දෙන්නගෙ ආදරය ගොඩක් බැදීමක් තියෙනවනම් මෙතනදි මොකද කරන්නෙ කියල තීරනයක් ගන්නෙ උබම විතරක් නෙවේනෙ..දෙන්නම කතාකරලනෙ තීරනයක් ගන්නෙ..දැන් ඒකි රට යනවමයි කියල ස්තිරව තීරනය කරලනම් එතන දෙන්නෙක්ගෙ සාමුහික කැමැත්තක් නෑනෙ,,අනික උබල දෙන්න එච්චරම ෆිට් නම් මෙහෙම ත්‍රෙඩ්දාල අදහස් බාහිර පාර්ශවවලින් ගන්න වෙන්නෑ,,උබල දෙන්නයි තීරනය කරගන්නෙ මොකද අනාගතයෙ කරන්නෙ කියල..
රෙජිස්ටර් කරන එකේ කිසි තෙරුමක් නෑ...
උබට ජොබ් එක දාල රට ගිහින් එකි එක්ක ඉන්න ඕනෙ කියල ආසාවක් තියෙනවනම් අස්වෙලා පලයන්..එහෙම යනවනම් රෙජිස්ටර්කරන්න වෙනව
පේන විදිහට ඒකි තනියම තීරනය අරගෙන,,එක්කො ලොකු ටාගෙට් එකකට යන කෙනෙක් වෙන්න පුලුවන්..අපිට චරිතයගැන නොදැන හරියටම කියන්න බෑනෙ..
අද කාලෙ ඩිග්‍රී ගන්න රටම යන්න ඕනද,,අවුරුදු4ක් කියන්නෙ කොච්චර දිගුකාලයක්ද...ඔයදෙන්නගෙ ෆිට් එක අනුව එහෙම ටාගෙට්තියෙනවනම් ඔතන දෙන්නම genuineනම් අවුලක් නෑ..උබ මෙහෙ ඉදී..ඒකි අවුරුදු4 ඉදල ඒවි
හැබැයි එයා ලව් එකටවඩා ටාර්ගෙට්,,සල්ලි,,අනන්මනම් ලොකු කරගන්න කෙනෙක්නම් කේස්..
උබල කතා වෙලා නෙවේනම්,,අනාගතය ප්ලෑන් කරන්න නෙවේනම් මෙහෙම එයා රට යන්න තීරනයක් ගත්තෙ..මේක එයාගෙ පෞද්ගලික ටාර්ගෙට් එකක්නම්,,ඒ ටාගෙට් එක ලව් එක ඉක්මවා උඩින් යන එකක්නම්,,,උබට අවදානම්
එහෙමනම් යන්නම ඕනනම් යන්න දෙන්න..ගියාම නිතර කතා බහ කරන්න...ඔහොම කාලය යනකොට වැඩේ අවුල්වගෙ තේරෙනවනම්,,කෙල්ල මග හරිනව වගේනම් කෙල්ල අමතක කරන්න වෙනව..මොකද සිත්වල හරි එකගත්වයක්,,කැමත්තක් නැතුව ඉස්සරහට පවුලක් ගෙනියන්න බෑ,,එහෙම ගෑනු වැඩක් නෑ
..එහෙම අවස්තාවක් ආවොත් උබ රෙජිස්ටර්කරල යැවුවොත් උබට වෙන කෙල්ලෙක් මැරිකරන්නත් බෑ ඩිවොස් කේස් අවුරුදු ගනන් ඇදෙනව..
අනික කවුද දන්නෙ රට ගිය කෙල්ල වෙනස් වෙයිද,,උබට ඒකට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් වෙලා උබ ඒකිව මග හරීද කියල,,මොනව වෙන්න බැරිද අවුරුදු 4ක් තුල
මොනදේ උනත් දෙන්න එකට ඉදිරිකාලෙ ඉන්න සිත්වල ස්තිර එකගත්වයක් නැත්නම්,,ඒක මගදිහරි කැඩෙනවනම්,,එතනින් ඒහාට ඒ පාට්නර්ගෙන් වැඩක් නෑ,,ගෑනු බලෙන් තියන් වැඩක් නෑ,,,එපානම් යන්න දෙන්න ඕනෙ
ලොකු ටාගෙට් තියෙන අසාමන්ය පෙම්වතුන් මෙහෙම ටාගෙට් නිසා ගොඩක් කල් වෙන් වෙලා ගිහින් ඉදල රටවල පස්සෙ සෙට් වෙලා ටාගෙට් වල උපරිමයට යනව..හැබැයි ඒදෙන්නම ඒව පැලැන් කරල,,පැලෑන් හරියට ඉලක්කයට ක්‍රියාවෙ යොදවල..නමුත් සාමන්ය පෙම්වතුන්ට එහෙම කරන්න අමාරුයි,,මගදි හිත් වෙනස් වෙලා ටාගෙට් පිට පනිනව..එහෙම අයට දෙන්නට දෙන්න ගොඩක්ම ආදරේනම් වැඩි සල්ලි හොය හොය හොය ටාගෙට් පස්සෙ දුවන්නෙ නැතුව.ඉක්මනට දෙන්න එකතුවෙලා,ජීවිතේ හොදින් ගෙනියන්න ඕන,,ගෙයක්,,සල්ලි ටිකක්,,වාහනයක් එහෙම අරගෙන සාමන්ය විදිහට ඉන්නපුලුවන්,,ආදරේ නිසා වෙන්වෙන්න දෙන්නගෙ කැමැත්තක් නැති නිසා ලොකු ටාගෙට් වලට යන් නැතුව ඒ විදිහට ජීවිතේ ගෙනියන්න පුලුවන්