.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තරඟෙට වගෙ කට්ටි‍ය කවි ලිව්වාට
    දැන් නම් කවුරුවත් නෑ කවි ලි‍යන්නට
    නිකම් මෙතන මම තනි‍යම ඉනු කුමට
    ‍යනවා මමත් දැන් මෙතනින් වෙන අතට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    තරඟෙට වගෙ කට්ටි‍ය කවි ලිව්වාට
    දැන් නම් කවුරුවත් නෑ කවි ලි‍යන්නට
    නිකම් මෙතන මම තනි‍යම ඉනු කුමට
    ‍යනවා මමත් දැන් මෙතනින් වෙන අතට

    මතකද මචන් උදෙන්ම ආ මේ හාවා
    උඹ එක්කල පද හතරෙන් කටු ගෑවා
    ගැනුමට මචන් චිත්තර පටියක් බාවා
    ආ අතරේ කවි ලිවුමට මෙහි ආවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතකද මචන් උදෙන්ම ආ මේ හාවා
    උඹ එක්කල පද හතරෙන් කටු ගෑවා
    ගැනුමට මචන් චිත්තර පටියක් බාවා
    ආ අතරේ කවි ලිවුමට මෙහි ආවා
    මතක‍යි හොඳට උඹ කවි ගැලපූ බවට
    කවි නූලට පණක් ලබා දුන් බවට
    හැකි විට වරෙන් මෙහෙ කවි‍යක් ලි‍යන්නට
    සතුටක් ලබමු කවි රස‍යෙන් මේ ලෙසට:):):)
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මතක‍යි හොඳට උඹ කවි ගැලපූ බවට
    කවි නූලට පණක් ලබා දුන් බවට
    හැකි විට වරෙන් මෙහෙ කවි‍යක් ලි‍යන්නට
    සතුටක් ලබමු කවි රස‍යෙන් මේ ලෙසට:):):)
    ඔන්න මමත් ආවා කවි කියන්නට
    කවුද ඉන්නෙ රස කවි වැල් බදින්නට
    මං ආවේ කවිකරුවෝ සොයාගෙන
    කවුද එන්නෙ මට පිළිතුරු ලියන්නට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් ආවා කවි කියන්නට
    කවුද ඉන්නෙ රස කවි වැල් බදින්නට
    මං ආවේ කවිකරුවෝ සොයාගෙන
    කවුද එන්නෙ මට පිළිතුරු ලියන්නට
    කවි‍යක් ලි‍යන්නට ඔබ ආ එක සතුටු‍යි
    කවි ලි‍යන්න අපි සූදානමින් සිටි‍යි
    පිලිතුරු ලි‍යන්නට පැන‍යක් තිබි‍ය ‍යතු‍යි
    ඔබේ කවි‍යෙ පැන‍යක් නම් නොමැති හැඩ‍යි
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කවි‍යක් ලි‍යන්නට ඔබ ආ එක සතුටු‍යි
    කවි ලි‍යන්න අපි සූදානමින් සිටි‍යි
    පිලිතුරු ලි‍යන්නට පැන‍යක් තිබි‍ය ‍යතු‍යි
    ඔබේ කවි‍යෙ පැන‍යක් නම් නොමැති හැඩ‍යි
    කවි ලියන්නෙ අපි විතරද මෙහි අයියේ
    ඇයි වෙන අය එන්නෙ නැත්තෙ මේ පැත්තේ
    කොතනක හැරිම වැරදීමක් වෙලා වගේ
    සිංහල කවට කන කොක්කුන් හඩල වගේ:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි ලියන්නෙ අපි විතරද මෙහි අයියේ
    ඇයි වෙන අය එන්නෙ නැත්තෙ මේ පැත්තේ
    කොතනක හැරිම වැරදීමක් වෙලා වගේ
    සිංහල කවට කන කොක්කුන් හඩල වගේ:(
    කවි ලි‍යන්න සමහර අ‍ය දන්නෙ නැත
    දන්නා සමහරුන් මේකට එන්නෙ නැත
    කවි‍යේ රස‍ය සමහරු අඳුනන්නෙ නැත
    ඒ ගැන ඉතින් කතා කරල වැඩක් නැත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මතක‍යි හොඳට උඹ කවි ගැලපූ බවට
    කවි නූලට පණක් ලබා දුන් බවට
    හැකි විට වරෙන් මෙහෙ කවි‍යක් ලි‍යන්නට
    සතුටක් ලබමු කවි රස‍යෙන් මේ ලෙසට:):):)

