.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවත් වෙලා මොනවා නම් කරන්නද
    කොච්චර කල් මේ වගෙ දුක් විඳින්නද
    උගුරෙන් උගුර බී මුහුදක් සිඳින්නද
    පැනලා මුහුදෙ සුලු මිහිරක් විඳින්නද
    ගහනව නම් බෝතල‍යක් ති‍යේ අදත්
    බොන්න හිතෙන්නේ නම් මට නෑනෙ ලොවෙත්
    කොච්චර වැහැල සීතල මට දැනුන නමුත්
    තවමත් බෝතලේ තිබෙනව මකුලු දැලුත්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හම්බ උන විටදි සෙරම ටිල ගහල දමාලා
    දැන් ඉදපන් ඉතින් මූණ හතරැස් කරලා
    මුගෙ පෙරේත කමටම මු සැලඩ් හදාලා
    කාලද මන්ද පෙට්ටි පිටින් බණ්ඩක්කා:rofl::rofl:

    තාත්තාගෙ කැස්සට ගිය සතියෙ ගෙනා
    D එක මට පුන් සඳ වගෙ දිස් උනා
    'ගහපන් ඔක' හදවත මගේ වැලපුනා
    බලපන් ඉතින් මාගෙ අමන කල්පනා :rofl::rofl:

    හෙට ඉරිදා ‍යකෝ ඕව කරන්නෙපා
    කරපන් හොඳ වැඩක් නිකමට ඉඳින්නෙපා
    උදේම වල බැහැල දවසම කන්න එපා
    මම නම් කි‍යන්නේ හෙට නම් ලොවෙත් එපා

    ඉරිදා මචන් කොහොමත් චා day එක
    සිහිවි සඳුද කොහොමත් වගතුවක් නැත
    එකතු කරල එකතු කරල එකිනෙක
    ඔතමි මචන් joint එකක් පතම පත :rofl::rofl:

    let me know if these are not appropriate enough for the thread. :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි හරි දැනුයි මට තේරුනෙ කතන්දරේ
    මොකද්ද මේ ට්විස් අයියට හැදුන ලෙඩේ
    මාත් බලං ගියාම ටියුබ් ලයිට් අනේ
    දුම්වැටියක් නැතුවද මේ බඩේ ලෙඩේ:lol:
    ඔ‍ය තේරුනේ අපූරුවට උගේ ලෙඩේ
    බඩේ නෙවෙ‍යි හිතෙ‍යි ඇත්තෙ උගේ ලෙඩේ
    විටමින් කූර නැති වූවිට උන්ට ලෙඩේ
    ලැබුන ගමන් හොඳ වෙනවා උගේ ලෙඩේ
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    තවමත් නැද්ද ඒ ගැන වැටහුමක් ලබා
    උත්සහ කරල බලමුද හිස ගඟේ ඔබා
    කීකරු කම ඔබේ අද ඇපයකට තබා
    ඇන්දුවා වගෙයි අප සැම ඔයා බබා
    අයියගෙ කවියෙනුයි තේරුනෙ කතන්දරේ
    මොකද්ද ට්විස් අයියා හට හැදුනු ලෙඩේ
    විටමින් කතා කිව්ව නිසයි මාව පැටලවුනේ
    දැන් මම දනී ඔය විටමින් කතන්දරේ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාත්තාගෙ කැස්සට ගිය සතියෙ ගෙනා
    D එක මට පුන් සඳ වගෙ දිස් උනා
    'ගහපන් ඔක' හදවත මගේ වැලපුනා
    බලපන් ඉතින් මාගෙ අමන කල්පනා :rofl::rofl:



    ඉරිදා මචන් කොහොමත් චා day එක
    සිහිවි සඳුද කොහොමත් වගතුවක් නැත
    එකතු කරල එකතු කරල එකිනෙක
    ඔතමි මචන් joint එකක් පතම පත :rofl::rofl:

    let me know if these are not appropriate enough for the thread. :lol:
    ඕවා කි‍යන හොඳ නැතිදැ‍යි ඇසුවත්
    මම නම් හිතන්නේ අවුලක් නෑ කොහොමත්
    සමහරු ඕක නොකි‍යා හොඳ ලෙස හිටි‍යත්
    හොරෙන් කරන්නේ ඔ‍ය ටික තම‍යි උනුත්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හරි හරි දැනුයි මට තේරුනෙ කතන්දරේ
    මොකද්ද මේ ට්විස් අයියට හැදුන ලෙඩේ
    මාත් බලං ගියාම ටියුබ් ලයිට් අනේ
    දුම්වැටියක් නැතුවද මේ බඩේ ලෙඩේ:lol:

