මාත් ඕක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඔය හැම පෝසත් කෙනා ළගම තියෙන පොදු දෙයක් තමයි උන් පෝසත් උනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදලයි. සිද්ධාලේප මුදලාලි හන්දියක් ගානේ බාම් අරවා මේවා විකුණන කොට මිනිස්සු ඒවා ගත්තේ උන්ට ඒවා ඕන නිසයි. එතන මිනිස්සුන්ගේ අවශ්‍යයතාව තමයි වේදනාවට මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න එක. සිද්ධාලේප මුදලාලි ඒකට හරියට පිළියමක් තමන්ගේ ප්‍රඩක්ට් එක හරහා දුන්නා, මිනිස්සු ඒවා ගත්තා, මිනිහා පොල්ලා තියන්නේ නැතුව ගෙනුයින් විදියට බඩු දීපූ නිසා මිනිස්සු දිගට හරහට ඒවා ගත්තා, එතනින් විශ්වාසයක් ඇති උනා, පස්සේ බිස්නස් එක නැගලා ගියාම වෙනවෙන අවශ්‍යයතා ඔස්සේ දියුණු උනා. බිල් ගේට්ස් දියුණු උනෙත් එහෙමයි, ස්ටිව් ජොබ්ස් දියුණු උනෙත් එහෙමයි. උන් එළියට දාපු හැම ප්‍රඩක්ට් එකම මිනිස්සුන්ගේ මොකක් හරි අවශ්‍යයතාවක් තෘප්තමත් කරා. එතකොට බිස්නස් එකකට තියෙන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ගේ අවශ්‍යයතා විසදීමේ හැකියාව, විශ්වාසනීය භාවය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක ලබාදීම. තව බිස්නස් එකේ නමත් වැදගත්, පෙනුමත් වැදගත්, ප්‍රසිද්ධියත් (මාර්කටින් එක හරහා). ඇපල් එක වගේ හොද ලුක් එකක් තියෙනවා නම් ගොඩක් මිනිස්සු ඒක ගන්න කැමතියි. භාණ්ඩය මිනිස්සු අතරට යවන්න හොද මාර්කටින් එකක් තියෙන්න ඕනේ. උබට හැකියාවක් තියෙන්න ඕනේ ඇයි මිනිස්සු මගේ ප්‍රඩක්ට් එක, සර්විස් එක ගන්න ඕනේ කියලා. එතකොට පෝසතෙක් වෙන්න පුලුවන් විභවය තියෙන්නේ අන්න එතනයි.
මිලියන පතියෙන් වෙනකොට මචන්, උබට සල්ලි ක්‍රම දෙකකට හොයන්න පුලුවන්. එකක් රට ඇතුලේ මිනිස්සුන්ගේ සල්ලි, අනෙක් එක රටෙන් පිට විදේශ සල්ලි. විදේශ විනිමය උබට රටට ගේන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඇත්තටම උබට කරන්න පුලුවන් දේවල් ගොඩයි විදේශ මාර්කට් එකකට යනකොට, නමුත් කම්පිටිෂන් එක වැඩියි, නමුත් මචන් මම කලින් කිව්වා වගේ. විශ්වාසනියත්වය,ගුණාත්මක භාවය, නොකඩවා සප්ලයි එක දෙන්න පුලුවන් හැකියාව, පෙනුම, බ්‍රැන්ඩ් එක, මාර්කටින් එක තියෙනවා නම් උබට ගේමක් නෑ මාර්කට් එක අල්ලගන්න.
ෆයිවර් එකේ උනත් ගොඩක් වගේ හිටියට, උන්ගේ කිසිම කොලිටි එකක් නෑ. හරි නමක් නෑ, ප්‍රිමියම් ලුක් එකක් නෑ. හැමෝම කැමතියි ලස්සන පෙට්ටියක, ලස්සන කවරයක, ලස්සන දේවල් මිළදි ගන්න. එතකොට ලස්සනට භාණ්ඩය දෙන්න පුලුවන්, ඒක හරි වැදගත් බිස්නස් එක දියුණු වෙන්න. ඩෙබ් සයිට් එහෙක උනත් මිනිස්සු කැමති ලුක් එකටයි. ඉතින් උබට හැකියාව තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ අවශ්‍යයතා අදුනගෙන එක උන්ට සාධාරණ මිළකට ඉක්මන් විදියට ගුණාත්කම විදියට දෙන්න.
ඒ කොහොම උනත් පෝසතෙක් වෙන්න අමාරුයි, මොකද ඒකට ලක් එකත් ඕන වෙනවා. පොඩ්ඩක් මුලදි මහන්සි වෙලා මිනිස්සු හොයාගන්නත් ඕන වෙනවා,(මාර්කටින් එක උපරිමයෙන් තියෙන්න ඕනේ) නමුත් කරගෙන යනකොට අමාරුවක් නෑ. හැම වෙලාවේම උබ අඩියක් උඩට නගිනකොට උබට ගොඩක් මහන්සි වෙන්න වෙනවා, නමුත් එකම අඩියේ ඉන්න එච්චරම අමාරු නෑ, ඒ වගේම උඩම අඩි වලදි උබට මුලදි වගේ මහන්සි වෙන්න ඕන නැති උනත්, ගොඩක් උපක්‍රමශීලි වෙන්න වෙනවා නැත්නම් යාහු එක වගේ විකුනන්නයි වෙන්නේ.