.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex සෝ උබත් බැදල හෙම නැද්ද ..... බොලං
    තනිකඩ ජිවිතේ නැත සොදන්ට...........වලං
    බැන්ද එඋන් ඉන්නවනම් මෙතන ........බලං
    ඉන්නා හැටි පෙනේ යන හැටි නැතුව .... හුලං
    මම නම් තවම බඳින්න හිතලාම...........නැත
    ඕවා කරන්නට තව මට කලක්.............ඇත
    තරුණ ජීවිතේ ආතල් එමට................ඇත
    බැන්දොත් ඉතින් ආතල් කුඩු වෙලා........ඇත
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වෙමි කුමක් වන්නෙද බලනට විමසා
    දුටුවෙමි රැලක් ලියනා කවි පද සකසා
    නිරුදක කතරේ කවියෙන් මහ වැසි වස්සා
    වා කිවි රජිදු මම වෙමි දිය රකුසා

    :cool:
     
    Last edited:
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    අකාලයේ මල් පරවීලා.... පලයන්
    අවාරයේ මහා වැසි නම් ඇද ........ වැටියන්
    විමානයේ නයි පොළගුන්ගෙන්....... පිරියන්
    ගාසෝ උබට පාට හතෙන් බඩ......... පලයන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අකාලයේ මල් පරවී යන්න........... එපා
    අවාරයේ මහා වැසි නම් හැලෙනු.. ....එපා
    විමානයේ නයි පොළගුන් ඉන්න...... එපා
    බන්චි පුතේ මෙහි ඇවිදින් රෙන්න.... එපා :P:P:P

    බන්චි පුතා;14456178 said:
    අකාලයේ මල් පරවීලා.... පලයන්
    අවාරයේ මහා වැසි නම් ඇද ........ වැටියන්
    විමානයේ නයි පොළගුන්ගෙන්....... පිරියන්
    ගාසෝ උබට පාට හතෙන් බඩ......... පලයන්
    මුදුනා වෙන්න මුන් දෙන්නා...........දඟලනවා
    මේවට අනික් උන් *කෙනුත්.......හිනැහෙනවා
    මම නම් හැකි පරිදි කවි පද...........ගලපනවා
    ගේමක් සෙට් වුනොත් නිසි පිලිතුරු.....දෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලටම මෙන්ම අකලටත් මල් පරවෙනවා
    වරටම මෙන්ම අවරෙත් වැසි ඇද වැටෙනා
    ගුලේ මෙන්ම විමනෙත් නයි වැජඹෙනවා
    සාප නොකරන් මේ ලෝකය කැරකෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලකට පසුව මා යලි එලකිරි එනවා
    චා පෝස්ට් අතරම මේ නූලද දිස්වෙනවා
    කවි සිත මගේ මට නොදැනිම නැගඑනවා
    කවි කියන්න සැමගෙන් අවසර ඉල්ලනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලටම මෙන්ම අකලටත් මල් පරවෙනවා
    වරටම මෙන්ම අවරෙත් වැසි ඇද වැටෙනා
    ගුලේ මෙන්ම විමනෙත් නයි වැජඹෙනවා
    සාප නොකරන් මේ ලෝකය කැරකෙනවා
    ඇත්ත‍යි කි‍යපු දේවල් මම.........පවසනවා
    සාප කිරීමෙන් වෛර‍ය..........වැඩිවෙනවා
    මෛති‍යෙන් වෛර‍ය නම්.....නැති වෙනවා
    වෛර‍ය,සාප කුමටද අපි.........මි‍ය ‍යනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආවෙමි කුමක් වන්නෙද බලනට විමසා
    දුටුවෙමි රැලක් ලියනා කවි පද සකසා
    නිරුදක කතරේ කවියෙන් මහ වැසි වස්සා
    අවා කිවි රජිදු මම වෙමි දිය රකුසා
    :cool:

    බන්චි පුතේ මේ බලපන් මේ...... .....දියරකුසා
    වෙන්න හිතන් ආවලු උ මෙහි ............සමතා
    බැරි උන තවම සොයා ගන්ට සත්තු...... කතා
    අවද මෙතැන රජ වෙන්නට වල් .........බලලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලකට පසුව මා යලි එලකිරි එනවා
    චා පෝස්ට් අතරම මේ නූලද දිස්වෙනවා
    කවි සිත මගේ මට නොදැනිම නැගඑනවා
    කවි කියන්න සැමගෙන් අවසර ඉල්ලනවා
    කවි ලි‍යන්න අවසර‍යක්...........ඕන නැත
    මෙහි දොරටුව හැමවිට........විවරවම ඇත
    ලි‍යමු කවි ටිකක් ‍යොමලා........ඔබේ සිත
    දැනේවි ඔබහට ඉබේම...........බමන මත
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත‍යි කි‍යපු දේවල් මම.........පවසනවා
    සාප කිරීමෙන් වෛර‍ය..........වැඩිවෙනවා
    මෛති‍යෙන් වෛර‍ය නම්.....නැති වෙනවා
    වෛර‍ය,සාප කුමටද අපි.........මි‍ය ‍යනවා



