.::KAVIYEN KAVIYA 2::.

thanujaka

Well-known member
  • කම්මැලි හිතෙනවා බන් එ‍ය ගහන්නට
    ‍යාලුවො වුනත් උනන්දුවක් නෑ එ‍යට
    එබැවින් ෆන් එකක් සෙට් වුන දවසකට
    ගහලා දානවා එ‍ය නම් ශොට් දෙකට
    රෙඩ් ලේබල් ගල් ඩයමන්ඩ් සැම ජාති
    රෑ වෙනකොට ෆෘට් නෙක්ටා වගේ වෙතී
    එව උනත් හැමදාකම සෙට් නොවෙතී
    යාලුවො සෙට් උනහම බෝතලෙ කඩන් සකී
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පල‍යන් ‍යකෝ නිකම් මෙතන බොරු නොකි‍යා
    උඹ හොඳ එකා බෝඩ් එකක් ගනින් ලි‍යා
    හඳුන් කූර හෙන මොත්ත‍යක් කි‍යා
    අන්දනු නොහැක ඇ‍යව ‍යලිත් ඕක කි‍යා
    :lol::lol::lol:

    හපොයි හපොයි මට තෙරුනා ඒ හරිය
    කටේ නැතත් තොලේ තියනවා නේද
    හදුන්කූර ගසන්නැතුව කොහෙවත්ම
    ඇගිලි දෙකක් මැද්දෙ තමයි පූජාව
    :lol:

    තනි නොවන්න කිසිදා මට ඉඩ අතුරා
    සිටියා නිබඳ gold leaf එක මා මිතුරා
    ඔනි නැතත් කිසිදා මට මත් වතුරා
    ඉන්නෙමි රජෙක් මෙන් මම අදා දුම් පතුරා :):):)

    ඩ‍යමන්ඩ් එකක් කාමර‍යේ වේලෙනවා
    වග කි‍යන්න බෑම‍යි සිත පවසනවා
    වැස්සත් ඒක තව ‍යහතින් පවතිනවා
    රත් වෙන්නට හිතුනොත් නම් වැඩ දෙනවා

    වැස්ස නැතත් ඩිඅමොන්ඩ් නම් හරිම අගේ
    පරන වෙන්නෙ නෙහැනෙ ඔක wine වගේ
    හිමින් සැරේ පාවෙනවා වාගෙ ගඟේ
    වදුනොතින් ඔක ඔලුවට අද තොගේ

    විහිළුවටවත් කරලා නැහැ රස බලලා
    ගෙදර තිබුන බෝතල් ඔක්කොම හලලා
    තාත්ත දවසක් මෙයාගේ කන පලලා
    මෙයා තමයි ගෙදර ඉන්න හොර බලලා

    බූල් බූල් බලළා හොඳ සුරතලෙකී
    මීයන් ඇල්ලීම බලළාගෙ සිරිතකී
    ගෙදර සිටින මීයන් මූ හොඳට දකී
    බලළා වටේ කැරකීම මීයන්ගෙ වරදකී :rofl:
     

    thanujaka

    Well-known member
  • දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
    ‍යන්තම් නිදිමතක් එ‍යි දැන් නම් සෙට් වීලා
    මම ‍යනවා හෙට උදෙන්ම එනු හිතලා
    ඔබ සැම දෙනට සුභ රාත්‍රි‍යක් පතලා

    ගුඩ් නයිට් කිව්ව එහෙනං බං උඹට අපි
    හෙටත් වරෙන් යලි ලියන්න කවි සෙට් වී
    අද දවසත් ගෙවුනා කවියෙන්ම මෙහි
    කලකට පස්සෙ හොද ෆන් එක අද ලැබුනී
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
    ‍යන්තම් නිදිමතක් එ‍යි දැන් නම් සෙට් වීලා
    මම ‍යනවා හෙට උදෙන්ම එනු හිතලා
    ඔබ සැම දෙනට සුභ රාත්‍රි‍යක් පතලා

    දවල් වරුවේ ඇලට් එකක් දමනු කියා
    ඇඳට පැන්න ගමන් හොඳට නින්ද ගියා
    එකොලහයි තිහයි කියලා දැන් දැකපු නියා
    නින්දට යමි මේ පදයත් ලියා තියා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
    ‍යන්තම් නිදිමතක් එ‍යි දැන් නම් සෙට් වීලා
    මම ‍යනවා හෙට උදෙන්ම එනු හිතලා
    ඔබ සැම දෙනට සුභ රාත්‍රි‍යක් පතලා

    close karala okkoma tika website
    off karala room eke thiyana light
    nidaganin ehenam den good night :)

    ඔය පුජාවේ තියනවාලු හෙන බලයක්
    හඳුන් කූරු කිව්වට තරමක නලයක්
    ගෙදර තියන් හදනව අරගෙන කොලයක්
    මල් ගැන කියන්නට තව ඕනෙද මොලයක්

    :rofl::rofl:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
    ‍යන්තම් නිදිමතක් එ‍යි දැන් නම් සෙට් වීලා
    මම ‍යනවා හෙට උදෙන්ම එනු හිතලා
    ඔබ සැම දෙනට සුභ රාත්‍රි‍යක් පතලා
    එයනං හැබැයි දැන් හොදටම රෑ වීලා
    මමත් යන්න යමි නූලෙන් දැන් හැලිලා
    හෙටත් කොහොම හරි මම එන එක එනවා
    හෙට එන තුරාවට අද දින සමු දෙනවා


