ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...
පොල් සහෝදරයා මෙන්න මේවා දාපං මචං. මේවා පට්ට වටිනවා. වීරයා වගේ චෙක් කරලා හොද වාහනයක් ගන්න පුළුවන්. මේවා ඉතිං බුද්ධිමය දේපල තමයි ඒවුනාට අනුකම්පා දොරහං අපිටඅලුත් වාහන වලටත් මේ තියරි එක මෙහෙමම වලංගුයි. එත් අලුත් වාහන idle තියෙද්දී ප්ලග් වයර් එක පැන්නුවාම CEL (check engine light ) එක ON වෙනවා. අනුන්ගේ වාහනේකට ඔව්ව කරන්න ගිහින් CEL එක off කරන්න අයෙත් reset කරන්න උනොත් (සමහර විට ) නැති ලෙඩක් දාගත්ත වෙන නිසා Scan කරන්න පුළුවන් වාහනේකට නම් OBD (On-Board Diagnostics) එකක් කරන එක තමයි හොඳම වැඩේ.. විශේෂයෙන් ලංකාවේ වාහන ගනිද්දී කපටි නරින්ගෙන් ප්‍රවේසම් වෙන එක තමයි අමාරුම වැඩේ..
හොඳට බලන්න ස්ටාර්ට් කරපු ගමන් CEL (check engine light ) එක නිවෙන්නේ engine oil , සහ charging light වලින් පසුවද කියල. CEL එක off විය යුත්තේ engine oil , සහ charging light වලින් පසුවයි. මේ දෙකටම සමගාමීව හෝ දෙකෙන් එකක් සමග CEL එක off වෙනවනම් ගැනුම්කරු අන්දවන්න ගේමක් අටවා ඇත.. ඒ කියන්නේ CEL එක පත්තුවෙන එකට අදාලව ලෙඩේ හදාගන්න බැරි නිසා CEL එකට එන current line එක disconnect කරලා OIL හෝ Charging වගේ ස්ටාර්ට් කරාම නිවිලා යන ලයින් එකකින් power දීල. මේ වගේ වාහනයක් මම ගිය වතාවේ ලංකාවට ගිය වෙලාවේ දැක්ක...
ලංකාවේ මිනිස්සුන්ට මෙලෝ safty එකක් quality එකක් නැති ඉන්දියන් චීන මැලේසියන් අටමගල් පදිද්දී මොකුත් ප්‍රශ්නයක් නෑ එත් දොර 5 වෑන් එකක් දැක්කම කසන්න ගන්නවා![]()