    ඔබ වැනි අය අද අප අගයනවා
    සත්තයි ඒ බව මම දිවුරනවා
    හොද අයගේ අගය අද වැටහෙනවා
    නරක දැක දැක අද වැලපෙනවා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    බන්චි පුතා ටිකකට එලියට යනවා
    ආපු ගමන් කවි මඩුවට සෙට් වෙනවා
    නූල වටේ හෙන ගේමක් set වෙනවා
    තව ටිකකින් ගේමට enter වෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවි ලි‍යන්න අවසර‍යක්...........ඕන නැත
    මෙහි දොරටුව හැමවිට........විවරවම ඇත
    ලි‍යමු කවි ටිකක් ‍යොමලා........ඔබේ සිත
    දැනේවි ඔබහට ඉබේම...........බමන මත

    නොබොනා මට වෙන මොන ........... බමන මත?
    එකසිත නැති මට මොන ...........කවි සිතද? :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවි ලි‍යන්න අවසර‍යක්...........ඕන නැත
    මෙහි දොරටුව හැමවිට........විවරවම ඇත
    ලි‍යමු කවි ටිකක් ‍යොමලා........ඔබේ සිත
    දැනේවි ඔබහට ඉබේම...........බමන මත

    නොබොනා මට වෙන මොන ........... බමන මතද?
    එකසිත නැති මට මොන ...........කවි සිතද? :P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ වැනි අය අද අප අගයනවා
    සත්තයි ඒ බව මම දිවුරනවා
    හොද අයගේ අගය අද වැටහෙනවා
    නරක දැක දැක අද වැලපෙනවා
    අද වන විට මේ ලෝක‍යෙ...........බහුතර‍යක්
    දකින්නෙ නැත අන් අ‍යගේ තිබෙන.....හොඳක්
    එහෙම වුනත් දුටුවොත් හෙම පොඩි.......වරදක්
    පවස‍යි දුටුව ලෙස අන් සතු මහ...........වරදක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බන්චි පුතා;14456263 said:
    බන්චි පුතා ටිකකට එලියට යනවා
    ආපු ගමන් කවි මඩුවට සෙට් වෙනවා
    නූල වටේ හෙන ගේමක් set වෙනවා
    තව ටිකකින් ගේමට enter වෙනවා


    හිච්චි බන්චි කොල්ලන් EK .................රන් කරන්නේ.....
    ගේමට හැමෝගෙන්ම ................ගේමත් ඉල්ලන්නේ
    අපිත් එක්ක හැප්පෙන්නට................ සිහින දකින්නේ
    චූ කරලා වර ගේමට අපි ............... බලමින් ඉන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14456263 said:
    බන්චි පුතා ටිකකට එලියට යනවා
    ආපු ගමන් කවි මඩුවට සෙට් වෙනවා
    නූල වටේ හෙන ගේමක් set වෙනවා
    තව ටිකකින් ගේමට enter වෙනවා
    එල එල ගොසින් ‍යලි ගේමට............සෙට් වී‍යන්
    ඇවිදින් තරඟ‍යට කවිපද...................ගලපාපන්
    මේ ලෙස දිගින් දිගටම මෙ‍ය..........ඇදගෙන ‍යන්
    එතකොට තවත් එ‍යි ගේමට............එලකිරි‍යෙන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොබොනා මට වෙන මොන ........... බමන මතද?
    එකසිත නැති මට මොන ...........කවි සිතද? :P:P
    එකසිත නොමැති මුත් කවි පද............ගලපන්න
    හැකි බව පෙනේ බොරු නම් නොම......පවසන්න
    ඔබගේ කවි බල‍ය මේ තුල................පතුරන්න
    ඇති ඒ චාන්ස් එක දැන් ඔබ.............ලැබගන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලූලා නැති වලට කනයා පණ්ඩිතයා ...............ලූ
    මෙය කී එකා ගේ කට කෑවත් මදි ...............ලූ
    බන්චියා නැති ටිකට අපි හොද කවියෝ...............ලූ..
    එය කී එකාගේ කටට මසුරන් දැම්මත් මදි...............ලූ..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතේ මේ බලපන් මේ...... .....දියරකුසා
    වෙන්න හිතන් ආවලු උ මෙහි ............සමතා
    බැරි උන තවම සොයා ගන්ට සත්තු...... කතා
    අවද මෙතැන රජ වෙන්නට වල් .........බලලා

    වැලි කෙලි යෙදෙන කොලුවන් කරනා දගය
    දැක පබු දනන් නෑ වන්නේ කලබලය
    අතැති ඇඹුල ලෙස දන්නෙමි කවි රසය
    ඉල්ලනු කිමද දෙන්නෙමි ගලපා කවිය
    :cool:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    කවුරු නැතත් උබලා එල කවියෝ තමයි
    උබල නැතුව මේ නූලට සොරිම තමයි
    පද හතරෙන් එක කවියක් හැදුව තමයි
    මෙමට වඩා උබලගේ කවි හොඳම හොඳයි