.::KAVIYEN KAVIYA 2::.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පොඩ්ඩක් ඌට වැරදීලා තිබුනාට
    ලොකුවට එ‍ය ගන්න එපා උඹෙ හිතට
    කොහොම වුනත් ඌ කවි‍යක් ලිවු එකට
    ගරු කරනවම‍යි මම නම් හැමදාට:):):)
    මමත් නිකන් කිව්වේ වැඩි දුර නොසිතා
    මොකක් නමුත් ලිවුවා සිවු පදය (?):rolleyes: ගොතා
    වැඩක් නැතත් මට වන්නේ ඌ අමතා
    හුදෙක් විහිළුවකි කලෙ ඔහු රිදවනු නොසිතා
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිතට දැනෙන ලෙස පදවැල් අමුනාලා
    මේ කවිමඩුව ඇත නිසි ලෙස සරසාලා
    මේ බව නොදත් අපෙ මහදන මුත්තාලා
    මුල මැද හොයයි සරිගම පද පටලාලා

    (joke :D)
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොට්ටය උනත් කවි මඩුවෙදි කවියෙක්ලු
    එහෙනම් මමත් බොට ෆිට් එක දුන්නාලූ
    ඇවේටරය අම්මප සිත් ගත්තාලූ
    මට අප්පිරිය අර මූසල රෙක්සාලූ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිංහ රුවෙන් ඇවේටරය හැදුවාට
    හූනොත් බෙටි දමයි දුටු විට රෙක්සාට
    මම එනවිටදි හති දාගෙන දිවුවාට
    කඩනව උඹේ අඩු මට අහුවුන දාට
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    පුලුවන් හැටියෙ මුල මැද අග ගලපන්නම්
    මම ගැන නම් මං ආඩම්ඹර වෙනව බං
    හිනා වෙයන් නුඹට ඕනි ඒකනම්
    මොට්ට කතා කියන්නැතුව තෝ පලයන් :yes::lol::rofl:
    මේකයි මචන් මම කියන්න දඟලන්නේ
    බූතයි කවිය මුල අග පද කෙලවෙන්නේ
    නාකයි තලා ගත්තොත් මොනවද වෙන්නේ
    නෑමයි මම යලිත් මේ දෙස එන්නේ :P:P:P
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටය උනත් කවි මඩුවෙදි කවියෙක්ලු
    එහෙනම් මමත් බොට ෆිට් එක දුන්නාලූ
    ඇවේටරය අම්මප සිත් ගත්තාලූ
    මට අප්පිරිය අර මූසල රෙක්සාලූ
    නත්තල් සීය දැක්කම ආතල් වන්නේ
    අවේටරය කොහොමද බන් සිපගන්නේ
    මම පොඩි වැඩක් කරමින් දැන් පසුවන්නේ
    පොඩ්ඩක් පමා වුනොතින් එය සොරි කරපන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහ රුවෙන් ඇවේටරය හැදුවාට
    හූනොත් බෙටි දමයි දුටු විට රෙක්සාට
    මම එනවිටදි හති දාගෙන දිවුවාට
    කඩනව උඹේ අඩු මට අහුවුන දාට
    උඹ ඔ‍ය කි‍යන අප්පිරි‍යා තරමටම
    මටද උඹව පෙනෙන්න බෑ ඒ ලෙසම
    ඊ‍යේ රෑට රේඩි‍යෝව පැත්තටම
    එන්නෙ නැතුව හිටි‍යේ ඒ නිස‍යි මම
    :lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් නිකන් කිව්වේ වැඩි දුර නොසිතා
    මොකක් නමුත් ලිවුවා සිවු පදය (?):rolleyes: ගොතා
    වැඩක් නැතත් මට වන්නේ ඌ අමතා
    හුදෙක් විහිළුවකි කලෙ ඔහු රිදවනු නොසිතා
    :P
    මම දන්නවා කිව්වේ විහිලුවට කි‍යා
    අවුලක් නෑ ලිව්වට ෆන් ගන්න කි‍යා
    හිතන්නෙ නෑ ඩිලාගෙ හිත රිදුන කි‍යා
    අමතක කරමු එ‍ය අපි තව කවිත් ලි‍යා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකයි මචන් මම කියන්න දඟලන්නේ
    බූතයි කවිය මුල අග පද කෙලවෙන්නේ
    නාකයි තලා ගත්තොත් මොනවද වෙන්නේ
    නෑමයි මම යලිත් මේ දෙස එන්නේ :P:P:P

    සිත්තුල නැත කහට නිසිවිට නොමැත මල
    නක්කල දමන්නේ විහිලුව නිසයි බොල
    දුම්මල ගැසූවත් නොමයන් කිසිම කල
    නග්ගල ගන්න කවි අමුණා බහිමු වල
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    සිත්තුල නැත කහට නිසිවිට නොමැත මල
    නක්කල දමන්නේ විහිලුව නිසයි බොල
    දුම්මල ගැසූවත් නොමයන් කිසිම කල
    නග්ගල ගන්න කවි අමුණා බහිමු වල
    අනිවා මම දනිමි එය නිසියාකාර
    මොනවා වුනත් නොම යමි මම මෙ'අත් හැර
    කියනා ලෙසට කිව්වෙමි නොම සිතා දුර
    සිටිනා මැනවි මම එමි මුව දොව හැර

    moona heduwe naa bn udeta..:P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උදේ උඹත් එක්ක චැටක් දැම්මාට
    වැඩි‍ය කතාකරන්න බැරිවි‍ය අපට
    කොහොමද මචන් ‍යලි පිලිගන්නව මෙහෙට
    දිගටම වරෙන් දැන් මෙහි කවි ලි‍යන්නට