    මේකයි මචන් කාලෙන් කාලෙට වෙන්නේ
    යල මහ දෙකට විතරයි බන් මන් එන්නේ
    පිළිතුරු කවිය දැකලා මම හිනැ හෙන්නේ
    නොලියා යන්න නැහැනේ බන් හිත දෙන්නේ
     

    thanujaka

    Well-known member
  • කවි ලියන්නෙ අපි විතරද මෙහි අයියේ
    ඇයි වෙන අය එන්නෙ නැත්තෙ මේ පැත්තේ
    කොතනක හැරිම වැරදීමක් වෙලා වගේ
    සිංහල කවට කන කොක්කුන් හඩල වගේ:(

    කාලෙ සමග ඇතතේ රට වෙනස් වෙලා
    සිංහලයන් දැන් බටහිර කරනෙ වෙලා
    අපේ එවුන් සිංහල කම හැරගියදා
    කවිකම් මියැද සිංහල ලේ වලට ගියා:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකයි මචන් කාලෙන් කාලෙට වෙන්නේ
    යල මහ දෙකට විතරයි බන් මන් එන්නේ
    පිළිතුරු කවිය දැකලා මම හිනැ හෙන්නේ
    නොලියා යන්න නැහැනේ බන් හිත දෙන්නේ
    ‍යල මහ දෙකට හෝ උඹ මෙහි එන කලට
    පොඩ්ඩක් ඇවිත් ලි‍යපන්කෝ කවි පෙලට
    නිතර දෙවේලේ මෙහි උඹ නාවාට
    අවුලක් නෑ උඹට වැඩ ඇති හෙන ගොඩට
     

    thanujaka

    Well-known member
  • මේකයි මචන් කාලෙන් කාලෙට වෙන්නේ
    යල මහ දෙකට විතරයි බන් මන් එන්නේ
    පිළිතුරු කවිය දැකලා මම හිනැ හෙන්නේ
    නොලියා යන්න නැහැනේ බන් හිත දෙන්නේ
    කොහෙ යන්නද මෙහෙ වර කවි ලියන්නට :frown:
    කන්න මොටද වපුරමු අපි හැමදාම
    උඹල වගේ ගොවියන් එයි නම් මෙහෙට
    දොළොස් මසම සශ්‍රිකයි කවි මඩුව:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙ සමග ඇතතේ රට වෙනස් වෙලා
    සිංහලයන් දැන් බටහිර කරනෙ වෙලා
    අපේ එවුන් සිංහල කම හැරගියදා
    කවිකම් මියැද සිංහල ලේ වලට ගියා:no:
    උඹ කි‍යනා කතාව නම් ඇත්ත මචන්
    දැන් වැඩිපුරම මෙහි ඉන්නේ කලු සුද්දන්
    රට ජාති‍ය ගැනත් නොසිත‍යි උන් කිසිම ලෙසින්
    මොඩ් වී ඇති‍ය බටහිර ආරෙට එලෙසින්
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කාලෙ සමග ඇතතේ රට වෙනස් වෙලා
    සිංහලයන් දැන් බටහිර කරනෙ වෙලා
    අපේ එවුන් සිංහල කම හැරගියදා
    කවිකම් මියැද සිංහල ලේ වලට ගියා:no:
    ෂා...ඒ අන්තිම පද දෙකනම් මාරම ලස්සනයි අයියා..
    ඔයාලට ලස්සන අදහස් තියෙනවනෙ..:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙ යන්නද මෙහෙ වර කවි ලියන්නට :frown:
    කන්න මොටද වපුරමු අපි හැමදාම
    උඹල වගේ ගොවියන් එයි නම් මෙහෙට
    දොළොස් මසම සශ්‍රිකයි කවි මඩුව:P
    බලෙන් ඌව ති‍යාගන්න හදුවාට
    වැඩ ඇති මචන් ඌටත් අම්බානකට
    හැකි හැම වෙලාවෙම කවි පද ලි‍යන්නට
    එන්න කිව්වේ ඒක‍යි මම ඒ ලෙසට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ඔන්න මමත් ආවා කවි කියන්නට
    කවුද ඉන්නෙ රස කවි වැල් බදින්නට
    මං ආවේ කවිකරුවෝ සොයාගෙන
    කවුද එන්නෙ මට පිළිතුරු ලියන්නට

