.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • නායක තුමා දැම්මට උඹ මට සද්දේ
    අම්බානක් වැඩ බන් මට හෙන යුද්දේ
    කවියක් දෙකක් දානවා මම ඒ මැද්දේ
    අන්තිම කවිය ලිව්වේ ගිය අවු රුද්දේ

    පුලුවන් වෙලාවක වරෙන්කො මේ පැත්තේ
    කවියක් දෙකක් දමමින් සිත සනහන්නේ
    වැඩට පාඩුවක් නොවෙනා අයුරින්නේ
    කාන්සියක් දැනුන විටදි ගොඩවෙන්නේ:yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හවස ඉඳන් අදනම් හොඳටම වැස්සා
    හිරවී ගෙදර සිහි කර දුම මම කැස්සා
    පායපු අස්සෙ යන්නට එලියට බැස්සා
    අම්මා ඇවිත් යන්නට බැහැ දැන් ලෙස්සා ;-(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දොම්නස වැස්ස කලුවර මට මුව පෙන්නා
    තරුවක් වගේ ඈතින් ඉඳ හිනහෙන්නා
    පදවැල් අතර නතරව සිත සැනසෙන්නා
    හමනා සුලඟ මෙන් හිමිහිට වැලපෙන්නා




    අමුනමි පේලි හතරක් ලියමින් පිලිතුරූ
    ලියමිනි නිදිමතක් මා හිසට එන තුරු
    පෙර එක් දිනක් මෙන් දකිනට පද අමයුරු
    ගලපන් මලේ කවියක් එක් කර අකුරු
    නොවන නමුත් මම නම් මහ කවි කරුවෙක්
    ඇත මගේ හිතේ කවි‍යට ලොකු ආශාවක්
    නොමැති බැවින් මට නම් තවම නිදි මතක්
    ඔබහට ලි‍යමි මේ ලෙස පිලිතුරු කවි‍යක්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මොරටුවෙ ඩ‍යල් දෙකක් ‍යලි ඇත සෙට් වීලා
    ඇති ලෙස පෙනේ මේ නූලම හැඩ කරලා
    මිතුරන් දෙදෙන දැන් ආපහු එකතුවෙලා
    ලි‍යමු බලන්නට කවි පද රස කරලා

    පැන්තා, සැසිය, ශ්‍රී තව එළකිරි කොල්ලෝ
    අපි හිටියා වාගේ අය්යා මල්ලෝ
    කවිකියන්න ආවා එළකිරි කෙල්ලෝ
    ඉන්නයි තිබුනේ ඒ කාලේ ඔය ගොල්ලෝ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයාල වගෙ තව අය ආවොතින් මෙහි
    මුලු එලකිරියම වේ කවි මඩුවක් මිහිරි
    නමුත් බලන් අයියේ කරුමයෙක් මෙනි
    කවි ලියන්නෙ ඇත්තෙ හරි ස්වප්ලයකී
    මම ඔ‍යාට කලිනුත් කිව්වාම වගේ
    ඒ ගන කතා කරල වැඩක් නැතේ නගේ
    කවි ලි‍යන්න ආවොත් හැමදාම වගේ
    ඉහලින් ති‍යෙනවා ම‍යි මේ නූල නගේ
     

    thanujaka

    Well-known member
  • හවස ඉඳන් අදනම් හොඳටම වැස්සා
    හිරවී ගෙදර සිහි කර දුම මම කැස්සා
    පායපු අස්සෙ යන්නට එලියට බැස්සා
    අම්මා ඇවිත් යන්නට බැහැ දැන් ලෙස්සා ;-(

    මේ මහ රෑ උඹ කොහෙ යන්නද බස්සා :rofl:
    ගෙදර ඉදින් යහමින් කවිපද ගස්සා
    නින්ද ඒවි තව ටිකකින් ඉනු ඉවසා
    එතකන් මෙහි ඉදින් මේ කවිමඩු සරසා;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැන්තා, සැසිය, ශ්‍රී තව එළකිරි කොල්ලෝ
    අපි හිටියා වාගේ අය්යා මල්ලෝ
    කවිකියන්න ආවා එළකිරි කෙල්ලෝ
    ඉන්නයි තිබුනේ ඒ කාලේ ඔය ගොල්ලෝ
    ඒ කාලෙත් එලකිරි‍යේ හිටි‍යාට
    කවි ලි‍යන්න තේරුනේම නෑ මෙමට
    පසුව කවි ලි‍යන්න ඉගෙන ගත්තාට
    කවි නූලක් තිබුනෙ නෑනෙ මේ ලෙසට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ඔයාල වගෙ තව අය ආවොතින් මෙහි
    මුලු එලකිරියම වේ කවි මඩුවක් මිහිරි
    නමුත් බලන් අයියේ කරුමයෙක් මෙනි
    කවි ලියන්නෙ ඇත්තෙ හරි ස්වප්ලයකී

