එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • සිරසේ යන කතාවක් වගේ.....:(:(

    ඔයාගේ පැස්ටා ඒක ෆට්ට ආ....කියන්න හිටියේ...සිරාවට ඔයාමද හැදුවේ....:eek::eek: ඔයා නෙමේ නේද?

    මන් අද චොකලට් හැදුවා...හෝම් මේඩ් චොකලට්.....:dull: ලුණු වැඩි උනා....:( එත් හැදුවා ආ.....:rofl:...කට්ටිය චොකලට් ගෙනත් මට නොදී කෑවා මට මතකයි....:dull: ඔව් මට මතකයි.

    මෙහ්.....මගේ චොකලට්....මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ....:dull:
    rN7b7Pz.jpg



    ඔව් මම මයි හැදුවේ ඒක..
    අඩේ කෝ ඕකේ රෙසිපි එක..​
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ග්‍රිල් සැන්විච්

    ඔන්න අද රෑට කන්න ග්‍රිල් සැන්විච් එකක් හැදුව... ඔන්න කට්ටියටම හදාගෙන කන්න රෙසිපිය දානව.. මේක ඒ තරම් ඇඩ්වාන්ස් වැඩක් නෙවෙයි.. සිම්පල් කෑමක්...

    අවශ්‍ය ද්‍රව්‍ය

    පෙති කපාපු පාන් අවශ්‍ය තරමට..
    චීස් ස්ලයිසස් අවශ්‍ය තරමට..
    මයෝනිස් සෝස් ටිකක්..
    රටලූණු ලොකු ගෙඩියක් ..
    තක්කාලි ලොකු ගෙඩියක් ..
    සලාද කොළ ..
    අවශ්‍යනම් හැම් හෝ බේකන් (මම වෙජි නිසා අවශ්‍ය නොවේ)..
    අවශ්‍යනම් තුනියට දාගත්තු බිත්තර ඔම්ලට් අවශ්‍ය තරමට..
    නොන්ස්ටික් පෑන් එකක් (කොත්තු තැටියක් උනත් කමක් නැහැ )

    රටලූණු සහ තක්කාලි ගන්නකොට පුළුවන් තරම් ලොකු එව්වයින් ගන්න... මස් බිත්තර කන්නේ නැති කෙනෙක්නම් පිපිඥ්ඥ පෙති කීපයකුත් එකතුකරගනීම වරදක් නැහැ.
    තක්කාලි , රටලූණු , පිපිඥ්ඥ පෙති කපාගන්න.. හැම් , බේකන් දානවනම් ඒවා වෙනම රත් කරලා හදාගන්න.. බිත්තර දානවනම් තුනියට ඔම්ලට් දාගන්න.. දැන් තියෙන්නේ සැන්ඩ්විච් එක හදන්නයි..

    IMG_20150813_182526_zpsplr5k4z8.jpg



    ඉස්සෙල්ලම පාන් පෙති දෙකක් අරගෙන පාන් පෙත්තේ එක පැත්තක මයෝනිස් ගාගන්න බටර් ගානවා වගේ..

    IMG_20150813_182654_zpsljznwrhv.jpg


    නොන්ස්ටික් පෑන් එක හෝ කොත්තු තැටිය අඩු ගින්දරක රත් කරලා පාන් පෙති දෙක මයෝනිස් පැත්ත යටට හිටින්න පෑන් එකේ තියන්න..

    IMG_20150813_182744_zpsbkldswgw.jpg


    ඒ තියපු ගමන් චීස් ස්ලයිස් එක පාන් පෙත්තක් උඩින් තියන්න.. මගේ පාන් වර්ගය ටිකක් පළල පෙති නිසා චීස් පෙති එකහමාරක් ඕන උනා පාන් පෙත්ත වහන්න..

    IMG_20150813_182941_zps8vqtebos.jpg


    අවදානයෙන් ඉන්න .. පාන් පෙත්ත යටින් තෙල් බුබුළු දාගෙන පාන් පෙත්ත රෝස් වෙද්දී පිහියක් හරි හැන්දක් හරි ආධාරයෙන් පාන් පෙත්ත පැත්තෙන් උස්සල බලන්න අපිට ඕන තරමට ග්‍රිල් වෙලාද කියල.. ඒ ඕන තරම බලාගන්න මේ සැන්ඩ්විච් එක හදල ඉවර උනාම තියන පින්තුරේ බලල.. ඒ පින්තුරේ තියන පාටට ගන්න බලන්න.. ඕනවට වඩා කළු වෙන්න දෙන්න එපා..

    පෙති දෙක අපිට ඕන ප්‍රමාණයට ග්‍රිල් උනාම පෙති දෙකම ගන්න පරෙස්සමෙන් චීස් පෙත්ත හැලෙන්නේ නැති වෙන්න කටින් බෝර්ඩ් එක උඩට..ග්‍රිල් වෙච්ච පැත්ත යටට හිටින්න තියාගන්න..