    දැක්කා අලුත් මුහුණක් මෙහි කවි ලිව්වා
    කවි කාරියෙක් ඇවිදින් බව සිත කිව්වා
    පිළිතුරු ලියන්නට කවි කාරයෝ සෙවුවා
    ට්වින්කල් ඔබත් කවි පිටුවේ නම තිව්වා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පදවැල් අතර වරෙක රැඳුනු මතක මැකී
    කොතරම් ලියවුනත් නැත රසයක් පෙරකී
    නැවතත් එබඳු රසයක් ලැබුමට නොහැකී
    අඳුරෙන් පිරුනු තනිකම රැඳුනු වසරකී :(
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    උඹ කි‍යනා කතාව නම් ඇත්ත මචන්
    දැන් වැඩිපුරම මෙහි ඉන්නේ කලු සුද්දන්
    රට ජාති‍ය ගැනත් නොසිත‍යි උන් කිසිම ලෙසින්
    මොඩ් වී ඇති‍ය බටහිර ආරෙට එලෙසින්
    සිංහල බසත් සාහිත්‍යත් රසවත් ය
    එය නොදැනීම ජාතියේම කරුමයය
    සිංහල බසේ රසයක් නොදැනුනිවත් ද
    සිංහල රටම කලු සුද්දන් උනෙ මන්ද:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පදවැල් අතර වරෙක රැඳුනු මතක මැකී
    කොතරම් ලියවුනත් නැත රසයක් පෙරකී
    නැවතත් එබඳු රසයක් ලැබුමට නොහැකී
    අඳුරෙන් පිරුනු තනිකම රැඳුනු වසරකී :(
    එලකිරි‍යේ ඉස්සර හිටි කවිකරුවන්
    නැතිකල අඩුවෙලා ඇත ඒ කවි රස‍යන්
    අඳුරු මතක නැති කෙරුමට හැකි විලසින්
    ගලපාලමු කවි පද ඉදිරි‍ය දකිමින්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ‍යල මහ දෙකට හෝ උඹ මෙහි එන කලට
    පොඩ්ඩක් ඇවිත් ලි‍යපන්කෝ කවි පෙලට
    නිතර දෙවේලේ මෙහි උඹ නාවාට
    අවුලක් නෑ උඹට වැඩ ඇති හෙන ගොඩට

    ‍එළකිරි මචන් උබ කවි ලියනවා හැඩට
    වෙලාව නං කවදන් නැහැ බන් වැඩට
    දැන් නං මචන් බඩගිනි දැනෙනවා දඩට
    මොනවා හරි දාගෙන එන්නන් බඩට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහල බසත් සාහිත්‍යත් රසවත් ය
    එය නොදැනීම ජාතියේම කරුමයය
    සිංහල බසේ රසයක් නොදැනුනිවත් ද
    සිංහල රටම කලු සුද්දන් උනෙ මන්ද:oo:
    සුද්දන් ඇවිත් කල ඒ මහ විනාස‍ය
    තවමත් මේ රටේ නැතිවීලා නැති‍ය
    හෙල බස ටිකෙන්ටික ‍යන්නේ වල වෙත‍ය
    එ‍ය නැවතීම දැන්නම් හරි අපහසු‍ය