිකැටියව .........වඩාගන්න
    මට ආසයි පැටිය වඩන් දරු නැලවිලි ගීයක් .....කියන්න

    පිය පදවිය පළමුවරට මට ලැබෙන්න හරිම ......ලඟයි
    හදවත ගැහෙනා රිද්මය දැන්නම් ටික ටික .......වැඩිවෙයි
    අනාගතේ වැඩ එමටයි හිතෙනකොටත් බය ....උපදියි
    දරු පැටියාගේ අනාගතය එළිකරන්න මට........බාරයි

    තිස්තුන්
    කෝටියක් දෙවියෝ ඉන්නා මේ පුංචි ..........රටේ
    හොඳ පුරවැසියෙක් වෙන්නට හිතට ගනින් මගේ ......පුතේ
    බොදු බැතියෙන් සිහලකමින් පිරුණු පුංචි අපේ.........රටේ
    නම
    ලෝකෙම බබළවන්න හිතට ගනින් මගේ... .....පුතේ
    පි‍ය පදවි‍ය ලබන්න ‍යන ඔබ වෙතට
    මම සුභ පතමි එක සිතින්ම ඒ ලෙසට
    දරුවව හැකි ඉහල තැනටම ගෙන ‍යන්ට
    සි‍යලු දෙවි පිහිට ලැබේවි ඔබ වෙතට
     
    • Like
    Reactions: goldstar

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    දුරු රටකට පියාබන්න අවසර ඉල්ලන්න......

    කිරිකටියෙක් විලසින් මම ඔබේ තුරුලේ ...ඉඳ
    ඔබෙ රුහිරය කිරිකර මට පෙව්වානේ ....ඔබ
    කරදඬු උස් වෙනකන් ඔබ මා අසලින් ....ඉඳ
    මා රැක්කනෙ සැමදා.. මගේ අම්මෙ ....... ඔබ

    මා වෙනුවෙන් ඔබේ දිරිය ඔක්කොම දිය...කරලා
    මම ඉන්නේ ඔබ හින්දයි හොඳ මිනිහෙක්.. වීලා
    කාලය බැහැ නවත්තන්න කිසිම දෙයක්... කරලා
    ගෙදර බුදුන් අම්මේ ඔබ අද වියපත්........වීලා

    මට ආසයි එදා වගේ ඔබේ තුරුලේ ...........ඉන්න
    අම්මේ කියා දුවන් ඇවිත් ඔබට තුරුල් ........වෙන්න
    ලොකු මිනිහෙක් උනත් මෙමා පවුල් වෙලා ...ඉන්න
    අසයි මට අයෙත් ඒ පුංචි පුතුම ...............වෙන්න

    ජීවිතයම ගංගාවකි සැර දම දම ................ගලනා
    උඩුගන් පීනන්නටනම් වෙර වීරිය ..............ඕනා
    මුදලට සැමදෙය විකිනෙන සමාජයක ..........ඉන්නා
    නිසා මටත් පිටරටකට පැටවෙන්නට සිදුවේවිද..මන්දා

    දුරු රටකට පියාබන්න අවසර ...........ඉල්ලන්න
    හිත දෙන්නෑ ඒකටනම් ඉඩ.............. කවදාවත්ම
    වියපත්වූ දෑස ඔබේ.. දිහා අම්මේ ........බලන්
    කෙලෙස පතන්නද අවසර මගේ අම්මේ...මෙමන්:(:(:(
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    අද කොහොමද අපෙ කවිමඩු බලන්නට
    ආවා මමත් රෑ බෝවී හරි ඔන්න
    ආවට බොලේ නෑ කවුරුත් පෙනෙන්නට
    අදත් වෙන්නෙ ආපහු හැරිලා යන්න
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කෝ අද අපේ කවි ත්‍රෙඩ් එක අයියාලා
    තනූ අයියා ට්විස් අයියා රෙක්ස් අයියා
    අද ඔක්කොමල නින්දට වැටිලද මන්දා
    මං විතරක් කවි මඩුවේ තනිවීලා
     