    මොනවද හලෝ ඔහෙලා ඔය කියවන්නේ
    පිළිතුරු නොදී කවියට ඇයි දිවයන්නේ
    කවියන් නැහැයි කියලා ඇයි නියවන්නේ
    මොකටද නගෝ කරුමයකට බියවන්නේ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නොවන නමුත් මම නම් මහ කවි කරුවෙක්
    ඇත මගේ හිතේ කවි‍යට ලොකු ආශාවක්
    නොමැති බැවින් මට නම් තවම නිදි මතක්
    ඔබහට ලි‍යමි මේ ලෙස පිලිතුරු කවි‍යක්

    සීමා නොකර සිතුවිලි පද හතරකට
    සොයලා මුලක් සිතුවිලි හද පතුලට
    ලියලා ගත්තොතින් එක කවි පොකුරකට
    සුලඟකි, සඳ එලියකි එය හදවතට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ මහ රෑ උඹ කොහෙ යන්නද බස්සා :rofl:
    ගෙදර ඉදින් යහමින් කවිපද ගස්සා
    නින්ද ඒවි තව ටිකකින් ඉනු ඉවසා
    එතකන් මෙහි ඉදින් මේ කවිමඩු සරසා;)

    ගෙදරම ඉඳල දැන්නම් මට පිස්සු වගේ
    වසක් විසක් තිබුනොත් නම් හොඳට අගේ
    නැති වී දුමක් මගෙ හදවත හඳන රඟේ
    උම්බලටනම් තෙරෙන්නේ නැතුව වගේ :(:rofl:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මම ඔ‍යාට කලිනුත් කිව්වාම වගේ
    ඒ ගන කතා කරල වැඩක් නැතේ නගේ
    කවි ලි‍යන්න ආවොත් හැමදාම වගේ
    ඉහලින් ති‍යෙනවා ම‍යි මේ නූල නගේ

    හැකි හැම විටම මම ඉන්නව කවි නුලේ
    එළකිරි එන්නෙ ලියන්න මයි කවි තාලේ
    පුලුවං විගස එනවා එළකිරි ආයේ
    බඩුත් බැදන් පදිංචියට කවි නූලේ:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීමා නොකර සිතුවිලි පද හතරකට
    සොයලා මුලක් සිතුවිලි හද පතුලට
    ලියලා ගත්තොතින් එක කවි පොකුරකට
    සුලඟකි, සඳ එලියකි එය හදවතට
    පද හතරකුත් ගලපන්නේ අමාරුවෙන්
    පොකුරක් ලි‍යන්නට නම් ‍ය‍යි දවස් ගණන්
    එබැවින් ලි‍යමි එක් කවි‍යක් හැකි විලසින්
    ඒ ගැන මා සමග ඔබ අමනාප නොවන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදරම ඉඳල දැන්නම් මට පිස්සු වගේ
    වසක් විසක් තිබුනොත් නම් හොඳට අගේ
    නැති වී දුමක් මගෙ හදවත හඳන රඟේ
    උම්බලටනම් තෙරෙන්නේ නැතුව වගේ :(:rofl:
    වැස්ස හින්ද සීතල ඇඟ රත් වෙන්න
    සැර ජාති‍යක් ඕනේ දැ‍යි පවසන්න
    ඕනෙම නම් එකක් තිබේ සෙට් වෙන්න
    ගහමු ශොට් එකක් සෙට් වී රත් වෙන්න
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මොනවද හලෝ ඔහෙලා ඔය කියවන්නේ
    පිළිතුරු නොදී කවියට ඇයි දිවයන්නේ
    කවියන් නැහැයි කියලා ඇයි නියවන්නේ
    මොකටද නගෝ කරුමයකට බියවන්නේ
    අයියා ප්‍රශ්නයක් ඇහුවද නැහැ දැක්කේ:shocked:
    සමාවෙන්න වැරදීමක් වී ඇත්තේ:sorry:
    කවියන් නැති අඩුව දැන් බොදවි ඇත්තේ
    කරුමය නිමයි අයියල ඇත මේ පැත්තේ
    ;)
     