    IMG_20150813_184247_zpstb40jord.jpg


    දැන් තියෙන්නේ අපිට සැන්ඩ්විච් එකට මැදට දාන්න ලැස්ති කරගත්තු දේවල් එකින් එක පිළිවෙලට සැන්ඩ්විච් එක මැදට ලේයර් විදිහට තියාගන්න එකයි..එක ජාතියකින් එක ලේයර් එකයි ..පළමුව රටලූණු පෙති, දෙවනුව තක්කාලි පෙති.. හොඳින් මතක තියාගන්න පාවිච්චි කරපු චීස් වර්ගය ලුණු රහිත එකක්නම් තක්කාලි පෙත්ත උඩට හීනියට ලුණු කුඩු ටිකක් ඉහගන්න..ඊළඟට සලාද කොලය.. ඊළඟට හැම , බේකන්, බිත්තර (දානවනම් )... ඊළඟට අනික් පාන් පෙත්ත අරන් ග්‍රිල් වෙච්ච පැත්ත උඩට හිටින්න තියල අතින් තද කරලා හරහට පිහියෙන් කපන්න... මම පාවිච්චි කරපු පාන් පෙත්ත පළල එකක් නිසා මම දෙකට මැදින් කැපුවත් ලංකාවේ තියන හරි හතරැස් පාන් පාවිච්චි කරනවානම් ත්‍රිකෝණ ආකාරයට මුල්ලෙන් මුල්ලට කපාගන්න..

    මෙන්න හැදුවයින් පස්සේ.. මේක තියල කන්න බැහැ .. එවෙලේම කන්න ඕන ක්‍රිස්පි ගතියට තියෙන්නනම්.. මම මේකට වග කිව්වේ pineapple banana juice එකක් එක්ක..

    IMG_20150813_185848%201_zpsqsyellbt.jpg


    IMG_20150813_185914_zpszzz47s0e.jpg


    IMG_20150813_185951_zpshfs3dpnx.jpg


    මටනම් මේකෙන් කන්න පුළුවන් උනේ පාන් පෙති තුනක ප්‍රමාණයක් විතරයි...අනික්වා ෆ්‍රිජ් එකේ .. පසුව කන්න නම් අවන් එකේ දාල අරන් කන්න ඕන.. එත් එවෙලේ කන තරම් ගතියක් නැත..
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ග්‍රිල් සැන්විච්


    IMG_20150813_185951_zpshfs3dpnx.jpg


    මටනම් මේකෙන් කන්න පුළුවන් උනේ පාන් පෙති තුනක ප්‍රමාණයක් විතරයි...අනික්වා ෆ්‍රිජ් එකේ .. පසුව කන්න නම් අවන් එකේ දාල අරන් කන්න ඕන.. එත් එවෙලේ කන තරම් ගතියක් නැත..

    බඩගිනියෝ බඩගිනියෝ බඩගිනියෝ බඩගිනියෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නැගල යනව වගේ....
    සෑහෙන්න රෙසිපි තිබේ.......
    ඊයේ කලින් ගෙදර ගිහින් බටර් වෙජිටබල් බ්‍රොත් සුප් එකක්, බේක් කරන ලද චිකන් ටිකක් හැදුවා...පොඩි උන් දෙන්නට පොඩියට හීනියට ෆ්‍රයිඩ් රයිස් එකකුත් එක්ක....
    බට්....
    නෝ පින්තූර........:(
    පොඩි උන් දෙන්න වට වෙලා හිටිය නිසා උන්ට හදන හැටි කිය කිය වැඩේ කොලා මිසක් ෆොටෝ ගහන්න මතක නැති වුනා හොට්ටනි!
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වැඩේ නැගල යනව වගේ....
    සෑහෙන්න රෙසිපි තිබේ.......
    ඊයේ කලින් ගෙදර ගිහින් බටර් වෙජිටබල් බ්‍රොත් සුප් එකක්, බේක් කරන ලද චිකන් ටිකක් හැදුවා...පොඩි උන් දෙන්නට පොඩියට හීනියට ෆ්‍රයිඩ් රයිස් එකකුත් එක්ක....
    බට්....
    නෝ පින්තූර........:(
    පොඩි උන් දෙන්න වට වෙලා හිටිය නිසා උන්ට හදන හැටි කිය කිය වැඩේ කොලා මිසක් ෆොටෝ ගහන්න මතක නැති වුනා හොට්ටනි!

    කිමද බේක් චිකන් එක හදන හැටි නොදැම්මේ :(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:gal gilapan
    පල කසිප්පුවා......:growl:
    වැඩේ නැගල යනව වගේ....
    සෑහෙන්න රෙසිපි තිබේ.......
    ඊයේ කලින් ගෙදර ගිහින් බටර් වෙජිටබල් බ්‍රොත් සුප් එකක්, බේක් කරන ලද චිකන් ටිකක් හැදුවා...පොඩි උන් දෙන්නට පොඩියට හීනියට ෆ්‍රයිඩ් රයිස් එකකුත් එක්ක....
    බට්....
    නෝ පින්තූර........:(
    පොඩි උන් දෙන්න වට වෙලා හිටිය නිසා උන්ට හදන හැටි කිය කිය වැඩේ කොලා මිසක් ෆොටෝ ගහන්න මතක නැති වුනා හොට්ටනි!
    හා.....:baffled:


    Moderator මහතාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමකි.......:oo:

    මේකේ වැටෙන රෙසිපි වල post count වලට අදාල ලින්කුව සතියකට වරක් පලවෙනි post එකට update කරන්න බැරිද.........:)