මමත් slt 8mb ගත්තුම කාලෙ ඔය සීන් එක කලා. april - october වෙනකන්
ගිය අවුරුද්දෙ october වල මුං ට මාට්ටු වුනා සීන් එක. එයින් පස්සෙ මම ආයෙ කාගෙවත් යූසර්නේම්ස් වලින් ලොග් වුනේ නෑ.. 25gb ඉවර වුනාම airtel cards දදා තමා නෙට් ආවෙ.
පස්සෙ මේ අවුරුද්දෙ මාර්තු වල ඔයාට වුන සීන් එකම මට වුනා. එක පාරට මුංගෙන් කෝල් එකක් ආවා. ඔයා වෙන උන්ගෙන් යූස් කරනවා කියලා කෝල් එක තිබ්බ ගමන් නෙට් ඩිස්කනෙක්ට් වුනා.. මම october වලින් පස්සෙ එක login එකක් ඇල්ලුවෙ නෑ. ඒත් මගෙ කනෙක්ශන් එක ඩිස්කනෙක් කලා..
පස්සෙ area manager ව හම්බෙන්න කිව්වා. දවස් 3 4ක් ගත්ත ඒ කාලකන්නියා හැමවෙලේම ශීට් එකේ නෑලු. මම යූස් කරපු හැටියට 30,000 වඩා ගෙවන්න වෙන සීන් එකක් තිබ්බෙ

පස්සෙ කලේ area manager ත් නෑ.. රත්මලානෙ එකට ගත්තම උනුත් දන්නෙ නෑලු.. slt net disconnect කලා. පානදුර lankabell එකට ගියා. අලුත් කනෙක්ශන් එක ගත්තා. දවස් 4න් උන් ඇවිත් කනෙක්ශන් එක දුන්නා. ලංකාබෙල් ගත්තෙ april වල. අද වෙනකන් කිසි ප්රශ්නකයක් වෙලා නෑ මුංගෙන්. connection drops, වැස්සට signal නැති ඒ සීන් මුකුත් වෙලා නෑ..
ඉතින් මං නං කියන්නෙ ඔය කාලකන්නි area manager ට අරං වෙලාව නාස්ති කරන්නෙ නැතුව. 35ක් ගෙවන්නෙත් නැතුව. අදම ගිහින් slt disconnect කරලා. lankabell or වෙන කනෙක්ශන් එකකට මාරු වෙන්න කියලා