    thanujaka

    Well-known member
  • ගෙදරම ඉඳල දැන්නම් මට පිස්සු වගේ
    වසක් විසක් තිබුනොත් නම් හොඳට අගේ
    නැති වී දුමක් මගෙ හදවත හඳන රඟේ
    උම්බලටනම් තෙරෙන්නේ නැතුව වගේ :(:rofl:

    හරිහරි දැනුයි මට ප්‍රශ්නය තේරෙන්න:P
    විටමින් නැති නිසාලු නේද ලත වෙන්නේ
    අම්මා ඉදීනං සොරි ඩොට් කොම් වෙන්න
    හදුන්කූරු අදට නැතේ දොයියන්නේ:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැකි හැම විටම මම ඉන්නව කවි නුලේ
    එළකිරි එන්නෙ ලියන්න මයි කවි තාලේ
    පුලුවං විගස එනවා එළකිරි ආයේ
    බඩුත් බැදන් පදිංචියට කවි නූලේ:rofl:
    හැමදාමත් මම නම් මේකට එනවා
    හකි හැම විටදි කවිපද වැල් ගලපනවා
    එනමුත් කලකදී ත්‍රෙඩ් එක ‍යට ‍යනවා
    ඒ කාල‍යට ‍යටට ‍යන්න ඉඩ දෙනවා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    පද හතරකුත් ගලපන්නේ අමාරුවෙන්
    පොකුරක් ලි‍යන්නට නම් ‍ය‍යි දවස් ගණන්
    එබැවින් ලි‍යමි එක් කවි‍යක් හැකි විලසින්
    ඒ ගැන මා සමග ඔබ අමනාප නොවන්

    ලියපන් බන් පද හතරක් අධි වේගෙන්
    රීති එපා වැඩක්ම නැහැ බන් මූගෙන්
    වචනයි මචන් වැදගත් වැඩ ගනු ඌගෙන්
    එහෙමයි බන් ගොඩ යන්නේ මේ දීගෙන්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පද හතරකුත් ගලපන්නේ අමාරුවෙන්
    පොකුරක් ලි‍යන්නට නම් ‍ය‍යි දවස් ගණන්
    එබැවින් ලි‍යමි එක් කවි‍යක් හැකි විලසින්
    ඒ ගැන මා සමග ඔබ අමනාප නොවන්

    හැකිවෙයි මචන් තො උත්සහ කලොතින්
    නවතිනු ඇයිද අතැර පද හතරකින්
    හිරවේ මටත් බැරි වෙයි දැන් එක වරකින්
    මාද කවි ලිව්වෙ අද මේ වසරකින් :lol: (1 and half years really)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලියපන් බන් පද හතරක් අධි වේගෙන්
    රීති එපා වැඩක්ම නැහැ බන් මූගෙන්
    වචනයි මචන් වැදගත් වැඩ ගනු ඌගෙන්
    එහෙමයි බන් ගොඩ යන්නේ මේ දීගෙන්
    එහෙම තම‍යි මෙච්චර කල් මම ලිව්වෙත්
    නීති රීති කිසිවක් මම නැහැ දන්නෙත්
    ගලපා ගනිමි වචන් ටිකක් හැකි විලසින්
    ලි‍යනෙමි කවි‍ය හදලා මම ඒ ලෙසකින්
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    හරිහරි දැනුයි මට ප්‍රශ්නය තේරෙන්න:P
    විටමින් නැති නිසාලු නේද ලත වෙන්නේ
    අම්මා ඉදීනං සොරි ඩොට් කොම් වෙන්න
    හදුන්කූරු අදට නැතේ දොයියන්නේ:sorry:
    මට තේරුනේ නෑ මොකද්ද ඒ කිව්වේ:oo:
    ඒ අයියාට මොකක්ද ඇති අසනීපේ
    එතෙන්ට කොහොමදෝ හදුන් කූර යාවුනේ:baffled:
    කෙසේ වෙතත් මා ඉක්මන් සුවය පතන්නේ:)