කවි ලියන්න මහ අමාරුවකුත් නැතඒළ කිරි කවි දැකලා මගෙ සිත නලියනවා
පාසල් වියේ කවි ලිව් සැටි සිහිවෙනවා
අමාරුවෙන් පද සතරක් ගලපනවා
කවියෙන් කවිය 2 ක වෙත මා සෙට් වෙනවා



ඒළ කිරි කවි දැකලා මගෙ සිත නලියනවා
පාසල් වියේ කවි ලිව් සැටි සිහිවෙනවා
අමාරුවෙන් පද සතරක් ගලපනවා
කවියෙන් කවිය 2 ක වෙත මා සෙට් වෙනවා







මටත් සිතෙනවා ඔබ නිවැරදි කියලා
අය්යියාගේ අත්දැකීම මෙය වෙන්නැති කියලා
අපි පොඩි ළමයි ලිව්වට කවි පද ගොතලා
සිත තුල රැඳේන්නේ නෑ මට නම් ඒ හින්දා

සොර මිනිහෙකුගේ රස සෙවූ බව කිව්වම...
අභිසරුලියක යැයි නම් පට බැන්දාම....
දුක සිතුනා මට ඇය ගැන හොඳටෝම...
හොඳයයි සිතුන ඇය පෙම්වතියක් කෙරුවාම....![]()
![]()
![]()



ලියනව නම් සැවොම කවි පද ගලපාලාමේ දැන් තමා ආවෙ රැකියා කරවාලා
අද තමා දුටුවේ කවි ත්රෙඩ් එක දළුදාලා
යන්නට හිතෙන් නෑ නොලියා පිටුපාලා
ලිවුවා ඔන්න පද හතරක් ගලපාලා



එක පින්තූරෙ විවධ ලෙසින් දකින්නට
මට ඇති හැකියාව පෙන්නුව ඉතින් මම
එනාමුත් මා ලියු ඒ පැදි දැක්කාම
තේරෙනවා නේද එය තාත්වික නොවන බව
කවියක් තාත්වික
වේ අත්දැකිම් මත
එනිසාවෙන් සබඳ
එය ඔබේ අත්දැකීමකි සොඳ![]()




ඉස්සර නං ඉතින් එළකිරි එකේ හරිම ජනප්රිය අංගයක් තමයි කවි ත්රෙඩ් කියන්නෙ....ගොඩාක් කට්ටිය එකට එකතු උනා කවි කියන්න....නමුත් දැන් නං කාලෙකින් හොද කවි ත්රෙඩ් එකක් දැක්කෙත් නැති නිසා මං හිතුව කවි ත්රෙඩ් එකක් දාන්න....කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්....තමන්ගෙ හිතට එන ඕන අදහසක් ලස්සනට පද හතරකට ගොතල පෝස්ට් කරන්න....ඒ වගේම මුලින් කවි ත්රෙඩ් එකේ හිමිකාරිණිය වන ඩොලී සහෝදරීවත් මං මේ මොහොතෙ ගොඩාක් ආදරෙන් මතක් කරනව....එහෙනං වැඩේ පටන් ගමු නේද.....
![]()
කව්ද මේකට උත්තරයක් ලියන්නෙ......![]()


මෝසම් සුළං දැන් ටික ටික හමන්නේ ...
එලියට එන්නවත් දැන්නම් හිත නොදෙන්නේ ...
බයිසිකලේ තෙමි තෙමි මං පදින්නේ ...
office එකට එන්නනෙ මේ තෙමෙන්නේ ...
මල්ලියෙ වැස්සෙ උබ වැඩිපුර තෙම්නු එපා
හයියෙන් පැදලා උබ ලිස්සා වැටෙනු එපා
හෙට නම් උදේ උබ සයිකල් පදිනු එපා
කුඩයක් ගන්න අද අමතක කරනු එපා
මල්ලියෙ මෙමා යන බව පැවසුවේ නැතිදආවත් රෑ වෙලා කවියක් ලියන්නට
කවුරුත් නෑ වගෙයිනේ මෙහි පෙනෙන්නට
Chathupatiyaත් හවස ලිස්සා ගියාට
ආපහු එන්නෙ නැතිවෙයි කවි ලියන්නට
ශනිදා නිසා මට කොහොමත් හෙට නිවාඩුය...
වැස්සත් නොවස්සත් හෙට මට පලක් නැත...
වැටිලා ඇඳේ උඩුකුරු වී නිදා ගෙන...
දවසම ගෙවමි full ආතල් එකක් ගෙන...
ඔබේ කුළුණු උපදෙස හට ස්තුති වේවා...
ළඟදිත් මෙමා පිම්මේ ගොස් ඌව උනා...
පාර තෙමිල ලෙස්සනවා වැඩිත් වෙලා...
හෙමි හෙමීට බයිසිකලේම මං යනවා..
අයියෝ දුකයි මල්ලියේ අපි හෙටත් වැඩ
හැමදා වෙහෙසෙනවා රැකුමට වියත බඩ
කිසි කහටක් නැහැ හිතේ කරනවා රටට වැඩ
රජකම් වලට වැඩි ලොකු වෙයි කරන වැඩ
කලෝතින් නම් රාජකාරිය
දෙවෙනි කරලා දේවකාරිය
ලැබේවි අත මිටට යහමට
ගෙවන්නට දිවි නියම පදමට ....