    thanujaka

    Well-known member
  • කෝ අද අපේ කවි ත්‍රෙඩ් එක අයියාලා
    තනූ අයියා ට්විස් අයියා රෙක්ස් අයියා
    අද ඔක්කොමල නින්දට වැටිලද මන්දා
    මං විතරක් කවි මඩුවේ තනිවීලා
    අද මොකදෝ මේ හොදටම රෑ වීලා
    නින්ද යන්නෙ නැද්දෝ මේ බස්සියටා
    අදනං නගෝ කවි ත්‍රෙඩ් එක ඩෙඩ් වීලා
    බලමුකො ගන්න හෙටවත් අපි නග්ගාලා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    අද මොකදෝ මේ හොදටම රෑ වීලා
    නින්ද යන්නෙ නැද්දෝ මේ බස්සියටා
    අදනං නගෝ කවි ත්‍රෙඩ් එක ඩෙඩ් වීලා
    බලමුකො ගන්න හෙටවත් අපි නග්ගාලා
    මේ ඉන්නේ බොලෙ අපේ තනූ අයියා
    මං හිතුවේ මං විතරයි මෙහි කියලා
    ඉතින් ඉතින් ඔයාට කොහොමද අයියා
    කෝ අද අපේ කවි මඩුවේ ගොයියාලා
     

    thanujaka

    Well-known member
  • මේ ඉන්නේ බොලෙ අපේ තනූ අයියා
    මං හිතුවේ මං විතරයි මෙහි කියලා
    ඉතින් ඉතින් ඔයාට කොහොමද අයියා
    කෝ අද අපේ කවි මඩුවේ ගොයියාලා

    දැන් නං නගෝ රෑ දොලහත් පහුවීලා
    මේ වෙලාවෙ කොයි කවියත් ඇතේ නිදා
    නංගි මොකද අවේලාවේ අවදි වෙලා
    ලංකාවේ නොවෙද ඔබ ඉන්නෙ සනා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    දැන් නං නගෝ රෑ දොලහත් පහුවීලා
    මේ වෙලාවෙ කොයි කවියත් ඇතේ නිදා
    නංගි මොකද අවේලාවේ අවදි වෙලා
    ලංකාවේ නොවෙද ඔබ ඉන්නෙ සනා
    ලංකාවෙ තමයි අයියෙ ඉන්නෙ මෙමා
    වෙනදා මේ වෙලාවෙ වෙද්දි නිදිම තමා
    නිදිමත නෑනෙ අදනං මොකදෝ මන්දා
    නිදිමත එනතුරා ලියනව කවි අයියා
     

    thanujaka

    Well-known member
  • ලංකාවෙ තමයි අයියෙ ඉන්නෙ මෙමා
    වෙනදා මේ වෙලාවෙ වෙද්දි නිදිම තමා
    නිදිමත නෑනෙ අදනං මොකදෝ මන්දා
    නිදිමත එනතුරා ලියනව කවි අයියා

    තව අය හිටියනං මරු කික් එකම තමා
    කට්ටිය නැති උනාමත් හෙන බෝරින් නංගා
    මක් කොරන්ද කවියෝ මෙහි නෑ කියලා
    හැකි කල් වෙලා ඉමුකෝ මෙහි කවි කියලා
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    තව අය හිටියනං මරු කික් එකම තමා
    කට්ටිය නැති උනාමත් හෙන බෝරින් නංගා
    මක් කොරන්ද කවියෝ මෙහි නෑ කියලා
    හැකි කල් වෙලා ඉමුකෝ මෙහි කවි කියලා
    නිදිමත් අහල පහලක නෑ පෙනෙන්නට
    ඒක නිසා ඉන්නව මං අවදිවම
    අයියා මොකද රෑ වෙනකං නැගිටගෙන
    සිකුරිටි ජොබ් එකක් වත් සෙට් වෙල වත්ද:rofl:
     

    thanujaka

    Well-known member
  • නිදිමත් අහල පහලක නෑ පෙනෙන්නට
    ඒක නිසා ඉන්නව මං අවදිවම
    අයියා මොකද රෑ වෙනකං නැගිටගෙන
    සිකුරිටි ජොබ් එකක් වත් සෙට් වෙල වත්ද:rofl:

    කංසා හේන ගාඩ් කරං ඉන්නෙ මම
    මේක් තමයි නගෝ මගේ රස්සාව
    කොයි මොහොතේ පොලීසියෙන් පනීවිද
    කියල තමයි බලං ඉන්නෙ නැගිටගෙන
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    නිදි නෑ තවම මං වාගෙම ඔයාලත්
    එලකිරි ආවෙ කවි ලියන්න නොවෙයි මං
    කම්මැලිකමේ ඉන්නට බැරි නිසාවෙන්
    මමත් එකතුවෙන්නද මෙහි මගෙ කවියෙන්?