විදේස් රටවල් වල ලංකාවේ එවුන්
මචංලා ඇයි බන් මේ රටවල් වලදි ලංකාවේ එවුන්ගේ (විෂේශයෙන් ඊනියා සිංහළුන්ගේ) ෂෝ එක වැඩි .උන්ගේ මූණුවල හිනාවක් වත් නැහැ .අපි නම් අපේ කියලා එකෙක් සෙට් උනාහම පුදුම සතුටකින් ගිහින් කතා කරනවා .ඒත් මේ සමහර සිංහළුන් කියන එවුන් නිකන් ඉන්නේ උන්ට අයිති රට වගේ .මම නම් දැන් ඉන්නේ මැදපෙරදික රටක .මෙහෙට අනුව ලොකල් එවුන් අංක 1 .ඊලඟට යුරෝපියන්ස් ,ඇමරිකන්ස්, ඕස්ට්‍රේලියන් වගේ දියුණුයි කියන රටවල එවුන් .උන්ට පස්සේ අනෙක් අරබි රටවල් වල එවුන් (ලෙබනන් ,ඊජිප්ට්) ඊට පස්සේ අන්තිම ලෙවල් එකේ තමා ආසියාවට ප්ලේස් තියෙන්නේ .ආසියාවෙනුත් දකුණු ආසියාව ඉන්නේ පල්ලෙහාම ලෙවල් එකේ .එකෙන් පාකිස්ථාන් එවුන්ට පිළිගැනීමක් තියෙනවා .ඊලඟට ඉන්දියන් එවුන් .අපේ රටෙන් එන් උන්ට නේපාල් ,බංගාලින්ට වැඩිය විතරයි පිළිගැනීම තියෙන්නේ .කවුරුත් නොකීවට යථාර්තය ඕක .හැබැයි අපේ කමට අපි අපේ රටෙන් එන උන් එක්ක කතාකරාහම හිනා උනාහම මුන්ගේ හෙන ලයින් .යකෝ ලෝකල් එවුන්ගෙවත් නැහැ එච්චර ලයින් .උන් සිරාම පොරවල් .
උඹලාගේ අත්දැකීම් කොහොමද ?? රට ඉන්න එවුන් ,ගිය එවුන් ඉන්නවානම් කියපල්ලා .
සමහරක් විට මම වැරදි වෙන්න පුළුවන් .ඒත් මම මේක කිව්වේ එක අත්දැකීමක් මත නෙමේ .අත්දැකීම් ගණනාවක් මත
උඹලාගේ අත්දැකීම් කොහොමද ?? රට ඉන්න එවුන් ,ගිය එවුන් ඉන්නවානම් කියපල්ලා .
සමහරක් විට මම වැරදි වෙන්න පුළුවන් .ඒත් මම මේක කිව්වේ එක අත්දැකීමක් මත නෙමේ .අත්දැකීම් ගණනාවක් මත