    තනූ අයිය..රෙක්ස් අයිය...ට්විස් අයිය..චා එස් එල් අයිය...පින්ක් පැන්තර් අයිය...ඔයාල හැමෝටම ගුඩ් නයිට්...එලකිරි එක හරිම ජොලි...තැන්ක් යූ ඔයාල හමෝටම...බුදු සරණයි..:)
     

    thanujaka

    Well-known member
  • එයනං හැබැයි දැන් හොදටම රෑ වීලා
    මමත් යන්න යමි නූලෙන් දැන් හැලිලා
    හෙටත් කොහොම හරි මම එන එක එනවා
    හෙට එන තුරාවට අද දින සමු දෙනවා


    තනූ අයිය..රෙක්ස් අයිය...ට්විස් අයිය..චා එස් එල් අයිය...පින්ක් පැන්තර් අයිය...ඔයාල හැමෝටම ගුඩ් නයිට්...එලකිරි එක හරිම ජොලි...තැන්ක් යූ ඔයාල හමෝටම...බුදු සරණයි..:)

    ඔබටත් නගෝ බුදු සරණයි කියා පතා
    අද දින මෙලෙස පතමින් අප වෙන් වෙනවා
    හෙටයි කියා දිනයක් යලි එලබෙනවා
    එදිනට යලිත් මුන ගැසෙමුකො මෙහිම නගා
     
    Last edited:

    thanujaka

    Well-known member
  • දවල් වරුවේ ඇලට් එකක් දමනු කියා
    ඇඳට පැන්න ගමන් හොඳට නින්ද ගියා
    එකොලහයි තිහයි කියලා දැන් දැකපු නියා
    නින්දට යමි මේ පදයත් ලියා තියා

    good night machan....c ya later.........!!!! ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තනි නොවන්න කිසිදා මට ඉඩ අතුරා
    සිටියා නිබඳ gold leaf එක මා මිතුරා
    ඔනි නැතත් කිසිදා මට මත් වතුරා
    ඉන්නෙමි රජෙක් මෙන් මම අදා දුම් පතුරා :):):)



    වැස්ස නැතත් ඩිඅමොන්ඩ් නම් හරිම අගේ
    පරන වෙන්නෙ නෙහැනෙ ඔක wine වගේ
    හිමින් සැරේ පාවෙනවා වාගෙ ගඟේ
    වදුනොතින් ඔක ඔලුවට අද තොගේ



    බූල් බූල් බලළා හොඳ සුරතලෙකී
    මීයන් ඇල්ලීම බලළාගෙ සිරිතකී
    ගෙදර සිටින මීයන් මූ හොඳට දකී
    බලළා වටේ කැරකීම මීයන්ගෙ වරදකී :rofl:
    ado uba fatta kaviyekne :cool:
     
    • Like
    Reactions: twisted

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුරුදු ලෙසට උදෑසනම අවදි වෙලා
    කවි නූලේ ඇති කවි පෙල කි‍යවාලා
    කවි කරුවන් කවුරුත් නැති බව දැකලා
    මම ‍යනවා සුභ උදෑසනක් පතලා
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍ය ඊ‍යෙ කවි ලිව්වට තරඟ‍යට
    අදනම් කවුරුවත් නෑ කවි ලි‍යන්නට
    ත්‍රෙඩ් එක ‍යලිත් වේලෙන බව දකිනකොට
    සිතෙ‍යි මේක නැවතත් ‍ය‍යිදැ‍යි ‍යටට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ado uba fatta kaviyekne :cool:

    මාත් ඉතින් එදා ඉඳන් කවි ලිව්වා
    ඊයෙ ආයි කලකට පසු පද මැව්වා
    කියන තරම් ලස්සන නැතුවට එව්වා
    ඔන්න මචන් උම්බටත් thank you කිව්වා :):):)

    btw, how do you write umba..I'm having a hard time figuring it out..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදත් ආවෙ කවි මඩුවට බලන්නට
    ඉන්නෙ කවුද කියලා කවි කියන්නට
    අදනං කවියො නැති පාටයි පෙනෙන්නට
    මේක දැකල වත් ඒවිද බලමු මෙහාට
    මම එනකොට උඹ ඇවිල්ල නෑ හිටි‍යේ
    ඒක‍යි මමත් මෙතනින් පිට වෙලා ගි‍යේ
    දැන් මම ඇවිත් බැලුවම කවුරුත් නෑනේ
    අදත් හැරිල ‍යන්නටම‍යි සිදුවන්නේ
     
    • Like
    Reactions: rcccc

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    ආව ඔන්න මම කවි පද බදින්නට
    මෙහි ඉන්නේ කවුරුන්දැයි බලන්නට
    එත් අනේ කවුරුත් නැහැ පෙනෙන්නට
    එන්න කවුරුහරි මෙහි කවි කියන්නට
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    අනේ අපේ කවි පිටුවේ කවුරුත් නෑ
    හරිම කම්මැලි අදනං ජොලියක් නෑ
    මක් වෙලාද කවි පිටුවට දන්නේ නෑ
    කිවියන් අහෝ කවිකම් අතැරද දන්නෑ