    ආයිත් 27 ඉදං එන්න වෙන්නේ නෑ :no:
    ආපහු සති දෙකකින් නෑවිත් ඉන්නෙත් නෑ :yes:
    ආවත් නාවත් උබලව අමතක වෙන්නේ නෑ :no:
    මේ වාගේ එල කොල්ලෝ ෆෝරම් වල නෑ :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    මමත් ඔහේ ඉන්නව බන් සනීපෙන්
    ආවෙ නැතත් නුඹ ගැන මට සතුටු සිතේ
    නුඹට..
    ඉස්පාසුවක් ලැබුනා වගෙ පේන්නේ
    fun එක ගන්න set වෙමු අපි වෙනද වගේ :cool:

    උබේ ෂෝ එකකට සෙට් වෙමු අපි ලගදීම
    පරණ ලස්සන බොලිවුඩ් සින්දු ඕනි මට
    කොම්පීටරයක් ඩොගලක් දැක්ක විට
    ඉබේම ලොග් වෙන්නේ එළකිරි වෙතට :D:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආයිත් 27 ඉදං එන්න වෙන්නේ නෑ :no:
    ආපහු සති දෙකකින් නෑවිත් ඉන්නෙත් නෑ :yes:
    ආවත් නාවත් උබලව අමතක වෙන්නේ නෑ :no:
    මේ වාගේ එල කොල්ලෝ ෆෝරම් වල නෑ :D
    කමක් නෑ මචන් හැකි හැම විටදි වරෙන්
    උඹේ වැඩ ටිකත් ලෙසටම කරල ගනින්
    අමතක නොවේ අපිටත් උඹ වැනි අ‍යවුන්
    ජ‍ය පතනවා උඹහට අපි සතුටු සිතින්
    :):):):)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    සිත්තුල නැත කහට නිසිවිට නොමැත මල
    නක්කල දමන්නේ විහිලුව නිසයි බොල
    දුම්මල ගැසූවත් නොමයන් කිසිම කල
    නග්ගල ගන්න කවි අමුණා බහිමු වල

    සසියා මහ ගොනා හැමදා ලිදට පනී
    අද ෂෝ එකේදී නම් ටොප් පෝස්ටර් වෙතී
    ඊයේ සසියෝ ඔබ ගියාට කලින් නිදී
    මං හිටියා ටික වෙලාවක් එති එහි :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කමක් නෑ මචන් හැකි හැම විටදි වරෙන්
    උඹේ වැඩ ටිකත් ලෙසටම කරල ගනින්
    අමතක නොවේ අපිටත් උඹ වැනි අ‍යවුන්
    ජ‍ය පතනවා උඹහට අපි සතුටු සිතින්
    :):):):)

    පුළුවන් හැම වෙලාවේදීම මම එනවා
    ඇවිත් කෙසේ හෝ උබලා බලලා යනවා
    උබටත් හදවතින්ම මම ජය පැතුවා
    එලකිරිය සැමදා කල් වැජබේවා ;):D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;14048424 said:
    වනේ පිපෙන මල් වනයට සුවද ගෙනා
    ඒ මල් කඩා අපි නගරෙට පුදනා
    මල් වල සුවද ඒ නගරය හැඩ ගන්වා
    පොඩි කර දමති බමරුන් මල් තලා පෙලා​

    ගමේ සිටි තරුන රූමත් කෙල්ලක ‍රැකියාවක් දෙන ලෙස කියා නගරයට ගෙනැවිත් ඇගේ ජීවිතය විනාස කල පුවතක් දැක මෙසේ කවි පදයක් පබැදිනි....
    ..........
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොද පුලුලුකුල වන ලෙස කල ගෙඩි පැරදෙමිනා
    රන් තිසර යුගල් දු‍ටු දන නෙත රත කරනා
    පා බැදි ගිගිරි ජනගන මන පොබ කරනා
    මේ කව් විලස වේ මගේ රන් කද පෙමිනා......​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අයාලේ ගිය ජීවිතය
    යලිත් ගොඩ ගන්නට,
    දුන්නු ඒ සෙනෙහස,
    මතකයි හැමදාම

    ඔබ දුන්නු ආදරය
    සොයමි මම මේ වන තුරුම
    නැත එහෙත් හමුවුනේ
    ඔබ වෙන්ව ගිය පසුව,,,

    නැවත ඒ සතුට ගෙන
    වඩිනු මැන හද බිමට,
    යන්නට පෙර ජීවිතය,
    නැවත පෙර මාවතට....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,