Small sized off-grid solar system

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,787
    10,289
    113
    Maintenance අඩු reliable system එකක් දාගන්න. නැත්තම් ලෝක ලෙඩක් වෙයි. 1.2 - 1.5M වගේ ගානක් යයි. ඒ ගාන වැඩි නම් Solar idea එක ඔලුවෙන් අයින් කරල generator එකක් බලන්න. ඔයිට අඩුවට කරල මාර කරදරයක් වෙයි maintenance සෙට් වෙද්දි. Company ලොකු ගනන් කියන්නෙ පොඩි system install කරල ඕවගේ O&M කරන්න තරම් cost එකක් තියන්න බැරි නිසා
    me price ekata labena battery eka mokakda & battery capacity kohomada ?
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    නෑ බං. මෝටරේ පොඩියි. මම හිතුවේ සෝලා එක කිලෝවොට් 2ක් විතර වුනොත් ඇති කියලා.


    1.2M වගේ යනව නම් හැබැයි ජෙනරේටරේ ලාභයි. දැනටත් වතුර අදින්නේ පරණ robin මෝටරේකින්. ඒකම තියෙද්දි ජෙනියක් තිබ්බත් ලාභ වෙයි එහෙනම්.
    ------ Post added on Jun 7, 2026 at 11:42 AM
    3kW වගේ offgrid system එකකට නම් ලක්ෂ 12ක් යන්නේ නෑති වෙයි . දැන් 5kW ongrid එකත්උනත් ලක්ෂ 10ට අඩුයි.

    ගොඩක් ඉන්වර්ටර් වල continous පවර් එක ගහලා තිබුනට තත්පර කීපෙකට peak power එක ඊට වඩා යන්න පුලුවන් (1.5 times වගේ තත්පරේකට දෙකකට යන්න පුලුවන් මෝටරේ ස්ටාට් වෙන්න ඒ වෙලාව ඇති)

    අනික මුගේ මෝටරේ පොඩි කියන්නෙ 1/2 HP වගේ නං 400W වගේ continous power එක, ඔන් කරද්දි inrush එක 3 ගුනයක් ගියත් 1400W යන්නෙ බන්, 1500-2000W ගන්න පුලුවන් inverter එකක් ඇති (ස්ටාටින් වොට් ගාන මෝටරේ අනුව වෙනස් වෙන්න පුලුවන් සාමාන්‍යෙන් 2 times ඉඳන් 3 times වගේ උපරිම යන්න පුලුවන්)

    3/4 HP නොත් continous පවර් එක 550W, starting 1650W Inverter 2000W එක ඇති

    1 HP උනොත් continous පවර් එක 745w, starting 2235w, Inverter 2500-3000W එක ඇති
    ඔව්, මාත් 1 HP වගේ පොඩි මෝටරයක් කියල හිතල 3kW inverter එකක් ඇති වෙයි කිව්වේ. DIY කර ගන්නවා නම් CARUTU වගේ හොද brand එකක් ගන්න එක හොද. නැත්නම් offgrid ගහන කම්පැනි එකකට දීල හද ගන්න වෙනවා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,210
    113
    3kW වගේ offgrid system එකකට නම් ලක්ෂ 12ක් යන්නේ නෑති වෙයි . දැන් 5kW ongrid එකත්උනත් ලක්ෂ 10ට අඩුයි.


    ඔව්, මාත් 1 HP වගේ පොඩි මෝටරයක් කියල හිතල 3kW inverter එකක් ඇති වෙයි කිව්වේ. DIY කර ගන්නවා නම් CARUTU වගේ හොද brand එකක් ගන්න එක හොද. නැත්නම් offgrid ගහන කම්පැනි එකකට දීල හද ගන්න වෙනවා.
    ලොකු දැනුමක් නැතිව DIY කරනවා නං මට හිතෙන්නෙ Offgrid-hybrid inverter එකක් යූස් කරා නං ලේසියි මොකද චාජින් කන්ට්‍රෝලර් අනං මනං වෙනම සෙට් කරන්න නැහැනේ
    සෝල සහ බැටරි ටික ඉන්වර්ටරේට සෙට් කරාම ඇතිනේ
    ගාන පොඩ්ඩක් විතර වැඩි වෙයි

    දැනුමක් තියනවා නං ඕව වෙනම සෙට් කරලා අඩුවට හදාගන්න පුලුවන්. එහෙම කරන එකේ වාසි තියනවා මොනවා හරි කැඩුනොත් හරි පිච්චුනොත් හරි ඒ කෑල්ල විතරක් රීප්ලේස් කරන්න පුලුවන්

    ගොඩක් අඩුවට කරන්න පුලුවන් වෙයි
    ගාන යන්නෙ inverter එකට නෙමෙයිනේ බැටරි වලට
    බැටරි ඕන අවශ්‍ය වෙන කැපෑසිටි එකට මිසක් peak power එක අනුව නෙමෙයි

    2KWh store කරන්න පුලුවන් බැටරියකට පැනල් දෙකක් හරි තුනක් හරි විතර දාල, Inverter එක 2000-3000w දාල 24v system එකක් හදන්න ගොඩක් පොඩි ගානකින් පුලුවන් වෙයි කියලා මම හිතන්නෙ මූට එලිවෙනකන් මෝටරේ දුවන්න ඕන නැතිව ඇතිනේ ලොකුවට වතුර ගහන ඒව දවල්ට කරගෙන රෑට ලයිට් එකක් සහ මෝටරේ ඉඳලා හිටලා දුවා ගන්න ඕක ඇති