    අහන්නෙපා මෙ මුන්ගෙ බොරු නන්ගී
    කටේ තියා නැත ඔවා වත් හැන්ගී
    අසන ගමන් මයි මම ඉන්නේ බුදු ගී
    හඳුන් කූරු දුම මා බොදු සිතේ ලගී
    :lol:
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ඉරිදා මචන් කොහොමත් චා day එක
    සිහිවි සඳුද කොහොමත් වගතුවක් නැත
    එකතු කරල එකතු කරල එකිනෙක
    ඔතමි මචන් joint එකක් පතම පත :rofl::rofl:

    let me know if these are not appropriate enough for the thread. :lol:

    පොල්තෙල් ඕනේ බෝතල් දල්වනු පහන
    ගල් ගැන කිව්ව නං ඒ බල්ලට ගහන
    කොරෙක්ස් නියම බෙහෙතකි කැස්සට අහන
    අපි නං නැහැ කියා කිසවක් කට කහන
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගහනව නම් බෝතල‍යක් ති‍යේ අදත්
    බොන්න හිතෙන්නේ නම් මට නෑනෙ ලොවෙත්
    කොච්චර වැහැල සීතල මට දැනුන නමුත්
    තවමත් බෝතලේ තිබෙනව මකුලු දැලුත්

    මොකද්ද කොල්ලො උම්බ ගාව තියන බොතලේ
    මොකක් උනත් ගහපන් ඉන්නැතුව සීතලේ
    දැම්මොත් තමයි මේ කාලෙට ආතලෙ
    සිහිවෙනවා රස ගුණ මට නිතර ගලේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහන්නෙපා මෙ මුන්ගෙ බොරු නන්ගී
    කටේ තියා නැත ඔවා වත් හැන්ගී
    අසන ගමන් මයි මම ඉන්නේ බුදු ගී
    හඳුන් කූරු දුම මා බොදු සිතේ ලගී
    :lol:
    පල‍යන් ‍යකෝ නිකම් මෙතන බොරු නොකි‍යා
    උඹ හොඳ එකා බෝඩ් එකක් ගනින් ලි‍යා
    හඳුන් කූර හෙන මොත්ත‍යක් කි‍යා
    අන්දනු නොහැක ඇ‍යව ‍යලිත් ඕක කි‍යා
    :lol::lol::lol:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    අහන්නෙපා මෙ මුන්ගෙ බොරු නන්ගී
    කටේ තියා නැත ඔවා වත් හැන්ගී
    අසන ගමන් මයි මම ඉන්නේ බුදු ගී
    හඳුන් කූරු දුම මා බොදු සිතේ ලගී
    :lol:
    හපොයි හපොයි මට තෙරුනා ඒ හරිය
    කටේ නැතත් තොලේ තියනවා නේද
    හදුන්කූර ගසන්නැතුව කොහෙවත්ම
    ඇගිලි දෙකක් මැද්දෙ තමයි පූජාව
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද කොල්ලො උම්බ ගාව තියන බොතලේ
    මොකක් උනත් ගහපන් ඉන්නැතුව සීතලේ
    දැම්මොත් තමයි මේ කාලෙට ආතලෙ
    සිහිවෙනවා රස ගුණ මට නිතර ගලේ
    ඩ‍යමන්ඩ් එකක් කාමර‍යේ වේලෙනවා
    වග කි‍යන්න බෑම‍යි සිත පවසනවා
    වැස්සත් ඒක තව ‍යහතින් පවතිනවා
    රත් වෙන්නට හිතුනොත් නම් වැඩ දෙනවා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    අහන්නෙපා මෙ මුන්ගෙ බොරු නන්ගී
    කටේ තියා නැත ඔවා වත් හැන්ගී
    අසන ගමන් මයි මම ඉන්නේ බුදු ගී
    හඳුන් කූරු දුම මා බොදු සිතේ ලගී
    :lol:

    විහිළුවටවත් කරලා නැහැ රස බලලා
    ගෙදර තිබුන බෝතල් ඔක්කොම හලලා
    තාත්ත දවසක් මෙයාගේ කන පලලා
    මෙයා තමයි ගෙදර ඉන්න හොර බලලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හපොයි හපොයි මට තෙරුනා ඒ හරිය
    කටේ නැතත් තොලේ තියනවා නේද
    හදුන්කූර ගසන්නැතුව කොහෙවත්ම
    ඇගිලි දෙකක් මැද්දෙ තමයි පූජාව
    :lol:
    කාල වරෙන්කෝ ඔ‍ය නෑවේ හොඳට
    අහිංසක‍ය ගම කාගත්තා ‍යසට
    දැන් මොනවා කරම් රජෝ ඔ‍ය දේට
    වෙන බොරුවක් කි‍යපන් ඔ‍ය නංගීට
    :lol::lol::lol:
     

    thanujaka

    Well-known member
  • ඩ‍යමන්ඩ් එකක් කාමර‍යේ වේලෙනවා
    වග කි‍යන්න බෑම‍යි සිත පවසනවා
    වැස්සත් ඒක තව ‍යහතින් පවතිනවා
    රත් වෙන්නට හිතුනොත් නම් වැඩ දෙනවා
    යුද්ධෙට නැති කඩුව බොල කොස් කොටන්නද
    මේ වෙලාවෙ නැති බෝතල් යලි මොටද
    සද්ද නැතුව කඩාගනින් බොතලය
    ගහල ඔහොම්මම වැටියන් බං ඇදට:rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඕවා කි‍යන හොඳ නැතිදැ‍යි ඇසුවත්
    මම නම් හිතන්නේ අවුලක් නෑ කොහොමත්
    සමහරු ඕක නොකි‍යා හොඳ ලෙස හිටි‍යත්
    හොරෙන් කරන්නේ ඔ‍ය ටික තම‍යි උනුත්

    හොරෙන් කරන දේවල පතුලෙහි ගැබ්වු
    රසයක් තිබේ මිහිරකි එය තහනම්වු
    කෙටියෙන් කියමි අදහස් පෙල මා සිත්වු
    කවියෙකි මමත් සිතක් සමග වල්මත්වු

    පොල්තෙල් ඕනේ බෝතල් දල්වනු පහන
    ගල් ගැන කිව්ව නං ඒ බල්ලට ගහන
    කොරෙක්ස් නියම බෙහෙතකි කැස්සට අහන
    අපි නං නැහැ කියා කිසවක් කට කහන

    සමහරු බනිති මොකද්ද ඔය නාස්තිය
    කෙල ගන්නද සැමදා මේ ලෑස්තිය
    ascodexx,corex දාල පැයක් හිඳ
    joint එකත් ඇද්දම හොඳ සූස්තිය :rofl:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    කාල වරෙන්කෝ ඔ‍ය නෑවේ හොඳට
    අහිංසක‍ය ගම කාගත්තා ‍යසට
    දැන් මොනවා කරම් රජෝ ඔ‍ය දේට
    වෙන බොරුවක් කි‍යපන් ඔ‍ය නංගීට:lol::lol::lol:
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යුද්ධෙට නැති කඩුව බොල කොස් කොටන්නද
    මේ වෙලාවෙ නැති බෝතල් යලි මොටද
    සද්ද නැතුව කඩාගනින් බොතලය
    ගහල ඔහොම්මම වැටියන් බං ඇදට:rofl:
    කම්මැලි හිතෙනවා බන් එ‍ය ගහන්නට
    ‍යාලුවො වුනත් උනන්දුවක් නෑ එ‍යට
    එබැවින් ෆන් එකක් සෙට් වුන දවසකට
    ගහලා දානවා එ‍ය නම් ශොට් දෙකට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
    ‍යන්තම් නිදිමතක් එ‍යි දැන් නම් සෙට් වීලා
    මම ‍යනවා හෙට උදෙන්ම එනු හිතලා
    ඔබ සැම දෙනට සුභ රාත්‍රි‍යක් පතලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    හපොයි හපොයි මට තෙරුනා ඒ හරිය
    කටේ නැතත් තොලේ තියනවා නේද
    හදුන්කූර ගසන්නැතුව කොහෙවත්ම
    ඇගිලි දෙකක් මැද්දෙ තමයි පූජාව
    :lol:

    ඔය පුජාවේ තියනවාලු හෙන බලයක්
    හඳුන් කූරු කිව්වට තරමක නලයක්
    ගෙදර තියන් හදනව අරගෙන කොලයක්
    මල් ගැන කියන්නට තව ඕනෙද මොලයක්